කෙනෙකුගේ අගයක් දැනෙන්නේ
තනිකමක් පාලුවක් දැනුනේ
හිටියනම් ලඟ කියා තැවුනේ
වියෝවෙන් පසුවයි ඔවුන්ගේ
ඒ තමයි අප සැමගේ හැටිනේ
නමුත් අපි හිත හදා ගන්නේ
දමා ගිය අය අහසෙ කොතැනේ
අප දිහා නෙත් යොමා ඇත්තේ
අන්ධවීලා සසර ගමනේ
අතරමං වී අප හිඳින්නේ
කොරෝනා ඇවිදින් ලොවට මේ
අපව එකතැන් කරල ඇත්තේ
දුවන දිවුමට වෙනද පිම්මේ
කතා කෙරුවත් කලබලයිනේ
නැවතුනත් අප දුවන හැල්මේ
දෙකොනකයි අප නතර කෙරුනේ
මේ තමයි අප ගෙනා උරුමේ
නැති උනත් ඔබ දමා ආවේ
අහසෙ ඉඳගෙන බලා ඉන්නේ
මගේ දරු පවුලම ගැනයිනේ
නියමයි...... ඉදිරියටත් මෙවන් ලස්සන අදහස් පහල වේවා....
ReplyDelete😘
ReplyDelete