පහුගිය ටිකේ නම් ෆේස්
බුක් එක චායි තමා. ටෙයියොයි බයියොයි යමරෙට ඇරගත්ත නෙව. මේක කොයි වගේ බූවල්ලෙක්ද කියනවනම් අපේ මැකෝ
තුමාටවත් ඇහැක් පියවගන්න දුන්නෙ නෑ. බැරිම තැන උන්දැත් ඇරියෙ නැතෑ ෆේස් බුක්
පිටුවක්.
තව ඔය ඔලුබකු මූණු
යොදාගෙන ආතල් කෑලි එහා මෙහා යන එකත් පටන් ගත්තෙ ෆේස් බුකුවෙන්ම තමා මං හිතන්නෙ.
කාලයක් ෆුල්පේස් හෙලුමට් තහනමට එරෙහිව එක එකා මරා ගත්ත. තව කාලයක් ෆේස්බුකුවෙන් ලව් කරන්න ගෙහුන් සාරිපොටවල්
වල එල්ලිලා ඉලව් ගෙවල් හදා ගත්ත.
කට්ටියක් ධර්ම ප්‍රචාරය
කරනව. එව්ව නං ඕං හොඳ වැඩ. තව කට්ටියක් හරක් නිදහස් කරනව. ඔය අතරෙ පිරිසක් ජාති ද්රෝහියෙලු,
තව පිරිසක් ජාතිවාදියොලු, ජාතියක් ජම්මයක් නැති එවුවොත් ඒ අතරෙ හිටියද මංද.
ආ.. අමතක වුනා නෙව.
කාලයක් බාල්දි සෙල්ලමක් තිබුන. නලුවොයි නිලියොයි, දේශ පාලුවොයි, කොල්ලොයි බල්ලොයි
එකී මෙකී නොකී හැම ජාතියේම එවුන් ඔය බාල්දි සෙල්ලමෙන් නෑව.
පැත්තකට වෙලා කයියක්
දෙකක් කියාගෙන, විරහවයි, රහවයි ගැන මනෝ ගහගෙන ඉන්න එවුනුත් ඉන්නවා. එවුන්ට ලෝකෙ පෙරලුනත්
මෙලෝ රහක් නෑ.
ඉතිං ඔය එක එක ජාතියේ ෆේස්
බුක් චංද, ෆේස් බුක් ලව්, ෆේස් බුක් බණ, ෆේස් බුක් හෙල්මට් වගේ දේවල් ලවක් දෙවක්
නැතිව ෆේස්බුකුවෙ බල්ටි ගහල මේක ෆුල් චා වෙලානෙ තියෙන්නෙ.
ඔය වගේ ෆේස් බුක් චායි
කතාවක් තමා මේ. මං හිතන්නෙ මගේ පෙර ලිපිය කියවපු හැමෝම දන්නව මං ඉන්නෙ GCC රටක කියල. මෙහේ ඉතිං ලංකාවෙ හැටියට ජීවත් වෙන්න බෑ. අපි මෙහේ ඉන්න ඕන මෙහේ
හැටියට. කෑම ජාති එහෙමත් ලංකාවෙ වාගෙ කන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. ඒ ගැනත් මං මීට කලින් මෙන්න මේ ලිපියෙත් කියල තියෙනවා.
වැඩිපුරම මේ රටවල ඉන්නෙ
ඉන්දියානුවො. ඉන්දියානුවො කීවට කේරලෙ අය. අපේ ලංකාවෙ කෙනෙකුගෙන් “Where are you from” කියල ඇහුවොත් කියන්නෙ “I am from Sri Lanka” කියලනෙ. මුංගෙන් ඇහුවම
කියන්නෙ, “Kerala” කියල. උන්ට රටට වඩා
ලොකුයි උන්ගෙ ප්‍රාන්තෙ.
අපේ "මේඝ" කියල යාලුවෙකුට දවසක්
ඔයවගේ තමුන් කොහේ ඉඳලද ආවෙ කියල ඇහුවම උත්තරෙ හම්බවුනේ කේරල කියල. මෙඝයත් නොදන්න
එකා වගේ අහපි"
ඔයි රට තියෙන්නෙ ලෝකෙ කොයි හරියෙද?
