පසුගිය දින කීපය ඉතා වැඩ අධික ලෙස ගෙවුණු නිසා සීතල නුවර එලිය දෙවන කොටස ලියන්න ප්‍රමාද
වීම ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
ආරලු බූරලු නැතිව කෙලින්ම කතන්දරයට බහින්නම්කෝ. පළමු කොටස බැලුවෙ නැතිඅයට මෙන්න මෙතනින් ගිහින් බැලුවහැකි. ඉතින් මම කලින් ලිපියේ සඳහන් කලා නෙව අපිට
තේවතු තුනක මැනුම් කටයුතු සිදුකරන්න තිබුනය කියල. පලමු තේවත්ත තමා ෂින් එස්ටේට්
කියන්නෙ. දෙවන එක හැටියට තෝරගෙන තිබුනෙ ඩන්සිනන් වතුයාය. මයිල් කෙලින් වෙන
ඇබැද්දිය වුනේ ඔය කියන ඩන්සිනන් වත්තෙදි.
මට මුලින් කියන්න අමතක වුනා නෙව. මේ වතු මැන්නෙ ඒවයෙ වැඩකරපු ඉඩම් නැති
දමිල අය අතරෙ බෙදා දෙන්නයි. ව්‍යාපෘති යෝජනාව තොණ්ඩමන් ඇමතිතුමාගෙ කාලෙ වුනාට, අපි
මේ ඉඩම් මනින්න යනකොට තොණ්ඩමන් ඇමති, පාර්ලිමේනිතුවේ ආණ්ඩුපක්ෂෙන් විපක්ෂයට මාරු
වෙලා හිටියෙ.
කොහොම හරි ඩන්සිනන් යන පළමු දවස වුනේ දීපවාලි දවසක්. එදා උදේට අපි කඩෙන්
කිරිබත් හෙම කාල පිටත්වුනා. හරිම උද්යෝගයෙන් හැමෝම ඩන්සිනන් වත්තට ගියේ, එදා
දීපවාලි නිසා අපටත් කැවිලි පෙවිලි යහමින් කන්න ලැබෙයි කියල හිතාන. ඒ දවස්වල අපිට
තිබුනේ ටොයොටා කොරොල්ලා වැගන් වර්ගයේ කාරයක්. තේ වත්තෙ පාරක අයිනට කරල වාහනය දාල
උපකරණ ආම්පන්නත් අරන් තේවත්තේ එක් කන්දකින් වැඩ පටන් ගත්තා.
උදේ එකොලහ විතර වන විට මිනින්දෝරු නඩේ කන්දෙ මුදුනට ලඟාවෙලා හිටියෙ. හීන්
සිරි පොදයකුත් ඇදහැලෙමින් තිබුන. කොල්ලො කුරුට්ටොත් කීපදෙනෙක් අපේ වාහනය අහල පහල
ගැවසෙමින් හිටිය. වත්තෙ මිනිස්සු ලැයිම්වලින් එලියට බැහැල අපි වැඩකරන දිහා
උනන්දුවෙන් බලන් උන්න වගේ තමයි මට ඈතට පෙනුනෙ. දීපවාලි දවසනෙ කට්ටියටම නිවාඩු ඇති.
හවස් කොරේ කැවිලි පෙවිලි ටිකක් හෙම කන්න බැරියැ කියල, අපේ උන්දැල දිගටම වැඩ.
ටික වෙලාවක් යන කොට අපේ වාහනය ලඟ ගැවසුන පිරිස වැඩි වුනාවගේ පෙනුනා. අපි
අපේ පාඩුවේ කන්ද මුදුනටම ටික ටික සේන්දු වුනා. ඔය විදියට අපි කන්දේ අනිත් පැත්තෙ
බෑවුමත් මනින්න පටන් අරගෙන තිබුන. කන්දේ අනිත් පැත්තෙ බෑවුමේ ඉන්න අපට දැන්
වාහනයවත් පිරිසවත් පේන්නෙ නෑ. නිකමට වාගේ මට
හිතුන ආපහු කන්ද මුදුනට නැගල පාර දිහා බලන්න. වාහනේ ලඟ පිරිස සෑහෙන්න වැඩි වෙලා.
සමහරු අතේ පොලු. තව සමහරු අතේ ලොකු ගල් කුට්ටි. ලැයිමෙ වලියක් වගේ. මං උඩ ඉඳන්ම
පහල අපේ කට්ටියට කතා කරල ආරංචිය දුන්න.
