Wednesday, September 9, 2015

ෆේස් බුක් චායි !

                    පහුගිය ටිකේ නම් ෆේස් බුක් එක චායි තමා. ටෙයියොයි බයියොයි යමරෙට ඇරගත්ත නෙව.  මේක කොයි වගේ බූවල්ලෙක්ද කියනවනම් අපේ මැකෝ තුමාටවත් ඇහැක් පියවගන්න දුන්නෙ නෑ. බැරිම තැන උන්දැත් ඇරියෙ නැතෑ ෆේස් බුක් පිටුවක්.

තව ඔය ඔලුබකු මූණු යොදාගෙන ආතල් කෑලි එහා මෙහා යන එකත් පටන් ගත්තෙ ෆේස් බුකුවෙන්ම තමා මං හිතන්නෙ. කාලයක් ෆුල්පේස් හෙලුමට් තහනමට එරෙහිව එක එකා මරා ගත්ත.  තව කාලයක් ෆේස්බුකුවෙන් ලව් කරන්න ගෙහුන් සාරිපොටවල් වල එල්ලිලා ඉලව් ගෙවල් හදා ගත්ත.

කට්ටියක් ධර්ම ප්‍රචාරය කරනව. එව්ව නං ඕං හොඳ වැඩ. තව කට්ටියක් හරක් නිදහස් කරනව. ඔය අතරෙ පිරිසක් ජාති ද්‍රෝහියෙලු, තව පිරිසක් ජාතිවාදියොලු, ජාතියක් ජම්මයක් නැති එවුවොත් ඒ අතරෙ හිටියද මංද.

ආ.. අමතක වුනා නෙව. කාලයක් බාල්දි සෙල්ලමක් තිබුන. නලුවොයි නිලියොයි, දේශ පාලුවොයි, කොල්ලොයි බල්ලොයි එකී මෙකී නොකී හැම ජාතියේම එවුන් ඔය බාල්දි සෙල්ලමෙන් නෑව.

පැත්තකට වෙලා කයියක් දෙකක් කියාගෙන, විරහවයි, රහවයි ගැන මනෝ ගහගෙන ඉන්න එවුනුත් ඉන්නවා. එවුන්ට ලෝකෙ පෙරලුනත් මෙලෝ රහක් නෑ.

ඉතිං ඔය එක එක ජාතියේ ෆේස් බුක් චංද, ෆේස් බුක් ලව්, ෆේස් බුක් බණ, ෆේස් බුක් හෙල්මට් වගේ දේවල් ලවක් දෙවක් නැතිව ෆේස්බුකුවෙ බල්ටි ගහල මේක ෆුල් චා වෙලානෙ තියෙන්නෙ.



ඔය වගේ ෆේස් බුක් චායි කතාවක් තමා මේ. මං හිතන්නෙ මගේ පෙර ලිපිය කියවපු හැමෝම දන්නව මං ඉන්නෙ GCC රටක කියල. මෙහේ ඉතිං ලංකාවෙ හැටියට ජීවත් වෙන්න බෑ. අපි මෙහේ ඉන්න ඕන මෙහේ හැටියට. කෑම ජාති එහෙමත් ලංකාවෙ වාගෙ කන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්.  ඒ ගැනත් මං මීට කලින් මෙන්න මේ ලිපියෙත් කියල තියෙනවා.

වැඩිපුරම මේ රටවල ඉන්නෙ ඉන්දියානුවො. ඉන්දියානුවො කීවට කේරලෙ අය. අපේ ලංකාවෙ කෙනෙකුගෙන් “Where are you from” කියල ඇහුවොත් කියන්නෙ “I am from Sri Lanka” කියලනෙ. මුංගෙන් ඇහුවම කියන්නෙ, “Kerala” කියල. උන්ට රටට වඩා ලොකුයි උන්ගෙ ප්‍රාන්තෙ.

අපේ "මේඝ" කියල යාලුවෙකුට දවසක් ඔයවගේ තමුන් කොහේ ඉඳලද ආවෙ කියල ඇහුවම උත්තරෙ හම්බවුනේ කේරල කියල. මෙඝයත් නොදන්න එකා වගේ අහපි"

 ඔයි රට තියෙන්නෙ ලෝකෙ කොයි හරියෙද?

