Tuesday, April 15, 2014

පිදුම

බුදුන් දහම් සඟුන් වැන්ද පළමුව මම ඹන්න
අාදර මගෙ දෙමව්පියන්ටත් වැන්දා මෙන්න
සිත නලියපු කාරණයක් කාලෙක සිට දන්න
තෙලිදිය විලසින් අාවා අත්පුඩියක් දෙන්න

අකුරු කරන සැටි අාදරයෙන් කියලා දීපූ
අකුරු වල බලෙන් ඉහලට යන මග පහදාපූ
මේ ලෝකෙට අාදරයෙන් බිහිකරලා හදපූ
දෙමාපියන් වෙත පුදනෙමි මා අැතිදැඩි කරපූ

සැමදාමත් අාදරයෙන් මා දිරිමත් කරන
සුරතල් මගෙ පුතණ්ඩියගෙ මුදු සිනාව රකින
නිරතුරුවම මන් එනතුරු මග බලාන සිටින
මා ප්‍රියදර හාමිනේව මතක් කරන්ටෝන



@@@@@@@@@@@@@@@@@@@@

රසවත් හරවත් අත්දැකීම් සමුදායක් ඔබත් සමග බෙදාහදා ගන්නටත්,
මාපියතුමා ගේ මිනින්දෝරු දිවියේ ලත් අතිදුර්ලභ ඉමිහිරි අත්දැකීම් බෙදාහදා ගන්නටත්
මෙතැන් සිට සයිබර් අවකාෂයේ සැරිසරමි.

තෙලිදිය බිදක් රස බැලීමට මයියොක්කා සමග පොලුත් රැගෙන එන ලෙස
ඔබ හට අාරාධනා කර සිටිමි.

(ගෙනාපු  මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)






4 comments :

  1. Good start. Keep it up.

    ReplyDelete
    Replies
    1. බොහෝම සතූතියි හාමිනේ.

      Delete
  2. Well done go ahead.....

    ReplyDelete
    Replies
    1. ඹබටත් බොහෝම ස්තූතියි Ano

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)