ලැයිමෙ වලියක් වගේ පෙනුනට අපේ වාහනය ලඟ කට්ටිය ගහගත්තොත් වාහනයටත් අලාභයක්
වෙන්නත් බැරිනෑ. මට එහෙම හිතුනට අපේ තාත්තට වෙන දෙයක් හිතිල. තාත්තගෙ කීමට අපි
කට්ටියම එක සීරුවට පල්ලම් බැස්ස සිද්දය බලන්න. වත්තෙ ගල්වැටෙන් පාරට බැස්ස විතරයි,
මෙන්න බොලේ එකෙක් අපේ තාත්තව බදාගෙන නෝට් බුක් එක උදුරන්න හදනව. තාත්තත් ඇරියෙ නෑ,
එක පාරටම වැලමිටෙන් දුන්න උන්දැගෙ ඉලපත්ත පැත්තට පාරක්. ඒක වීසිවෙලා ගිහින් ගල්
වැටට හේත්තුවුනා. වෙච්චි දේ එච්චර හොඳ දෙයක් නෙවේ. එතන පිරිමි විස්සක් විසිපහක්
විතර සහ ගෑනු දොලහක් පාලොහක් විතර ඉන්නවා.
උන් ඔක්කොම දෙමලෙන්, කැඩිච්ච සිංහලෙන් අපේ හත්මුතු පරම්පරාවටම බනිනවා. ඔය
අස්සෙ තව හත් අට දෙනෙක් අපේ කාර් එක උස්සල කන්දෙන් පහලට පෙරලන්න තතකනවා. තව හතර
දෙකෙන් පොලු උස්සන් මොර දෙනවා. සේරටම දීපවාලි පදම සැරටම වැදිලා. ලැයිමේ නායකයා
නැත්නම් තලවර් වගේ හිටපු එකා අපේ තාත්ත එක්ක වාදයක්. උන්දැල කියන්නෙ උන්ගෙ ඉඩම්
අපි ආමි එකට දෙන්නයි මනින්නෙ කියල. ඒ දවස්වල ආබාධිත රණවිරුවන්ට ඉඩම් දෙන ව්‍යාපෘතියකුත්
තිබුනා. මෙව්ව තොණ්ඩමන්
ඇමතිතුමාගෙ යෝජනාව අනුව උන්දැලටම බෙදව වෙන්කරල
දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් මනින්නෙ කීවට එකෙක් නෙමෙයි අහන්නෙ. තලවර් කියනවා
තොණ්ඩමන් දැන් ආණ්ඩුවේ නේ.
ඒක විපස්සෙට පැනල තමා ඉන්නවා.
ඔය මාත්තියා අපට බොරු තමා කියනවා. තොණ්ඩාමන්ට දැන් බලයක් නේ.
ඒ අස්සේ තව එකෙක්,
උම්බලට අද යෙන්න දෙන්නෙ නේ.
යෙන්න ඕන නම් දීපිං ඔය ඔක්කොම කොල ටික.
මේකෙ හිංගල XXX!@#$%@# ගෙ පුතාල පදිංචි කරන්න
බෑ.
අපේ ආබාධිත රණ විරුවන්ට තේවතුවලින් ඉඩම් බෙදල දෙන එකට විරුද්ධව ඩන්සිනන් ලැයිම්
දෙක තුනකම ගැහණු පිරිමි ජාත්‍යාලයෙන් යුතුව විනාඩි ගණනකදි එක්රැස් වෙලා හිටියා.
සිංහල දෙමල කෝලාහලය අහල තිබුනට ඒක කොයි වගේ වෛරී දෙයක් වෙන්න ඇතිද කියල එදා අපිට
හිතාගන්න පිලිවන් වුනා.
හප්පේ එක ගිනි විජ්ජුම්බරයයි. උන් අපේ කට්ටියව වටකරගෙන. ඔය අල්ල පනල්ලෙ අපේ
එකෙක් හිමීට මාරු වෙලා ගියා සුපිරින්ටඩන් බංගලාවට වතු අධිකාරිට පනිවිඩේ කියන්න.
හැබැයි මිනිහත් ගියාට ආපහු ආවෙ නෑ. පස්සෙ දැනගත්තෙ වතු අධිකාරිත් එතනට එන්න බයේ
ඉඳල තියෙන්නෙ කියල. මීට ටික දවසකට කලින් තමා තවත් වතු අධිකාරිවරයෙක් නිවාස
අඩස්සියේ තියාගෙන හිටියේ, පඩිවැඩි කිරීමක් ඉල්ලල. උන්දැව බේරගත්තෙ යුධ හමුදාවෙන්
ගිහින්. ඒ දවස්වල පත්තරේත් සිද්දිය වාර්තා වුනා.
