Monday, May 5, 2014

දුටු ගැමූණු සීගිරි කාශ්‍යප යුද්ධය



               එක පාරටම බැලුවම තෙලිදියට පදම වැඩිවෙලාවත් ද කියල හිතෙනව ඇති නේද. දුටු ගැමුණු එළාර යුද්ධයක් ගැන අහල තිබුනට දුටු ගැමුණු සීගිරි කාශ්‍යප යුද්ධයක් අහල තඅබුනෙ නෑ නෙව. එහෙම යුද්ධකෙුත් තිබුන,මේ සිරි ලංකාවේ. මේක නම් ගම් මනක්කල්පිත සත්‍ය කතාවක්. කියවලම බලන්නකෝ.



            මේක මේ අපේ තෙලිදිය තුමා නැතිනම් මංතුමා උසස් අධ්‍යාපනය හදාරපු කාලේ සිද්ද වෙච්ච සිදුවීමක්. මේ සිද්දියට අදාල අපේ යාලුවො සේරම සිලීටයේ එහෙමත් නැතිනම් (SLIIT) එකේ ඉගෙන ගත්ත කාලේ සිදුවීමක්. ඒ කාලේ අපි හුඟදෙනෙක් බෝඩිම් වෙලා තමයි කැම්පස් ගියේ. විවිධ අවස්ථාවල අපි බෝඩිම වෙනස් කලාට පාඩම් කරන්න විභාග දවස් වලට එක බෝඩිමකට සෙට් වෙනවා. ඒ තමයි නැණසමේ බෝඩිමේ නම හැදුන හැටිත් මට මතක විධියට ඉතිහාසගත කතාවක්. හරියටම දන්න යාලුවෙක් ඉන්නව නම් පොඩියක් මතක් කරන්නකෝ.

            ඔන්න ඉතින් මේ කියන කාලය එක් වාරයක විභාගයක් අවසන් වෙච්ච කාලය. එක්සෑම් පටන් ගන්නත් කලින් අපි යාලුවො සෙට් එක කතාවුනා එක්සෑම් ඉවර වෙලා කොහේ හරි ට්‍රිපක් දාගමු කියල. කස්ටිය එක එක පලාත් ගැන කියන අතරේ, අපේ බමුණු තුමා ගත්ත ගෙදරට කෝල් එකක්. හෙලෝ හෙලෝ.. ආ තාත්තේ මම මේ අඳුන, පුතා කතා කරන්නෙ. ඇයි පුතා හදිස්සියෙ. නෑ තාත්තෙ මං මේ කතාකලේ..... අපේ යාලුවො සෙට් එක නකල්ස් යන්න කියල කතා වෙනව එක්සෑම් ඉවර වෙලා ........................ ඕකේ ඕකේ තාත්තෙ. හරි තාත්තෙ. බුදු සරණයි. ඔන්න මචං වැඩේ සෙට්. මේ ටික විශේෂයෙන් මතක් කරන්නම ඔනේ. අපේ බමුණු තුමාගෙ තාත්තා වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉහල තනතුරක්. ඉතින් එතුමා තමයි අපිට නවතින්න නකල්ස් සර්කිට් බංගලාව වෙන්කරල දුන්නෙ. තෙලිදිය එතුමාව මේ මොහොතේ පුන්‍යානුමෝදනාත්මකව සිහි කරන්න කැමතියි. (එතුමාට සසර කෙලවර අමා මහ නිවන් මග අවබෝධවේවා!)