 මං අදමනේ ඇහුවෙ එහෙම රටක් ගැන.  

අඩුම තරමේ ඔයාලගෙ රටේ ක්‍රිකට් වත් ගැහුවනම් මං දැනං ඉන්නවනෙ.

බයිට් කලා ඌට කේරලේ එපා වෙන්නම. හැබැයි ඉතිං වැඩිය වලි දාගන්න යන්නෙ නෑ මොකද කියුමට කියන්නෙ මෙව්වයෙ පොලෝසි ගියොත් තුන්කාලෙන් තමා ආපහු එන්න වෙන්නෙ කියල .

මේ රටේ සාමාන්‍ය වැඩ කරන වෙලාවල් මෙහෙමයි. උදේ 08:00 – 12:00 වෙනකං වැඩ. 12:00 ඉඳන් 04:00 වෙනකං ඕෆ්. ආයෙත් 04:00 ඉඳන් රාත්‍රී 08:00 වෙනකං වැඩ තමා. ඉතිං අපේ ලංකාවෙ යාලුවො හුඟ දෙනෙක් උ‍දේට උයනවා දවල්ටත් එක්ක. රෑට ඔය කඩේකිං මෙනාහරි කාල තමා එන්නෙ.

මෙහේ ලංකා කඩ ඉතාම විරලයි. කේරල කඩ තමා වැඩි. දවසක් තෙලිදියත් වැඩ ඉවර වෙලා රූම් එකට යන ගමන් Modern Lanka Restaurant කියන කඩේට ගොඩවුනා කොත්තුවක් දෙසාබාන්න. අපි කියන්නෙ (ලංකා කඩේ කියල) මගේ කොත්තුව ඕඩර් කරල මං පුටුවක වාඩිවෙලා ඉන්නකොට ඒතෙන්ට ආව තව පකිස්තානු ජාතිකයෙක්. ගොඩක් පකිස්තානුවන්ව ඇඳිනගන්න ලේසියි. දිග රැවුලයි, පංජාබ් පිජාමා වගේ සූට් එකයි තමා එයාලගෙ අනන්‍යතාවය. පිජාමා කීවට ඒකෙ උඩ කෑල්ල දිගයි කකුල්දෙකේ දණහිසෙන් පහලටම. මේක ආපු ගමන්

ෆේස් බුක් චා..යි.. කියල කියපි.

මං හිතුව මට ඇහුන විදියේ දෝසයක් කියල. ආයෙත් ටිකකින්

ඒක් ෆේස් බුක් චා..යි.. කියල කෑ ගහපි.

ටිකකින් වේටර් කොලුවත් කිරි තේ කෝප්පයක් ගෙනැත් උන්දැට දීල ගියා. මටත් දැන් ෆුල් අඤ්ඤකොරොස්. මොකද්ද බොලේ මේ ෆේස් බුක් චායිය කියල. මාත් කොත්තුව දෙසාබාල බිල ගෙවන්න ගිය වෙලේ මුදලාලිගෙන් ඇහුව මොකද්ද බං අර ෆේස් බුක් චායි කියල අර මිනිහ බීවෙ.

ආ.. මහත්තය ඒ මේ කහට වැඩි, සීනි අඩු, කිරි තේකට කියන නමක් නේ.

මොකක්! මුදලාලි ඕකත් ඔය කේරල හරි පකිස් හරි නමක්ද,

නෑ මහත්තය මේකයි. 
දවසක් ඔය වගේ මනුස්සයෙක් මෙහේ ඇවිත් මුකුත් ඕඩර් කරන්නෙ නැතිව ෆෝන් එකෙන් ෆේස් බුක් එකේ අනං මනං කර කර හිටියනේ.

අපිත් බලං හිටිය මෑන් මොනා හරි දැන් ඕඩර් කරයි දැන් ඕඩර් කරයි කියල.

