Friday, June 13, 2014

කොට කලිසම් මහත්තයා

අලුත් පාරවල් කපල, තියෙන පාරවල්, පදික වේදිකා අලුත් වැඩියා කරල මැණික් ඟග දිගේ අලි වැටකුත් හැදුන. මුලු කතරගමම විතරක් නෙවේ අවට ගම් බිමි නගරත් ලහි ලහියේ අලුත් වෙමින් තිබුනා. මේ වෙන මොකටවත් නොවේ, කතරගම ගම් උදාව වෙනුවෙන්.

`

ගම් උදාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියටත් විශේෂ කාර්ය භාරයන් පැවරුනා. ඒ තමයි ගම්උදා භූමියේ සියලු මැනුම් කටයුතු සිදුකිරීම. ඉතින් අපේ තාත්තටත් මේ රාජකාරිය සඳහා පිටත්වෙන්න සිදුවුණා. සති ගණන් කතරගම නැවතිලාම තමයි රාජකාරිය කලේ.

කෙතරම් දුෂ්කර කටුක වුවත්, හරිම විනෝදෙන් එය ඉෂ්ඨ සිද්ද කිරීමේ හැකියාවක් අපේ තාත්තටත් තිබුන. පරිසරයට සතා සීපාවට තියෙන ආදරය ඇල්ම නිසා පැවරුන රාජකාරිය ඔහු ඉතා ආසාවෙන් සිදුකලා. සෑම උදේකම වැඩබිමට යනකොට ඔවුන්ව පිලිගන්න මොණරු රංචු පිටින් ඇවිදින් සිටියා. දවල් වෙද්දි ඔවුන්ගේ වැඩ බලන්න ඉත්තෑවො කබල්ලෑවො වගේම සමහර දවස්වල සවස් යාමයේ උදාගමේ කැලණි විහාරය ඇති ප්‍රදේශයට මුව පොව්වන් ද ඇවිත් වැඩබිමේ තොරතුරු හොයල තියෙනවා. තවත් සමහර දවස් වලට නයා පොලඟා මාපිලා එහෙමත් අපේ කට්ටිය වටේ ගැවසිල ගෙහුන් තිබුන. කලිසම් පස්සා සාක්කුවේ ඉඳල අහම්බෙන් අතට ආවත්, දිවි මකුලුවාගෙන් කරදරයක් වෙලා නෑ. අපේ තාත්තා අදටත් කියන්නෙ කැලේ කොලේ සතා සීපාව එක්ක ඉඳලත් කිසිම කරදරයක් හිරිහැරයක් වුනේ නෑ, වෙච්ච හිරිහැරයක් මිනිසුන්ගෙන් මිසක්ය කියල.




අපේ තාත්තගේ නඩේට තවත් මිනින්දොරු මහත්තැන් කෙනෙකුත් ගෝලයෝ හත් අට දෙනෙකුත් වැඩ කරල තියෙනවා. උදාගම් බිමේ වැඩ කරන අතරේ ඉඳල හිටල රාත්‍රියට පොඩියට එකක් දෙකක් අරහෙ මෙහෙ කරගන්නත් අමතක කරල නෑ. ඉතන් පස්සෙන්දට නිවාඩුවක් ලබන දවසක රාත්‍රියේ අපේ තාත්තයි අනිත් මහත්තයයි ටිකක් විවේක සුවයෙන් එලිමහනේ අනුමතවෙන්න කියල උදාගම් බිමට ඇවිත් තියෙනවා. ඔහොම කයියක් හෙම දාගෙන ඉන්නකොට එකපාරටම ජීප් එකක් ඇවිත් වැඩබිමේ නවත්තලා.




දැන් වෙලාව පාන්දර දෙකට විතර ඇතිලු. ජීප් එකෙන් සුදුපාට කොට කලිසමක් ඇඳ ගත්ත කෙනෙකුයි, තවත් හතර දෙනෙකුයි බැහැල ඉදිරියට ඇවිත්. සුදුකොට කලිසම් මහත්තයා අපේ අපේ තාත්තල දෙසට අත දික්කරල වැඩබිමේ හිටපු තවත් මහත්තයෙකුගෙන් මොනවාදෝ අහල වැඩබිම ඇතුලටම පයින් ගිහින්. ඉතින් රාත්‍රිය විවේක සුවයෙන් ගතකරල දෙන්න එක්ක නින්දට ගිහින් තියෙනවා. පහුවෙනිදා තමයි දැනගෙන තියෙන්නෙ ඒ ඇවිත් තියෙන්නෙ ප්‍රේමදාස මහත්තයා කියල. උන්දැ ඔයවගේ වැඩබිම්වලට නොකියාම එනවලු වැඩ පරීක්ෂා කරල යන්න.

