Wednesday, August 27, 2014

විහිලුව සහ හිංසනය

බෙහෝම අවිවේකී මාසයක් මේක. ලැබුණු ඉඩ කඩකින් බ්ලොග් කියවන කොට දැක්ක මාතලන්ගේ පෝස්ටුවක්. වාරියපොළ සෙල්වා කියල. ඕං ඒකට කොමෙන්ටුවක් දානකොට මට තේරුනා කොමෙන්ටුව දිග වැඩි වේගන එනවා කියල. ඔන්න ඉතින් හති නොබලා මේ පෝස්ටුව අන්තර්ජාල ගත කලා. කාලයක් තිස්සෙ මේ මාතෘකාව කතා කරන්න හිතේ තිබුණට අවස්ථාවක් වෙලාවක් ලැබුනෙ නෑ නෙව.



විහිලු තහලු වලට තියෙන්නෙ ඉතා දීර්ග ඉතිහාසයක්.  කොටින්ම කියතොත් කවට කම් වලට අපේ අතීතයේ රාජ්‍ය අනුග්‍රහයත් ලැබිල තියෙනවා. ඒ විතරක්ද රජ වාසල කවටයා කියල බොහොම ගරු සරු තණතුරු පවා තිබුන නෙව.



            ඉතින් විහුලුව නැත්නම් කවට කම් එක්ක නිතැතින්ම බැඳිච්ච දෙයක් තමා නාරි ලාලිත්‍යය කියන්නෙ. සුද්ද සිංහලෙන් කියනව නම්, අතීතයේ සිටම කවට කම් එක්ක ගෑණු උදවියත් සම්බන්ධ වෙලා තිබුනනේ.

            කට කැඩි කලයයි ගෙනෙන්නේ...
            වැරහැලි රෙද්දයි අඳින්නේ....
            කොයිබද උදයම දුවන්නෙ.....
            රොඩීකෙල්ල වාගේ..

මෙහෙම කීවෙ රූකාන්ත නේ. අන්දරේ කීවෙ මෙහෙම..

            කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන
            ලොට තන් දෙකක් ගෙරි සමකින් වසා ගෙන
            තඹත් ලෝකඩත් දෙවගේ පැලඳගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන

එහෙමයි කියල ඉතින් කාන්තාවන් කියන්නෙ විහුලුවට ලක්වන දෙයක් කියල වැරදි අර්ථ කතන දෙන්ට උවමනා නෑ.

            ඉතින් මෙහෙම විහිලු තහලු කරද්දි දුක් වුණ කේන්ති ගිය ගෑණු උදවිය ඒ කාලෙත් හිටිය නොවැ.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

රජ බිසවට මේහෙම කරවිල වැල කීව කියල බිසව හොඳටෝම ඇඬුවලු.  හැබැයි ඉතින් මේ කවිය කියපු අන්දරේට බිසවුන් දැ අත උස්සන්න ගියේ නෑ. රජතුමාට කියල ආයෙ සැනසිලි කවියක් අන්දරේගෙ කටින් කියව ගත්තලු.

කොහොඹ හොඳ දේට වෙදවරු         ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන           උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති            බණින්නා
මම්වද වරදකරු අහකින්                 සිටින්නා

            රාජ ඌශ්නෙ තියෙන බිසවුන්දැලටත් විහිලු තහලු කෙරුව නම්, අනේ අපේ වාරියපොළ නංගිට මොන ඌශ්නෙද කියලත් කෙනෙකුට හිතෙන්ට පිලිවන්. රජ බිසවුන්ට විතරක් යැ,  අල වර්ගයක් උගුල්ලපු ගමේ ගොඩේ ගැටිස්සියන්ටත් විහිලු කොලා නෙව.

පතුල ගසා අල උගුලන කලට ලියේ
මකුල සේම වත සුලඟට යාය ලියේ
මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

තමන්ගෙම බිරින්දැටත් උන්දැ මෙහෙම කියල තියෙනව නෙව

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලීමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

උන්දැට වස් වැදෙයි හිතල ආයෙ මෙහෙමත් කීවලු

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලීමි  හෙරළිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොළු  වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා


(උපුටා ගැනීම දිවයින - එච් ජිනදාස http://www.divaina.com/2014/03/05/badada03.html)

            අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
            පැංචාවියක් දිය කෙලිනා සැටි දුටිමී
            පිපුනු මලක් නම් තලලා මිස නොයමී
            කැකුලු මල නිසා නොතලා යන්ට යමී

මේ විදියට විහිලු කරාපු එකට කෙල්ල දුන්නු උත්තරේ මෙහෙමයිලු.
           
            වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
            නිරන්තරේ හිමි වුයෙ දුකමය අපට
            පිපුනු මලක් නම් නොදෙනෙමි තලන්නට
            කැකුලු මල නිසා තලපන් පිපෙන්නට

අද කාන්තා හිංසනය ගැන ගොඩක් අය කතා කරනවා. අද කාලෙ බැඳපු ගෑනියෙකුටවත් පාරෙ බැහැල යන්න බැහැලු. ඇයි අද විතරද මේ එදා..

            අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
            වසා ගෙන දෙතන අතකින් කිමද නගෝ
            සැමියා නැති ගමන් තනි මග කිමද නගෝ
            අම්බලමේ ටිකක් නැවතී යමුද නගෝ

කෙල්ලත් ඇරියෙ නෑ

            අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
            වසා ගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
            බාල මස්සිනා පස්සෙන් එන හන්දා
            යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා




අපේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් ගැහැණු අඟ පසඟ වැණුව නෙව. (වැණුව කීවෙ වර්ණනා කොලා කියන එකට ඈ.)

            සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටින
            නිසි පුළුලු කුල රිය සක යුරු තිසර තන
            දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
            ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

මෙව්ව කටපාඩම් කොරාගෙන විභාග වලත් ලියනව. කෝ බොල එකෙක් වත් රාහුල හාමුදුරුවන්ට බැන්නද? අද මේ කවිය බස්ටෑන්ඩ් එකක කොලුකුරුට්ටෙක් හයියෙන් පාඩම් කරමින් හිටියොත් මොකක් වෙයිද? (වාරියපොළ සිටෑන්ඩ් එක නෙමෙයි ඕං ඈ.)

            වෙසඟන තුඟු තන යුග රොන් කොකුමගර
            පිස එන මද පවන් හැද විල් ලිහිණි සර
            ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැග සිටු උදාහිර

වෙසඟනන් නොහොත් වෛශ්‍යාවන් ගැනත් කියල තියෙන්නෙ ඔය. දැන් උදේ පාන්දරක පාරෙ කෙල්ලෙක් යන වෙලාවක කොල්ලෙක් මේ කවිය පාඩම් කර කර හිටියොත්??

සපුමල් යොහොඹු ලා බැඳ වරල මනහර
පැහැදුල් දොඹ කැකුලළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කනලා කඩොල් රඟ
දහවල් උයන් කෙළි කෙලැ සළෙලුන් සමග

ඉතින් මේ වගේ කාන්තා අඟ පසඟ විහිලුවට වගේම වර්ණනාවට ලක්කළ අවස්ථා එමටයි. ඒ කාලේ කාන්තාවන් වෙන මොක නැතත් ලෝක ස්වභාවය දැනගෙන උන්න. උන් පිරිමි හදන්න වත් පිරිමි එක්ක පැටලෙන්නවත් ගියේ නෑ මෙව්වට. (මෙතන පිරිමි කීවෙ සමස්ත පිරිමි සමාජයයි.)

හැබැයි එදාට වඩා අද මේ විහිලුවල වෙනසක් තියෙනවා. ඒවගේම අද ගෑණුන්ගේ ඇඳුමෙ පැලඳුමෙත් විශාල වෙනසක් තියෙනවා. අද ගෑණු අඳින්නෙ රාගය රතිය ඇවිස්සෙන විලාසිතා. එහෙමයි කියල එහෙන් මෙහෙන් අතපතගාන විහිලු තහලු අනුමත කරන්න බෑ. ඒත් ඉතින් රට වටකර වැට බැන්දත් කට වටකර බඳින්ට පුලුවනෑ වැට?