ඹ්හු ඕඩර් කරන පාටක් නෑ. බැරිම තැන මං ගිහින් මිනිහට කීව කරුණාකරල මහත්තය මුකුත් ඕඩර් කරන්නෙ නැත්නම් යන්න. මෙතන කාලෙ කන්නැතුව කියල. පස්සෙ මෑන්ස් මගේ දිහා බලන් ඉඳල අඩු සීනි වැඩි කහට කිරි තේ එකක් ඉල්ලුවා.

මෙහේ චායි කියන්නෙ කිරි තේ එකටනේ. (මේ තියෙන්නෙ "චායි" ගැන)
ඕං එදා ඉඳල අපේ එවුන් අඩු සීනි වැඩි කහට කිරි තේ වලට කියන්නෙ ෆේස් බුක් චායි කියල.

වෙලාවකට ෆේස් බුකියත් මේ වගේම තමා. කහටම කහටයි, මෙලෝ රහක් නෑ (හැබැයි වෙලාවකට ඈ...)



ප.ලි.  හරිනම් ඔය චායි එකට එනසහල්, කරද මුංගු, කරාබු නැටි, කුරුඳු පොතු වගේ එව්වත් දානවලු. එත් එහෙම චායියක් සාමාන්‍ය කඩවල ගන්න නෑ.

66 comments :

  1. ආඩම්බරෙන් කියන්න පුලුවන්නම්
    මම ශ්‍රි ලංකාවෙන් කියලා එල ද බ්‍රා
    දිගටම එනවා අද ඉදලා

    ReplyDelete
    Replies
    1. එමු එමු, ඔබව සාදරයෙන් පිලි ගන්නවා වාඩියට.

      Delete
    2. උඔ ඔමාට දලා තිබුනා ලංකාවට එනවා කියලා...

      Delete
    3. ඔව් මෙන්ඩා. නොවැම්බරේ එනවා

      Delete
    4. වරෙන් අපි මෙහේ මොනවා හරි කරමු

      Delete
    5. එළ මෙණ්ඩා. මාත් තාම හොයනවා.

      Delete
    6. ඉවරයි කියලා හිතාගමු මෙතනත් :D

      Delete
    7. තව මාස දෙකක්ම තියේ ඔමා...
      ඊට පස්සෙත් පුලු පුලුවන් හැටියක් බලමු.

      Delete
  2. චෙන්නායි ඉදන් විදිසාවලට කෝච්චියේ යනකොට ඔය චායි කියන නම මටත් ඇහිලා තියනවා. ඒ වගේම තමා අවුරුදු ගාණක් බුකියේ සෙල්ලං දදා හිටියත් මටත් එහි ඔය චායි ගතිය දැනිලා දැන් මුලු එකවුන්ට් එකම ඩිඇක්ටිවේට් කරලා දාල ඉන්නේ. බුකි වැදෙන්න ගියායින් වුණේ බ්ලොගක් කියවන්න තිබ්බ කාලේ නැතුව ගිය එක විතරයි.

    ReplyDelete
    Replies
    1. චායියක් බීලම බලන්නකෝ. ඕකේ තියෙනවා තව වර්ධන් එකක්, "චායි ලටේ" කියල. ඒක නම් මරු ඈ.

      Delete
  3. තෙලී.............. මේ ගැන ලොකු විස්තරයක් කියන්න අමාරුයි... අපි ඔය බුකිය වර්ජනය කරලා තියෙන්නේ... අකවුන්ට් ඒකක් නෑ... (තාම නෑ) ඒක අනවශ්‍ය කාලය කා දැමීමක් කියන ඒකයි අපේ අදහස..... ඒත් බ්ලොග් කියන්නේ ඊට ඒහා ගිය හරවත් සංවාදයන් අැති කළ හැකි දැනුම සහිත තැනක්......

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං බ්ලොගේ කියන්නෙ දැනුම විනෝදය ඕපන්ව කතා කොරන තැනක්. මම එකඟයි එකෙන්ම.

      Delete
  4. බුකිය වර්ජනය කරන්න මටත් හිතිලො තියෙන්නෙ. සමහර පිස්සෝ ටිකක් ඉන්නවා අන්ෆ්‍රෙන්ඩ් කරලා දාන්න. ඒත් අපි යමක් කියලා දාන පෝස්ට් එකක් උන් ඉඳ හිටවත් බලලා හැදෙයි කියලා හිතෙනවා.
    මෙන්ඩා සේ අද සිට එනවා. තොරණක් ගහපං.