මං අදමනේ ඇහුවෙ එහෙම රටක් ගැන.
අඩුම තරමේ ඔයාලගෙ රටේ ක්‍රිකට්
වත් ගැහුවනම් මං දැනං ඉන්නවනෙ.
බයිට් කලා ඌට කේරලේ එපා
වෙන්නම. හැබැයි ඉතිං වැඩිය වලි දාගන්න යන්නෙ නෑ මොකද කියුමට කියන්නෙ මෙව්වයෙ
පොලෝසි ගියොත් තුන්කාලෙන් තමා ආපහු එන්න වෙන්නෙ කියල .
මේ රටේ සාමාන්‍ය වැඩ කරන
වෙලාවල් මෙහෙමයි. උදේ 08:00 – 12:00 වෙනකං වැඩ. 12:00 ඉඳන් 04:00 වෙනකං ඕෆ්. ආයෙත් 04:00 ඉඳන් රාත්‍රී 08:00 වෙනකං වැඩ තමා. ඉතිං අපේ ලංකාවෙ යාලුවො හුඟ දෙනෙක් උදේට උයනවා දවල්ටත්
එක්ක. රෑට ඔය කඩේකිං මෙනාහරි කාල තමා එන්නෙ.
මෙහේ ලංකා කඩ ඉතාම
විරලයි. කේරල කඩ තමා වැඩි. දවසක් තෙලිදියත් වැඩ ඉවර වෙලා රූම් එකට යන ගමන් Modern Lanka Restaurant කියන කඩේට ගොඩවුනා
කොත්තුවක් දෙසාබාන්න. අපි කියන්නෙ (ලංකා කඩේ කියල) මගේ කොත්තුව ඕඩර් කරල මං පුටුවක
වාඩිවෙලා ඉන්නකොට ඒතෙන්ට ආව තව පකිස්තානු ජාතිකයෙක්. ගොඩක් පකිස්තානුවන්ව ඇඳිනගන්න
ලේසියි. දිග රැවුලයි, පංජාබ් පිජාමා වගේ සූට් එකයි තමා එයාලගෙ අනන්‍යතාවය. පිජාමා
කීවට ඒකෙ උඩ කෑල්ල දිගයි කකුල්දෙකේ දණහිසෙන් පහලටම. මේක ආපු ගමන්
ෆේස් බුක් චා..යි.. කියල
කියපි.
මං හිතුව මට ඇහුන විදියේ
දෝසයක් කියල. ආයෙත් ටිකකින්
ඒක් ෆේස් බුක් චා..යි..
කියල කෑ ගහපි.
ටිකකින් වේටර් කොලුවත්
කිරි තේ කෝප්පයක් ගෙනැත් උන්දැට දීල ගියා. මටත් දැන් ෆුල් අඤ්ඤකොරොස්. මොකද්ද බොලේ
මේ ෆේස් බුක් චායිය කියල. මාත් කොත්තුව දෙසාබාල බිල ගෙවන්න ගිය වෙලේ මුදලාලිගෙන් ඇහුව
මොකද්ද බං අර ෆේස් බුක් චායි කියල අර මිනිහ බීවෙ.
ආ.. මහත්තය ඒ මේ කහට
වැඩි, සීනි අඩු, කිරි තේකට කියන නමක් නේ.
මොකක්! මුදලාලි ඕකත් ඔය කේරල
හරි පකිස් හරි නමක්ද,
නෑ මහත්තය මේකයි.
දවසක්
ඔය වගේ මනුස්සයෙක් මෙහේ ඇවිත් මුකුත් ඕඩර් කරන්නෙ නැතිව ෆෝන් එකෙන් ෆේස් බුක් එකේ
අනං මනං කර කර හිටියනේ.
අපිත් බලං හිටිය මෑන් මොනා
හරි දැන් ඕඩර් කරයි දැන් ඕඩර් කරයි කියල.
ඹ්හු ඕඩර් කරන පාටක් නෑ.
