Thursday, February 4, 2016

රුවන් නිදන හෙල බිමයි



නිදහස අපේ සමරණ මේ  අද දවස
ආඩම්බරයි සිරිලක පුරවැසි අපට
ජාතික ධජය ලෙලමින් හුල‍ඟේ දසත
සමරනවාලු ජයටම නිදහස් පුවත

අප ලබනා නිදහස් දින නිවාඩුව
පිට්ටනියේ පෙළපාලියෙ දිගාකර
සිටියත් කෑමොර දීගනෙ උදේසිට
වැඩ කරනා පිරිසක් ඇත නොරට ඉඳ

නිදහස ලැබුව සිරි ලංකා දීපයට
හැට අට වසරක් ගෙවුමුත් එදා සිට
පිල් බෙදිලා ගුටි ඇන ගත්තා මිසක
නිවහල් සිත් ගොඩනැගුවේ කවුරුන්ද

ජාතික ධජය ගැන ඇත ගැටලුවක් පැන
ඉතිහාසයේ වරදක් වත් සිදුවීද
ඒ වෙනුවෙන් පිරිසක් ඉදිරියට පැන
තවත් කල්ලියක් මෙහි සැදුවා වත්ද

නිදහස ලැබූ සිරිලක් මිණි මහ පොලවේ
උරුමක්කාර කම් තවමත් පටලැවිලේ
එක ධජයක් එකම රටක් ප්‍රතිරාවේ
කරුම්මක්කාර කම් නම් තව තව බිහිවේ...