    ReplyDelete
    Replies
    1. බුකිය නම් චාම තමා. හොඳ එවුවො දෙතුන් දෙනෙකු ඇරෙන්න. ඒවුනාට ඔයි චායිය මරු ඈ.

      තොරණක් කිතුලෙන් ද පොලෙන් ද

      සාදරයෙන් පිලිගන්නවා ඔබවත්.

      Delete
    2. මම බුකියට නොයන ඒකේ ගෞරවය තනිකරම මධුට..
      ඇයි රසසරනියේ පංදිචි වෙලා ඉන්න කොට ලැට් එකට යන්නවත් වෙලාවක් නෑ..

      Delete
    3. රස සරණියක් ගේමු බ්ලොග්වලටත් අපි.

      Delete
    4. හ්ම්.. එ්ක නම් රස සරණියක්ම තමා

      Delete
    5. හනේ එපා.. මධුවෝ . නලින් අයියේ ආයේ ෆ්බ් කතා නෑ කිවුවා නේද ඈ

      Delete
  5. ඕන් අපිත් ඈඳි ගත්තා.ගමුකො බලන්න ෆේස් බුක් චායි එකක් :)

    ReplyDelete
    Replies
    1. හහ් හා.. සාදරයෙන් පිළිගන්නවා ඔබවත්
      චායියක් ගහමු ද මීරා කට්ටක් ගහමුද

      Delete
  6. ෆේස් බුක් චායි එකයි ගෝල්ලිප් එකායි …

    ReplyDelete
    Replies
    1. චායි නම් ඔ්ං චෝයි කීවලු. හැබැයි ගෝල්ලිප් කම් නෑ. කලු සරුට්ටුවක් කොහොම ද. මෙහෙ තිෙයනව මචං "සිගා" සුරුට්ටුවක්.... අන්න සුරුට්ටු රියාල් 15 ක විතර වෙනවා එකක්. එ් කියන්නෙ රුපියල් 550 ක් විතර.
      අපෙ හැලපයිය නොදැන ඉන්න විදියක් නෑ මේක ගැන.

      Delete
    2. හෑ. ගෝල්ලිප් නෑ. චැහ් සුරුට්ටු ගඳයිනේ බං:D
      අනේ මචෝ ඔය රටේ ඉන්න එපා වෙන කොහේහරි රටකට පලයං ..

      Delete
    3. ගොලිච් තියේ මයෙ ගාවයි නැත්තෙ. මෙහේ වැඩිපුරම යන්නෙ Marlboro
      සිගා ඔය කලු සුරුට්ටු වාගෙ ඟඳ නෑ බං.

      එනව මචං ලඟදිම එනව ලංකාවට

      Delete
    4. එ්ක නෙමේ මචං. උඹලට මතකද අපි කාකා ගෙ බ්ලොගේ බයිලාවක් ගැහුව.

      පස්සෙ බයිල සංග්‍රාමයක්ම තිබ්බ වෙන බ්ලොග් එකක. මේ අවුරුද්දෙ බයිල සැනකෙලි නෑ වගේ..

      Delete
    5. මෙහෙත් මල්බරෝ තමා.. ටී එකට යන්නෙ ගෝල්ලිප් එක නෙවැ:D
      අපේ ඉන්දික බොස් ගෙ බයිල මඩුව නේ . ඒක මරු බොලේ :D කෝ මේකා නෑ නෙවැ .

      Delete
    6. බයිලයක් යනව නම් අපිටත් කියහන් තෙලියෝ..

      Delete
    7. වර්නයා එනවනම් මමත් එනෝ. ගහමු ගහමු රා කට්ටක් එක්ක බයිලෙකුත් හැදෙයි පට්ටෙට ම.

      Delete
    8. ඒ දවස් මතක් වෙනකොටත් ආසයි බං..