බැරිම තැන මං ගිහින් මිනිහට කීව කරුණාකරල මහත්තය මුකුත් ඕඩර් කරන්නෙ නැත්නම් යන්න.
මෙතන කාලෙ කන්නැතුව කියල. පස්සෙ මෑන්ස් මගේ දිහා බලන් ඉඳල අඩු සීනි වැඩි කහට කිරි
තේ එකක් ඉල්ලුවා.
ඕං එදා ඉඳල අපේ එවුන් අඩු
සීනි වැඩි කහට කිරි තේ වලට කියන්නෙ ෆේස් බුක් චායි කියල.
වෙලාවකට ෆේස් බුකියත් මේ වගේම තමා. කහටම කහටයි, මෙලෝ රහක් නෑ (හැබැයි වෙලාවකට ඈ...)
වෙලාවකට ෆේස් බුකියත් මේ වගේම තමා. කහටම කහටයි, මෙලෝ රහක් නෑ (හැබැයි වෙලාවකට ඈ...)
ප.ලි. හරිනම් ඔය චායි එකට එනසහල්, කරද මුංගු, කරාබු නැටි,
කුරුඳු පොතු වගේ එව්වත් දානවලු. එත් එහෙම චායියක් සාමාන්‍ය කඩවල ගන්න නෑ.
ආඩම්බරෙන් කියන්න පුලුවන්නම්
ReplyDeleteමම ශ්‍රි ලංකාවෙන් කියලා එල ද බ්‍රා
දිගටම එනවා අද ඉදලා
එමු එමු, ඔබව සාදරයෙන් පිලි ගන්නවා වාඩියට.
Deleteඋඔ ඔමාට දලා තිබුනා ලංකාවට එනවා කියලා...
Deleteඔව් මෙන්ඩා. නොවැම්බරේ එනවා
Deleteවරෙන් අපි මෙහේ මොනවා හරි කරමු
Deleteඑළ මෙණ්ඩා. මාත් තාම හොයනවා.
Deleteඉවරයි කියලා හිතාගමු මෙතනත් :D
Deleteතව මාස දෙකක්ම තියේ ඔමා...
Deleteඊට පස්සෙත් පුලු පුලුවන් හැටියක් බලමු.
චෙන්නායි ඉදන් විදිසාවලට කෝච්චියේ යනකොට ඔය චායි කියන නම මටත් ඇහිලා තියනවා. ඒ වගේම තමා අවුරුදු ගාණක් බුකියේ සෙල්ලං දදා හිටියත් මටත් එහි ඔය චායි ගතිය දැනිලා දැන් මුලු එකවුන්ට් එකම ඩිඇක්ටිවේට් කරලා දාල ඉන්නේ. බුකි වැදෙන්න ගියායින් වුණේ බ්ලොගක් කියවන්න තිබ්බ කාලේ නැතුව ගිය එක විතරයි.
ReplyDeleteචායියක් බීලම බලන්නකෝ. ඕකේ තියෙනවා තව වර්ධන් එකක්, "චායි ලටේ" කියල. ඒක නම් මරු ඈ.
Deleteතෙලී.............. මේ ගැන ලොකු විස්තරයක් කියන්න අමාරුයි... අපි ඔය බුකිය වර්ජනය කරලා තියෙන්නේ... අකවුන්ට් ඒකක් නෑ... (තාම නෑ) ඒක අනවශ්‍ය කාලය කා දැමීමක් කියන ඒකයි අපේ අදහස..... ඒත් බ්ලොග් කියන්නේ ඊට ඒහා ගිය හරවත් සංවාදයන් අැති කළ හැකි දැනුම සහිත තැනක්......
ReplyDeleteඑහෙනං එහෙනං බ්ලොගේ කියන්නෙ දැනුම විනෝදය ඕපන්ව කතා කොරන තැනක්. මම එකඟයි එකෙන්ම.