            ඔන්න දැන් සේරම ලෑස්තියි. නඩේ ගුරා වුනේ තෙලිදියම තමා, මොකද ඒකාලේ මංතුමාගේ ලොකු මස්සිනා වැඩ කලේ බදුල්ලෙ නිසා නිතර නිතර බදුලු ගිහන් පාරවල් හොඳට පුරුදුයි. පාන්දර 5ට විතර අපි බෝඩිමෙන් පිටත් වුණා. කෙලින්ම මීගමුවෙ තට්ට බඩාලෑ ගෙදර ගිහින් අර බාබකියු සැට් එකත් වාහනයට පටෝගත්ත. මට මතක හැටියට අපි ඇම්බැක්ක ගඩොලාදෙණි එමෙත් බලාකියා ගෙන දවල් වෙද්දි මහ නුවරට ලඟාවුනා. මහ නුවරින් බාබකයු කරන්න අවශ්‍ය අඩුම කුඩුම හෙම අරගෙන අපි මහියංගන පාරේ නකල්ස් යන්න පිටත් වුනා. හුන්නස් ගිරියට ලඟා වුන අපි හුලං කපොල්ල ලඟ හෝටලයෙන් තේ එහෙම සප්පායම් වෙලා ෆොරස්ට් සර්කිට් එකට එන කොට සවස 7.20ට විතර ඇති.

            තට්ට බඩා බාබකියු එකේ කලමනා ලෑස්ති කරන අතරේ උදීෂ බඩා තමයි බොතල් පාටිය ලෑස්ති කලේ. ඔන්න දැන් කස්ටිය ආගිය කතා පටට කතා කියකිය සෙට් වුණා කියමුකෝ. ඔය කොයි සෙට් එකෙත් වගේ අපේ සෙට් එකෙත් හිටියා බයිට් කකා කෝක් බීබී ආතල් දෙන වැල් මංජුව කියල එකෙකුත්. ඒ දවස් වල තෙලිදියතුමා  බීවෙ බියර් විතරයි. ආහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ සාධාරණ කොටාත් අමධ්‍යප බුවෙක්. එතකොට සිරසෙ බඩා නොහොත් බඩී වයින් විතරයි බීවෙ. ඔය කොයි කාටත් හරියන කළමණා කාරිය අපි අරං ගෙනිහුන් තිබුන. ඕං ඉතිං පොඩියක් පදමට එන කොට අපි තුන්ඩු මංජුසාවට අතදාල  තුන්ඩුවක් අරං එකෙ ලියවිල තියෙන ජවන්කාව රඟපාල පෙන්නන සෙල්ලමත් පටං ගත්ත. ඔය අතරේ අපේ  රාජාවලිය, සිංහල රජවරු හා ඔවුන්ගේ වික්‍රමයන් එහෙම වාද විවාදත් තිබුනා.  ඔය විදියට ගෙනාපු බෝතල් ටික අහවර කරල කෑම කන අය කෑම කාල එහෙම දැන් ලෑස්තිය නිදා ගන්නයි.