ගම්උදාව විවෘත කිරීමට තව දින දෙකකට වාඩා නෑ. ඉතින් එදා රාත්‍රියේම එතුමා ආපන ශාලාව පරීක්ෂා කරන්නත් ගෙහුන් තිබුන. ඒකෙ වැඩ නිම වෙලා තිබුනත් පොලවට කාපට් දාලා තිබිල නෑ. ඉතින් ප්‍රේමදාස මහත්තයා ආපනශාලාව නිම කිරීම භාර මහත්තයගෙන් ඒ ගැන විමසල තියෙනවා. ඔහු කියල තියෙන්නෙ කතරගම හැම තැනම බැලුවත් කාපට් හොයාගන්න ලැබුනේ නෑ කියල. ඉතින් කොලඹ ගියානම් ගෙනෙන්ට හැකිනෙව කියල එතුමා අහල. අපේ සේරම වාහන වැඩ බිමේ වැඩවලට අරං තියෙන්නේ මහත්තයෝ කියල ආපනශාලාව භාර නිලධාරිතුමා පිලිතුරු දීලා. ලඟ හිටපු කෙනෙකුට කතා කරල එතුමා කියල අර අපේ ජීප් එකක් මේ මහත්තයට දෙන්න කොලඹ ගිහින් එන්න. දැන්ම ගියොත් හෙට හවස් වෙනකොට එන්නට හැකි නෙව. මම අනිද්ද උදේට එන්නම්කෝ, ඒවෙන කොට කාපට් ටික එලන්න පිලිවන්නේ. කීවත් වගේ කියපු දා උදේම ආපනශාලාව පරීක්ෂා කරන්න එතුමා නැවත ඇවිත් තිබුනා.




18 comments :

  1. ඇත්තට ප්‍රේමදාස ජනාධිපති තුමාට කට්ටිය මොනා කීවත් කොහොම බැන්නත් අද ඒ මනුස්සය හිංද හිසට හෙවණත් ඇතුව කී දෙනෙක් ඉන්නවද...
    අපූරු ලිවිල්ලක්... හරි රහයි...


    අදනෙව ආවෙ... ඔන්න රෝලටත් දැම්ම... එන්නං හැමදාම...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න හැමදාම ඇවිත් යන්න.

      Delete
  2. ප්‍රේමදාස උන්නැහේ වැඩක් කරනකොට ඔය වගේ හෙන උනන්දුවකින කරන දේ කරා අපරාදේ කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වැඩකට අතගැහුවම වැඩේ ඉවර කරන්න, එතුමාට මහා පුදුමාකාර අධිශ්ඨාන ශක්තියක් තිබුනා කියල ලඟින් හිටුපු අය දන්නව. අහල ඇතිනෙ මාලිගාවිල බුදුපිලිමය කෙලින් කරන්න එතුමා කියපු කරපු දේවල්.

      Delete
  3. ප්‍රේමදාස මහතා පසු විපරම ඉතා හොදින්ම කළ කෙනෙක්.....

    ReplyDelete
    Replies
    1. ඔහුගෙ පසු විපරම ගැන ඇති හොඳම උදාහරණය නම් යමක් කරන්න කිව්වොත් පසු විපරමක් අවශ්‍ය වෙන්නෙත් නැති තරං හොඳට වැඩේ කෙරිලා තිබුණා.

      Delete
    2. සහතික ඇත්ත හැලපගෙ කතාව නම්. එතුමාට වැඩක් කරන්න ඕනවුනොත් ඉතින් වැඩේ කෙරෙන විදිය විතරයි එතුමාට ඕන.