Deleteබුකිය වර්ජනය කරන්න මටත් හිතිලො තියෙන්නෙ. සමහර පිස්සෝ ටිකක් ඉන්නවා අන්ෆ්රෙන්ඩ් කරලා දාන්න. ඒත් අපි යමක් කියලා දාන පෝස්ට් එකක් උන් ඉඳ හිටවත් බලලා හැදෙයි කියලා හිතෙනවා.
ReplyDeleteමෙන්ඩා සේ අද සිට එනවා. තොරණක් ගහපං.
බුකිය නම් චාම තමා. හොඳ එවුවො දෙතුන් දෙනෙකු ඇරෙන්න. ඒවුනාට ඔයි චායිය මරු ඈ.
Deleteතොරණක් කිතුලෙන් ද පොලෙන් ද
සාදරයෙන් පිලිගන්නවා ඔබවත්.
මම බුකියට නොයන ඒකේ ගෞරවය තනිකරම මධුට..
Deleteඇයි රසසරනියේ පංදිචි වෙලා ඉන්න කොට ලැට් එකට යන්නවත් වෙලාවක් නෑ..
රස සරණියක් ගේමු බ්ලොග්වලටත් අපි.
Deleteහ්ම්.. එ්ක නම් රස සරණියක්ම තමා
Deleteහනේ එපා.. මධුවෝ . නලින් අයියේ ආයේ ෆ්බ් කතා නෑ කිවුවා නේද ඈ
Deleteඕන් අපිත් ඈඳි ගත්තා.ගමුකො බලන්න ෆේස් බුක් චායි එකක් :)
ReplyDeleteහහ් හා.. සාදරයෙන් පිළිගන්නවා ඔබවත්
Deleteචායියක් ගහමු ද මීරා කට්ටක් ගහමුද
ෆේස් බුක් චායි එකයි ගෝල්ලිප් එකායි …
ReplyDeleteචායි නම් ඔ්ං චෝයි කීවලු. හැබැයි ගෝල්ලිප් කම් නෑ. කලු සරුට්ටුවක් කොහොම ද. මෙහෙ තිෙයනව මචං "සිගා" සුරුට්ටුවක්.... අන්න සුරුට්ටු රියාල් 15 ක විතර වෙනවා එකක්. එ් කියන්නෙ රුපියල් 550 ක් විතර.
Deleteඅපෙ හැලපයිය නොදැන ඉන්න විදියක් නෑ මේක ගැන.
හෑ. ගෝල්ලිප් නෑ. චැහ් සුරුට්ටු ගඳයිනේ බං:D
Deleteඅනේ මචෝ ඔය රටේ ඉන්න එපා වෙන කොහේහරි රටකට පලයං ..
ගොලිච් තියේ මයෙ ගාවයි නැත්තෙ. මෙහේ වැඩිපුරම යන්නෙ Marlboro
Deleteසිගා ඔය කලු සුරුට්ටු වාගෙ ඟඳ නෑ බං.
එනව මචං ලඟදිම එනව ලංකාවට
එ්ක නෙමේ මචං. උඹලට මතකද අපි කාකා ගෙ බ්ලොගේ බයිලාවක් ගැහුව.
Deleteපස්සෙ බයිල සංග්‍රාමයක්ම තිබ්බ වෙන බ්ලොග් එකක. මේ අවුරුද්දෙ බයිල සැනකෙලි නෑ වගේ..
මෙහෙත් මල්බරෝ තමා.. ටී එකට යන්නෙ ගෝල්ලිප් එක නෙවැ:D
Deleteඅපේ ඉන්දික බොස් ගෙ බයිල මඩුව නේ . ඒක මරු බොලේ :D කෝ මේකා නෑ නෙවැ .
බයිලයක් යනව නම් අපිටත් කියහන් තෙලියෝ..
Deleteවර්නයා එනවනම් මමත් එනෝ. ගහමු ගහමු රා කට්ටක් එක්ක බයිලෙකුත් හැදෙයි පට්ටෙට ම.
Deleteඒ දවස් මතක් වෙනකොටත් ආසයි බං..