දැන් වසවර්ති සේනාව අපේ වාහනයට යන්න බැරිවෙන්න ඉස්සරහිනුයි පස්සා
පැත්තෙනුයි කලු ගල් දාල. පොලුමුගුරු අමෝරාගෙන බලන් ඉන්නෙ. පට්ට සීතලේ හොඳටෝම
දාඩියත් දාල. තාත්ත අතේ තිබුනු ෆීල්ඩ් නෝට්ස් බුක් එක දෙන්න කැමතිවුනේ නෑ. ඒකෙම තමයි පුරා මාසයක් ෂින් වත්තෙ වැඩකරපුවත්
තිබුනෙ. හවස්ජාමෙ වෙද්දි අපිට හැකි වුනා තලවර්ව නම්මා ගන්න. උන්දැට අපි නිවාස
සංවර්ධන අධිකාරියෙන් දීපු ලියුමෙ කොපියක් දෙන්න කැමති වුනා. හැබැයි අපි එක්ක
එන්නෝන ටවුමට යන්න. දැන් වත්තෙ එවුන්ගෙ හිතේ තලවර් අපෙන් ගානක් අරං වැඩේ ෂේප්
කරගන්නයි ටවුමට යන්න හදන්නෙ කියල. උන් තලවර්ටත් කුණුහරපෙන් බැනල අපේ වාහනයටම දෙන්නෙක්
නැග්ග ටවුමට යන්න.
කොහොමහරි එදා ඒ විදියට අපි බේරිලා ආවා. ඊට පහුවෙනිදා අපිට නිවාස සංවර්ධන
අධිකාරියෙන් පොලිස් සන්නද්ද රථයකුයි ආමි ජීප් එකකුයි එවුව වැඩේ දිගටම කරගෙන යන්න.
ඔන්න ඔහොමයි අපි දීපවාලි කැවිලි වල රස වින්දෙ.
උඹව අර ආගමික පොලිසියෙන් කුදලාගෙන යයි ,ජාතිවාදය අවුලුවන්න හැදුවා කියලා අහිංසක වතු දෙමල ජනයාට එරෙහිව
ReplyDeleteහැබෑට ඒකත් වෙන්න බැරි නෑ. රටේ දෙවැනි පුරවැසියො ගානට වැටිච්ච අපට
Deleteසෙල්ලං නෑ...
ReplyDeleteමාර සෙල්ලම තමයි අපට වුනේ.
Deleteපැරනි ලිපි ටිකත් කියවන්න ඔිනේ.
ReplyDeleteකියවන්න කියවන්න. කියවල අදහස් උදහස් ටිකත් කොටල දාන්න කෝ.
Deleteපට්ට කෑමක් නේ හම්බවෙලා තියෙන්නේ. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නේ ඕකට තමා. ජාතිවාදේ උන්ගෙ පැත්තෙන් කොහොමද කියලත් දැනෙන්න ඇති නේද එදා.
ReplyDeleteසිරාවටම. ඒත් දැන් සිංහල අපිට ඕව තහනම් වචන නේ නලීන්. ඇයි ඉතින් අපි දැන් රටේ දෙවැනි පුරවැසියො ගානට වැටිලනෙ ඉන්නෙ.
Deleteචැහ්.. හද්ද චාටරයක්නේ.. අපි විතරයි ජාතිවාදී මිත්‍රයා .. නිකං බොරු නං කියන්ඩෙපා ඒ ගොල්ලො එහෙම නෑ..
ReplyDeleteමල්ලි හරි මල්ලි. අපි නොවැ දැන් සිරි ලංකාවේ දෙවැනි පෙළ පුරවැසියො. වෙලාවකට හිතෙනව ඇත්තටම පුරවැසියොද පුර වස්සො ද කියලත්..
Deleteසුපිරි දීපවාලි කෑමක් නොවැ ලැබිල තියෙන්නෙ,පණ බේරගත්ත මදැයි.
ReplyDeleteනෙවෙන්නම් හැලප. එදා උදේට කාපු කිරිබත විතරයි. මහ රාත්‍රිය වෙනකම් හැලපයක්වත් නෑ.
Deleteහෙක්...හෙක්.... ඔය කොයි කාලේද බං ....නියම දීප වලී යක්.....
ReplyDeleteමම ත් හැටන්,දික්ඔය,මස්කෙළිය & නාවලපිටිය තේ වතුවල ගැවසිල තියෙනව ජොලියට.....මිනිස්සු විතරක් නෙමේ ගැහැනුත් හරි හරියට රා...කෂියා බිගත්ත ගමන් ඉන්නෙ ...
මේක කෙන්ජි, මට මතක විදියට 2001 අවුරුද්දෙ සිද්ද වුනේ. සිරාවටම මුන්ගේ ලැයිම් ජීවිත ගැන නම් පොත්පිටින් ලීවහැකි.
Deleteතම සීමාව බල්ලොත් රැක ගන්න කැමති දෙයක් නේ ,
ReplyDeleteබල්ලොත් එක්ක බෑ කියන්නෙ නිකම් යැ
Delete