Friday, March 13, 2020
කොරෝනා ඇවිදින් මතු කල මිනිස්කම
හැරගියේ නැත කිසිදා අපි මවු රට
ගියේ කරන්නට දෙයකුත් නැති විට
ගමට රටට බරක් වී බැ ඉන්නට
ගතින් නැතත් හදින් සැමදා මවු රට
අපි කලේ නෑ බොරු උද්ගෝෂණ
අකුල් හෙලා නෑ රට පෙර ගමනට
පැතුවේ අනාගත දැයේ අභිවෘද්ධිය
ආවේ තියාලයි ජීවිත උගසට
පිටරටවල කොල උපයල එවුවම
විනිමය වෙනවලු අද එය රටටම
ඒකෙන් හොඳහැටි ආතල් අරගෙන
අපිටම ඇනපං කොරවෙලා යන්නට
හරකෙක් වස්සෙක් කෙරුවම මරි වැඩ
රට විරු සැමටම ගැරහුම නරි වැඩ
ආතල් දුන්නම පොදුවේ ඕසෙට
උඹලගෙ ඉන රෙද්දක්වත් තියෙවිද
රජයෙන් ගිය විට හදන්න නිරෝධන
මධ්‍යස්තානයක් වත්තල හැඳල
උඹල එකතුවෙල දුන්නු සපෝට් එක
බැලුවේ තුටු කඳුලින් ඒ දෙස අප
අවදානම මැද රට ගැන හිත හිත
බහුතරයක් බං තවමත් නොරට වැඩ
හැකිකම තියෙද්දිත් අපිටත් එන්නට
හිතනව තාමත් අපි ගම රට ගැන
කට්ට කාපු අපට ඕව කජු මදද
හිතේ හයිය නිසයි ආවෙ දන්නවද
කොරෝනා ගිල්ලත් ඇවිදින් අපව අද
එන්නෑ උඹලට දෙන්නට තවත් වද
Labels:
කවි,
මගේ අත්දැකීම්,
මගේ සිතැඟි
Subscribe to:
Post Comments (Atom)
ඇවිල්ල ඇවිල්ලා... කොරෝනාව මෙන්න ඇවිල්ලා...
ReplyDeleteවරෙල්ල වරෙල්ලා... නිරෝධානා වෙන්න වරෙල්ලා...
කරුමෙක මහත තෙලිජ්ජෝ...