Deleteඔය හිටි ගමන් මාත් ගෙහුන් කියෝල එනව. කෝ අපේ සංවිධායක මඩුල්ලට මේ අවුරුද්දෙ බයිල සාජ්ජෙ මතක් කරන්න බැරිවුනානේ.. මටත් ටික කාලයක් බ්ලොග් පැත්තට එන්න බැරි වුනා මේ අවුරුද්දෙ.
Delete@ අහසෙන්
Deleteඔය පත්තර මලය තමා අපටත් ආරංචිය බෙදන්න ඉන්නෙ. දැන ගත්තොත් පබ්ලිසිටියක් දෙන්නම් එකෙන්ම.
තෙලී...... ඔන්න පුරුද්දට මාත් ආවා හැබැයි රා නම් එපෝ.....
ReplyDeleteනෑ අද චායියක් ගහමු
Deleteඒක තමා අළුතෙන් ආපු අයනේ වැඩි නේද
Deleteහ්ම්... අද අලුත් අය වැඩී තමා. හාහා පුරා කියල රා කට්ටක් දික්කොලෑකියැ වරුණේ..
Deleteමාත් මලබාරින්ගේ කඩේකට ගිහිං වාඩිවෙලා ගේම් ගගහ ඉන්න ඕනෑ උන් මට මොනව දේවිද බලන්න.
ReplyDeleteහැක් හැක් ගෙහුන්ම බලහන්කො. මලබාරියො නම් මහ වද කාරයො බං
Deleteඋනේ මොකද කියල අපිටත් කියන්ඩ ඈ :D
Deleteඑතකොට අපේ ඔෆිස් එකෙත් දීල තියෙන්නෙ ෆේස් බුක් චායි එහෙනම්..
ReplyDeleteජයවේ තෙලියෝ!
හැක්. පට්ටම පට්ට කහටයිද සීනිත් නැතිව?
Deleteඔව් බං...
Deleteතෙලිදිය ඔන්න මමත් ආවා. මම කලින් පෝස්ට් කියවලා ගියා. කොමෙන්ට් කරේ නෑ මගෙ හිතේ.
ReplyDeleteමටත් ෆේස්බුක් චායියක් දාන්ඩෝ.
නැත්නම් රා කට්ටක් ගහමු.
අද ගහමු චායියක්!
Deleteඔන්න එහෙනම් වාඩි වුනා. ගනිංකො බලන්න ඔය චායිය.
Deleteඇත්තටම මේ බ්ලොගට වඩා ෆේස්බුක් චායි තමයි බං.
අතරින් පතර හොඳ එව්වත් එකක් දෙකක් තියේ.
Deleteමමත් අහලා තියෙනවා චායි කියන්නෙ නිකන්ම කිරි තේ එකක් නෙවෙයි කියලා. අර කියපු කුලුබඩු මිශ්‍රණයක් දාලා හදන එකක් කියලා. රෙසිපි එක හොයාගෙන හදලා බලන්න නම් බැරි උනා.
ReplyDeleteඕං එහෙනං අහගං මගේ රෙසිපිය මේකට කියන්නෙ චායි ලටේ ඈ....
Deleteඑනසහල් ඇට කීපයක්, කරාබු නැටි දෙකක්, කුරුඳු පොතු සූට්ටිත්තක් ඇරං හොඳට කුඩු වෙන්න අඹර ගනිනං
ඊට පස්සෙ කෝපි කුඩු සවල්පයක් සමග මිශ්‍ර කර ගනිං
දැන් උණු වතුර කෝප්පයකට පමණ ටිංකිරි සහ සීනි අවශ්‍ය ප්‍රමාණය දමා ගනිං
ටිං කිරි සමග උණු වතුරට අර මිශ්‍රණය දාල බ්ලෙන්ඩර් කරගනිං
දැං බීල බලහං
අම්මප බීලා බලලා කියන්නම්...
Deleteගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරාන් පාට වෙලා එන්ට
Deleteහැක්.. ඔය කීවෙ ඔය කීවෙ..
Deleteඅපූරුයි ඔමා. අැත්තටම මලබාරියො නම් ගම්මිරිසුයි ලුණු කුඩු ටිකකුයිත් දා ගන්නවා
පෙස් බුකියට ලොල් උනෙත්.. බු දු ස ර න යි!!