      Delete
  4. මට මතකයි ඩී.එප් කාරියකරවන කියන අපේ ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දියා එතුමාගේ මතක පොතේ ලියලා තිබුණා මොන මොන අඩුපාඩු තිබ්බත් ප්‍රේමදාස මහත්තයා තරම් පොදු ජනතාව ගැන හිතපු නායකයෙක් තවත් නෑ කියලා. එතුමා තමන්ගේ යටතේ හිටපු නිලධාරීන් එක්ක කටයුතු කරපු ආකාරය ගැන හරි අපූරැ කතා ගොඩක් මම අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලියමුකෝ බලන්න ඩිලිනි ඒ කතා දෙක තුනක්. මමත් අපේ තාත්ත අත්දැකපු කතා දෙක තුනක් අහල තියෙනවා. පක්ෂ බේද නැතිව අපිට ගන්න ආදර්ෂ නම් එමට තියෙනවා එතුමාගෙන්.

      Delete
  5. ප්‍රේමදාස කියන්නේ තද නායකයෙක්. මම හිතන්නේ රජයේ සේවකාරියටම වැඩ කරපු කාළේ ඒ කාලය කියලා. බොරු කරන්න නම් හම්බ උනේ නෑ. ඒ වගේම වර්ථමානය තරම් රාජ්‍ය සේවය පිරිහුන යුගයක් තවත් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත කියන විදියට එතුමා එක්ක බොරු කරන්න නම් බෑලු. වැඩේ කෙරෙන්න ඕන සියලු පහසුකම් එතුමා විසින්ම හොයල බලනවාලු.

      Delete
  6. //""කැලේ කොලේ සතා සීපාව එක්ක ඉඳලත් කිසිම කරදරයක් හිරිහැරයක් වුනේ නෑ, වෙච්ච හිරිහැරයක් මිනිසුන්ගෙන් මිසක්ය කියල""// හරියට හරි , රන්දෙණිගල , දෙහිඅත්ත කණ්ඩියේ මැනීම් කටයුතු කරන කාලේ මාත් ඇත දැකපු දෙයක් තමයි ඔක

    ReplyDelete
    Replies
    1. උඹත් මොන මගුලකට ඔය සතා සරුපය අස්සෙ රිංගන්න ගියාද,ගෙදරට වෙලා ඉන්නෙ නැතුව.

      Delete
    2. ඉවාන .....මමත් ගිරාදුරුකෝට්ටේ,නව මැදගම,හේනානිගල,දෙහිඅත්තකණ්ඩිය කරක් ගැහැව්ව ... කොයි කාලේද උඹ....????

      Delete
    3. අප්පේ මම කියන්නේ දෙදාස් හයෙන් පස්සේ , මම අපේ කැම්පස් එකේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ instructor ඉන්න කාලේ , ඒ කාලේ university එකට හම්බවෙන ප්රෝජෙක්ට්ස් වලට අපි යනවා , අතට දැනෙන ගානක් හම්බවෙන නිසා පැනලා යන්නේ ,

      හැලපයියට කියන්න ,ජීවිතේ ඉස්සෙල්ලම සුදු නයෙක් දැක්කේ දෙහිඅත්තකන්දියේදී, දැක්ක ගමන් නිකං බයවුනා බයවිල්ලක් දුවන්නත් අමතක වෙන්න

      Delete
  7. එහෙනම් ඉවාන්ටත් පරිසර, වනජීවී අත්දැකීම් එමට අැති. ලියමුෙකා අපටත් රසවිඳින්න.

    ReplyDelete
  8. දේශපාලන මතිමතාන්තර කෝම වුනත් රටකට වැඩක් ඇති දෙයක් කියලා දෙයක් කලානම් ඒ ප්‍රේමදාස මහත්තයා තමා.. ගම්උදාව හන්දා අහිංසක මිනිස්සු කොච්චරනම් දියුණු උනාද..

    ReplyDelete
  9. හ්ම්ම්....ප්‍රේමේ ලොක්කගෙ දින 5 ක යාපනය ගම් උදා වැඩ සටහනට යන්න ලැබුන.....
    අපේ හැලප ලොක්ක ගොඩක් දන්නව ගම් උදා වැඩ සටහන් ගැන....
    හැබැයි තාත්තගෙ කුහක කම සහ අම්මගෙ උද්දච්ච කම වැඩිපුරත් එක්ක සජිතට තියෙනව.....

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)