මුල් පිටුවට

Saturday, October 10, 2015

පියාණනි! ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!...



දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
හතරමහ නිධානේ ලෙස සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල නමදිමි වැඳලා

කිසි කනෙකුට කිසි අඩුවක් නොකෙරූව
සැම විට කිරි පැණියෙන් ගෙය ඉතිරූව
රජෙකු වගේ ගරු සැලකුම් නිති ලැබූව
පිය රජතුමනි තුඩ තුඩ නම රැන්ඳූව

ලොව්තුරු අමා බුදු ගුණ තම සිත රන්ඳා
අවසන් සුසුම් හෙළු වත මගෙ හද බැන්ඳා
අජරාමර නිවනින් සැනසෙන හින්ඳා
දොහොත් මුදුන් දී ඔබෙ පා යුග වැන්ඳා.
                                                    

පියාණනි! ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!...