ReplyDeleteමා ත් මෛ් ගැල වන්න බලනවා..
ජ ය ව් වා !!!
ලොලේ ලොල් කීවලු
Deleteමේක පේස් බුක් චායි. දවසක බීල බලහං කෝ...
ෆේස්බුක් චයි,....අඩෝ මාර නමක්නේ කෑමට දාල තියෙන්නේ...
ReplyDelete-----
ෆේස්බුක් නම් චා තම"යි"
ආ.. විභීෂණ....
Deleteමේක කෑමක් නෙමේ..... බීමක්
පස්ට බීමක්.
ජය වේ!
සතුටුයි මචං වාඩියේ කට්ටිය පිරිලා
ReplyDeleteඑහෙනං... ඔයා තමා කට්ටිය හුඟක් එක්කන් අාවේ. තැන්කුයි වේවා!
Deleteමාත් ගන්ඩෝ... කියෙව්වා ෂෝයිම ෂෝයි ඈ. දිගටම ලියන්න. ජයවේවා.!!!
ReplyDeleteඔයියාටත් චායියක් දීලම පිළිගන්නවා ආදරෙන්. ආයෙත් එන්න ඕනේ....
Deleteචායි කියන නම , තේ වලට ගොඩක් රටවල පාවිච්චි වෙනව විශේෂයෙන් ගිනිකොන දිග ආසියාතික රටවල.
ReplyDeleteපරණ පෝස්ට් ටික කියවන්ඩ පටන් ගන්න ඕනෙ මචෝ.
අැත්ත තමා කම්මලේග හැබැයි මං දැනගත්තෙත් මෙහේ අාවට පස්සෙ තමා.
Deleteකියවල ගුණ දෝසත් දාමු අෑ...
චායි කියන්නේ හින්දි නමක් නේද? මං අහලා තියෙනවා හුඟක් ඉන්දියානු චිත්‍රපටි සහ එහේ පොත්පත්වල ඔය නම කියවෙනවා..තේ කියනවා වගේම අමුතු රහක් තියෙන වචනයක් ඒක..:)
ReplyDeleteෆේස් බුක් කතාව නම් සහතික ඇත්ත.
සාදරයෙන් පිළිගන්නවා ඔයාවත් වාඩියට.
Deleteමචං චායි කියන්නෙ අර කුලුබඩු දාල හදන කිරි තේකට හින්දි වලින් සහ මලයාලම් භාෂා දෙකෙන්මලු.
ඒක කොයි වෙතත් මෙහේ අරාබි එවුනුත් චායි කියල තමා කිරි තේ ඉල්ලන්නෙ. ප්ලේන් ටී වලට මුන් කියන්නෙ "සුලෙයිමාන්" කියල. ජයවේ.
තනි තරුවේ............ තනි තරුවේ.....
තෙලා මධුවගේ බිලොග් එකේ ලින්ක් එක දිගේ ආවෙ.අපේ සෙටි එකම කලින්ම ඇවිත් ගිහින්.මටත් මෙකේ කාමරයක් වෙන් කරපං අද ඉදලා.නැත්තමි මම බලෙන් පදිංචි වෙනවා...
ReplyDeleteඑල කිරි මනෝ. උඹට මං කාමරයකුයි, පොල් කට්ටකුයි මෙට්ටෙකයිත් ලෑසති කොරඤ්ඤංකෝ...
Deleteමතක ඇතිව මයියොක්කා ටික ඇරං වරෙං ඈ..
බොහොමත් සාදරයෙන් ඕං ඔයාවත් වාඩියට පිළිගන්නවා.
අපි දවසක් බිව්වා කළු කෝපි, කුරුඳු පොතු කුඩු දාලා - සිරීපාදෙදි. ඒ වෙලාවෙ නං මාර රසයි...!!!
ReplyDeleteඕං මාත් ආවා.
එහෙනං මේක මරු බීමක්
Deleteසාදරයෙන් පිලිගත්ත ඕං