      Delete
    9. ඔය හිටි ගමන් මාත් ගෙහුන් කියෝල එනව. කෝ අපේ සංවිධායක මඩුල්ලට මේ අවුරුද්දෙ බයිල සාජ්ජෙ මතක් කරන්න බැරිවුනානේ.. මටත් ටික කාලයක් බ්ලොග් පැත්තට එන්න බැරි වුනා මේ අවුරුද්දෙ.

      Delete
    10. @ අහසෙන්
      ඔය පත්තර මලය තමා අපටත් ආරංචිය බෙදන්න ඉන්නෙ. දැන ගත්තොත් පබ්ලිසිටියක් දෙන්නම් එකෙන්ම.

      Delete
  7. තෙලී...... ඔන්න පුරුද්දට මාත් ආවා හැබැයි රා නම් එපෝ.....

    ReplyDelete
    Replies
    1. නෑ අද චායියක් ගහමු

      Delete
    2. ඒක තමා අළුතෙන් ආපු අයනේ වැඩි නේද

      Delete
    3. හ්ම්... අද අලුත් අය වැඩී තමා. හාහා පුරා කියල රා කට්ටක් දික්කොලෑකියැ වරුණේ..

      Delete
  8. මාත් මලබාරින්ගේ කඩේකට ගිහිං වාඩිවෙලා ගේම් ගගහ ඉන්න ඕනෑ උන් මට මොනව දේවිද බලන්න.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ගෙහුන්ම බලහන්කො. මලබාරියො නම් මහ වද කාරයො බං

      Delete
    2. උනේ මොකද කියල අපිටත් කියන්ඩ ඈ :D

      Delete
  9. එතකොට අපේ ඔෆිස් එකෙත් දීල තියෙන්නෙ ෆේස් බුක් චායි එහෙනම්..
    ජයවේ තෙලියෝ!

    ReplyDelete
    Replies
    1. හැක්. පට්ටම පට්ට කහටයිද සීනිත් නැතිව?

      Delete
  10. තෙලිදිය ඔන්න මමත් ආවා. මම කලින් පෝස්ට් කියවලා ගියා. කොමෙන්ට් කරේ නෑ මගෙ හිතේ.

    මටත් ෆේස්බුක් චායියක් දාන්ඩෝ.
    නැත්නම් රා කට්ටක් ගහමු.

    ReplyDelete
    Replies
    1. අද ගහමු චායියක්!

      Delete
    2. ඔන්න එහෙනම් වාඩි වුනා. ගනිංකො බලන්න ඔය චායිය.

      ඇත්තටම මේ බ්ලොගට වඩා ෆේස්බුක් චායි තමයි බං.

      Delete
    3. අතරින් පතර හොඳ එව්වත් එකක් දෙකක් තියේ.

      Delete
  11. මමත් අහලා තියෙනවා චායි කියන්නෙ නිකන්ම කිරි තේ එකක් නෙවෙයි කියලා. අර කියපු කුලුබඩු මිශ්‍රණයක් දාලා හදන එකක් කියලා. රෙසිපි එක හොයාගෙන හදලා බලන්න නම් බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනං අහගං මගේ රෙසිපිය මේකට කියන්නෙ චායි ලටේ ඈ....
      එනසහල් ඇට කීපයක්, කරාබු නැටි දෙකක්, කුරුඳු පොතු සූට්ටිත්තක් ඇරං හොඳට කුඩු වෙන්න අඹර ගනිනං
      ඊට පස්සෙ කෝපි කුඩු සවල්පයක් සමග මිශ්‍ර කර ගනිං
      දැන් උණු වතුර කෝප්පයකට පමණ ටිංකිරි සහ සීනි අවශ්‍ය ප්‍රමාණය දමා ගනිං
      ටිං කිරි සමග උණු වතුරට අර මිශ්‍රණය දාල බ්ලෙන්ඩර් කරගනිං

      දැං බීල බලහං

      Delete
    2. අම්මප බීලා බලලා කියන්නම්...

      Delete
    3. ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරාන් පාට වෙලා එන්ට

      Delete
    4. හැක්.. ඔය කීවෙ ඔය කීවෙ..
      අපූරුයි ඔමා. අැත්තටම මලබාරියො නම් ගම්මිරිසුයි ලුණු කුඩු ටිකකුයිත් දා ගන්නවා

      Delete
  12. පෙස් බුකියට ලොල් උනෙත්.. බු දු ස ර න යි!!