            ගෙදර වත්තෙ තියෙන ගස් කැපුවම ලිඳත් හිඳිල පෑවිල්ලට රස්නෙ ඉන්න බෑ කියල අහසට බැනල වැඩක් තියෙනවයැ. ආන් ඒවගේ ලෝකෙ තියෙනවා ස්වභාවයක්. ඒක අපට නීති දාල වලක්වන්න බැ. නාරි දේහ ලාලිත්‍යයට පිරිමින්ගෙ රාගය ඇවිස්සෙන එක ලෝක ස්වභාවය. (ඒකෙ අනිත් පැත්තත් එහෙම්මමයි.) ඒ බව දැනගෙන තමුන්ගෙ වහගන්න ඕන මොනවද කියල තමුන්ලම තීරණය කරනව හොඳයි. ඔය සමහර ඇඳුම් නිර්මාණ ශිලිපියො වගෙම සමහර ගෑණු උදවියත් විලාසිතා කියල හිතන් ඉන්නෙ තමුන්නෙ ඇඟේ හැඩය පෙන්නන එකනේ. ඉතින් ඔය නාරි දේහයේ වක් වෙච්ච, උල් වෙච්ච, ඉලිප්පිච්ච, නැමිච්ච හැඩ තල බලල රාගය අවුස්ස ගන්නෙ නැතිව අනිත්‍යය මෙනෙහි කරන්න කියලද පිරිමින්ට කියන්නෙ.

            භාහිර බලපෑම් වලින් සිදුවන කාන්තා හිංසනය පිටු දකින්න නම් කාන්තාවො මුල් වෙලා පලමුවෙන්ම මේ ගැන තමතමුන්ට තේරුම් බේරුම් කරගන්න ඕන. මොකද මේ කාන්තා හිංසන වලට උත්ප්‍රේරක සපයන්නෙ කාන්තාවොම නිසා. (මේක කියවන දකින අන්තවාදියෙකුට මැදුම් පිලිවෙත හොයා ගන්න බැරිව, ඕකනේ අපි කියන්නෙ ගෑණු උදවිය මූන වැහෙන බුර්කාවෙන් සහ දෙපතුල දක්වා වැහෙන ඇඳුමෙන් වහල තියන්න ඕන කියල, කෑ ගහන්න පුලුවන්. ඒ උන්දැලට කියන්න තියෙන්නෙ ගැහැණු කියන්නෙ හිසේ ඉඳන් දෙපතුල දක්වා පෙරවල තම්බ තම්බ තියන්න ඕන දෙයක් නෙවි, ස්වභාව සෞන්දර්‍යය විඳින ගමන් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන දෙයක් කියලයි.)

            බුදු හාමුදුරුවොත් මෙහෙණි සස්න පිහිටුවෙ මෙහෙණින් වහන්සේලාට කොච්චර පොරොන්දු නීති රීති දාලද. අද බලන්න ඔය කාන්තා හිංසනය ගැන දොඩවන ගැහැණු උදවිය පන්සලට යන්නෙ කොහොමද කියල. ඔව් ගොඩක් අය අද පන්සල් යන්නෙ සුදු පාටින් දෙදණ වැහෙන්න දෙඋර වැහෙන්න ඇඳල. හප්පේ පිං පාට. ඒත් ඒ උදවියම පාරෙ යද්දි යන්නෙ කොහොමද? කොටට හිරට පලල, ඇඟේ තියෙන හැඩතල විතරක් නෙමේ, සමහර අඟ පසඟත් පෙන්නගෙන. ඉතින් මේ අය විශ්වාස කරනවද පන්සලේ ඉන්න බණ භාවනා කෙසේ වෙතත් හිත යම් තරමකට සන්සුන් කර ගත්ත හාමුදුරුවන්ට වඩා පාරෙ තොටේ බස් ස්ටෑන්ඩ් වල ඉන්න කොල්ලො හිත දමනය කරගත්තු රහතුන් කියල. (සෝවාන් උත්තමයන්ටත් කාම රාගී සිතුවිලි, බැඳිම් තියෙනවලු.)

            2012 මව්බිමට ලිපියක් ලියන වාසනා සුරංගිකා විතානගේ මෙහෙම කියනව..
අපි දැනගන්න ඕන මල අපේ නම්, අපිට වටිනවා නම් පරිස්සම් කරගන්න. කොයි ලෝකෙන් හරි පියඹගෙන ඇවිල්ලා රෝස මලේ පැණි ටික උරාගෙන ගිහින් වද බැඳගන්න මී මැස්සට සල්ලාලයා, වනචරයා කියලා බනින එක වැරැදියි. සුවඳ හැමුවේ නැතුව පාඩුවේ කඩදාසි මලක් වගේ හිටියා නම් බඹරුන්ට සල්ලාලයෝ නොවී ඉන්න තිබුණා. ස්ත්‍රියක් හරියට මලක් වගේ. ඕනවට වඩා සුවඳ හමන්න ගත්තොත් බඹරු එන්න ඉඩ තියෙනවා.
සමහරුන්ට කාන්තාව කියන්නේ වීදුරු බඩුවක්, තවත් සමහරුන්ට සෙල්ලම් බඩුවක්, ගොඩක් වෙලාවට මායාකාර විලාසිතා විජ්ජාව නිසා කාන්තාව රති බඩුවක් බවටත් පත්වෙලා.... මෙහෙම කියනකොටම අපිව පහු කරගෙන ගියේ යාන්තමට, වැහෙන්න ඕනම ටික විතරක් වහගෙන කකුල් දෙකේ හැම රෝම කූපයකටම අවට සිරි නරඹන්න නිදහස දුන්න උසම උස යුවතියක්. මොකට කියනවාද අපේ එහාපැත්තේ අසුන්ගෙන හිටපු වයසක සීයා ගේ අඩවන් දෑසුත් විදුලි කෙටුවා වගේ වේගයෙන් මහත් වෙනවා අපි දැක්කා.

ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලානේ ගොඩේ සිංහලෙන්. ඒ කෙල්ල විලාසිතා විජ්ජාවෙන් අහිංසක කොල්ලෝ රංචුවක්ම පිටිපස්සෙන් ගෙන්නව ගත්තා. අඳුන ගන්නවත් බැරි තරම් ලස්සනට හදලා තියෙන කිරිඟරුඩ ප්‍රතිමාවක් අතගාලා බලන්න හිතෙන එකට වඩා ප්‍රශ්නේ එහෙම නොහිතුණොත්නේ. එහෙම අතගාලා බලන්න හිතෙන තරමටම ශරීර අවයවත් ඉස්මතු කරන විලාසිතා විජ්ජාකාරයෝ අන්තිමට සේරම චෝදනා කරලා පිරිමි පාර්ශ්වයටම දමලා ගහන එක අන්තිම අසාධාරණයි. ඒක හරියට සීනි බෝතලේ ඇරලා තියලා ඒකට වැටෙන කූඹින්ට බනිනවා වගේ වැඩක්.

සම්පූර්ණ ලිපිය මෙතැනින්: http://www.mawbima.lk/56-5807-news-detail.html

            මේ ලෝකෙ කැරකෙනකම් පාරවල් වල බස්ටෑන්ඩ් වල රහතුන් විතරක් ඉඳීවි කියල විශ්වාස කරන්න එපා. අන්ධයා අනිත් අයට තමාව පේන්න ලාම්පුව අල්ලන් යනව වගේ, නංගිලා අක්කලා නැන්දලා, ඔයාලත් මනු සිත් වල තියෙන රාගය නොඇවිස්සෙන සුලු වස්ත්‍රයක් ඇඳන් යන්න. ගැහැණු සමාජයක් හැටියට පූර්වා දර්ශයක් ඔයාලගෙන්ම පටන් ගන්න. ලෝකස්වභාව තේරුම් ගත්ත නම් අනිත් යෙහෙලියන්වත් දැනුම්වත් කරන්න. ඊට පස්සෙ අපිට පුලුවන් ඔයාලගෙ එහෙන් මෙහෙන් අල්ලන අඩම් තේට්ටම් කරන මානසික රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර කරන්න. (මානසික රෝගීන්ට ලෙඩේ සනීප වෙන්න නම් ඒකට ගැලපෙන හොඳ පරිසරයක් තියෙන්න ඕන.)



            මොක වුනත් මේවෙලාවේ අපේ ඩෙස්මන් ද සිල්වා උන්නැහේ හිටයනම් මං යනව තෙලිජ්ජ කැටේකුත් ඇරන් උන්දැලාගෙ ගෙදර බයිල කියන්න. ඕං එහෙනම් අහගන්නකො ඈ...

            කන්ද වගේ කොණ්ඩෙ උඩට බඳිනවා...
            අර හට්ටි මුට්ටි කලගෙඩි වගෙ පේනවා..
            සාරිය බාගෙට ඇඟ පත පේනවා.
            කොට උඩ යනකොට මට දුක හිතෙනවා...

            රාජකීය ගමන අතේ නෑ සතේ..
            කෙල්ලො යන්නේ දැන් කාලෙ හිතුමතේ..
            ආදරයයි කරුණාවයි නෑ හිතේ..
            අවසානෙදි එල්ලෙන්නෙ ලණු පොටේ.

ප.ලි. - ඔෆිස් එකේදි මේකට පිංතූර හොයන්න ගිහින්, තව පොඩ්ඩෙන් ෂරියා නීතිය මටත් ක්‍රියාත්මක වෙනවා. ඔය පිංතූර ටික මදෑ.