    මා ත් මෛ් ගැල වන්න බලනවා..

    ජ ය ව් වා !!!

    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල් කීවලු
      මේක පේස් බුක් චායි. දවසක බීල බලහං කෝ...

      Delete
  13. ෆේස්බුක් චයි,....අඩෝ මාර නමක්නේ කෑමට දාල තියෙන්නේ...
    -----
    ෆේස්බුක් නම් චා තම"යි"

    ReplyDelete
    Replies
    1. ආ.. විභීෂණ....
      මේක කෑමක් නෙමේ..... බීමක්
      පස්ට බීමක්.

      ජය වේ!

      Delete
  14. සතුටුයි මචං වාඩියේ කට්ටිය පිරිලා

    ReplyDelete
    Replies
    1. එහෙනං... ඔයා තමා කට්ටිය හුඟක් එක්කන් අාවේ. තැන්කුයි වේවා!

      Delete
  15. මාත් ගන්ඩෝ... කියෙව්වා ෂෝයිම ෂෝයි ඈ. දිගටම ලියන්න. ජයවේවා.!!!

    ReplyDelete
    Replies
    1. ඔයියාටත් චායියක් දීලම පිළිගන්නවා ආදරෙන්. ආයෙත් එන්න ඕනේ....

      Delete
  16. චායි කියන නම , තේ වලට ගොඩක් රටවල පාවිච්චි වෙනව විශේෂයෙන් ගිනිකොන දිග ආසියාතික රටවල.
    පරණ පෝස්ට් ටික කියවන්ඩ පටන් ගන්න ඕනෙ මචෝ.

    ReplyDelete
    Replies
    1. අැත්ත තමා කම්මලේග හැබැයි මං දැනගත්තෙත් මෙහේ අාවට පස්සෙ තමා.
      කියවල ගුණ දෝසත් දාමු අෑ...

      Delete
  17. චායි කියන්නේ හින්දි නමක් නේද? මං අහලා තියෙනවා හුඟක් ඉන්දියානු චිත්‍රපටි සහ එහේ පොත්පත්වල ඔය නම කියවෙනවා..තේ කියනවා වගේම අමුතු රහක් තියෙන වචනයක් ඒක..:)
    ෆේස් බුක් කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාවත් වාඩියට.
      මචං චායි කියන්නෙ අර කුලුබඩු දාල හදන කිරි තේකට හින්දි වලින් සහ මලයාලම් භාෂා දෙකෙන්මලු.

      ඒක කොයි වෙතත් මෙහේ අරාබි එවුනුත් චායි කියල තමා කිරි තේ ඉල්ලන්නෙ. ප්ලේන් ටී වලට මුන් කියන්නෙ "සුලෙයිමාන්" කියල. ජයවේ.

      තනි තරුවේ............ තනි තරුවේ.....

      Delete
  18. තෙලා මධුවගේ බිලොග් එකේ ලින්ක් එක දිගේ ආවෙ.අපේ සෙටි එකම කලින්ම ඇවිත් ගිහින්.මටත් මෙකේ කාමරයක් වෙන් කරපං අද ඉදලා.නැත්තමි මම බලෙන් පදිංචි වෙනවා...

    ReplyDelete
    Replies
    1. එල කිරි මනෝ. උඹට මං කාමරයකුයි, පොල් කට්ටකුයි මෙට්ටෙකයිත් ලෑසති කොරඤ්ඤංකෝ...
      මතක ඇතිව මයියොක්කා ටික ඇරං වරෙං ඈ..

      බොහොමත් සාදරයෙන් ඕං ඔයාවත් වාඩියට පිළිගන්නවා.

      Delete
  19. අපි දවසක් බිව්වා කළු කෝපි, කුරුඳු පොතු කුඩු දාලා - සිරීපාදෙදි. ඒ වෙලාවෙ නං මාර රසයි...!!!

    ඕං මාත් ආවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං මේක මරු බීමක්
      සාදරයෙන් පිලිගත්ත ඕං

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)