            ඕන්න දැං තමයි ඉතිහාසෙ වෙනස් කරපු යුද්දෙ පටන් ගන්නෙ. අපි නැවතුන සර්කිට් බංගලාවෙ තිබුනේ ඩබල් ඇඳන්. ඒකීවෙ තට්ටු දෙකේ ඇඳන්. ඕන්න ඉතින් ඔය වගේ ඇඳක් ඉස්සරහ බිත්තියේ එල්ලල තිබුන පරන කැලැන්ඩරයක්. ඒකෙ තිබුනෙ සීගිරි රාජධානියේ අභිමානවත් පිංතූරයක්. දැං මේක දැක්ක අපේ යාලුවෙකුට ඉවසුම් නෑ. මිනිහ වෙරිමරගාතෙ ඇඳෙන් බැහැල අර කැලැන්ඩරය ලඟට ගිහින් දොහොත් මුදුන් දීල වඳින්න තියා ගත්තෙ නැතෑ. සීගිරි කාශ්‍යප අපේ වීරය, උන්දැට අපි සදා ණය ගැතියි කිය කිය වැඳපු මිනිහව උස්සල අපි දැම්ම අර ඩබල් ඇඳේ පහල මෙට්ටෙට. මෑන්ට ටිකක් වැඩියි වගේ. අර ඇඳේම උඩ හිටපු යාලුවත් බෙල්ල දාල මොන මොනවාදෝ කීව. මෙන්න අපේ සීගිරි කාශ්‍යපට නැග්ගෙ නැතෑ අසූහාර දහසට. උඹ කවු ද යකෝ මට අනං මනං කියන්න, දැනගං මම තමයි සීගිරි කාශ්‍යප. අපේ අනිත් යාලුවත් ඇරියෙ නෑ. අඩෝ දැනගං උඹ සීගිරි කාශ්‍යප උනාට මට මොකෝ, මං තමයි ඩෝ දුටු ගැමුණු. අම්මට සිරි දැන් තමයි ඓතිහාසික යුද්දෙ පටන් ගන්නෙ. පහල යාලුවා- අඩෝ උඹට පුලුවන් උනාද ඩෝ සීගිරි ගලේ මාලිගා හදන්න. මමයි ඩෝ සීගිරි මාලිගාවෙ අයිතිකාරය. අනිකා- උඹ ගල උඩ මාලිගා හැදුවට බලපං දැන් ඉන්නෙ මට වඩා පහලින් ඩෝ. පහල එකා- අඩෝ! තෝ කොහොමද යකෝ මට උඩින් ඉන්නෙ. බැහැපිය පරය බිමට. අපිට ෆුල් ආතල්. නිදි මතත් කොහෙ ගියා ද නෑ.  කවද බලන්නද ගැමුණු කාශ්‍යප යුද්ද. ඔහොම දෙන්න විනාඩි වස්සක් විතර යුද්ද කරා. දැන් තමා යුද්දෙ උච්චතම අවස්ථාව. දුටු ගමුණුට මං බය නෑ ඩෝ කියල, අපේ කාශ්‍යප රජතුමා ගහපි නේද පයින් උඩ ඇඳට. අනේ අපේ අපේ දුටු ගැමූණු සීගිරි කාශ්‍යප ගෙ පා පහරට බිමට පෙරලුනා.
            ඔන්න ඔහෙමයි දුටු ගැමුණුයි සීගිරි කාශ්‍යපයි යුද්ද කලේ. අපේ ට්‍රිප් එක නම් තව දවස් තුනක් තිස්සෙ රස වින්ඳා. අපරාදෙ කියන්න බෑ පහුවදා දුටුගැමුණුයි සීගිරි කාශ්‍යපයි කරට අත දාගෙන පුංචි ලෝකාන්තෙ බලන්නත් ගියා.


16 comments :

  1. හැක් හොදට අරගෙන අගේ කස්ටිය ,ඔය ඇදන් නම් මට දිරවන්නෙම නෑ ,කතා ගොඩක් තියෙනවා ඔය ඇදන් දැක්කාම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තෙ ආවාට. කියමුකො බලන්න ඔය කියාපු කතාවක් දෙකක් අපටත් රස විඳින්න.

      Delete
    2. පට්ට පට පට.... මේ ට්‍රිප් එක අපිට ජීවිතේට අමතක නොවෙන එකක්. තෙලිජ්ජෝ උබට අමතක වෙච්ච තව චරිතයක් හිටියා. ඒතමා "රොබින්හුඩ්". ඔය අස්සේ දුටු ගැමුනුත් එක්ක ෆිඝ්ට් කරන්න රොබින්හුඩ් අවා. අන්තිමටම දුටුගැමුණු පරාද උනේ කුදැල්ලට. අන්තිමට උදේ නැගිටලා බලනකොට ප්‍රධාන චරිතේ රගදැක්වූ මහා කාශ්‍යපට මුකුත් මතක නැතිලු.....

      Delete
    3. තව ගොඩක් අය කතාවෙ හිටිය මට මතක විදියට. කමල් අද්දරාරච්චි සහ ශ්‍රි විcක්‍රම රාජසින්හ එක පන්තියෙ කාශප එක්ක ඉදල තියනව, මතකද එ ටික? කොහොම උනත් ජිවීතෙ අමතක නොවන ට්‍රිප් එකක්.

      Delete
    4. @ උදීෂ
      සිරාවටම මචං පට්ට ට්‍රිප.

      Delete
  2. තෙවා බියර් පානය කරපු නිසා හොදයි නැත්නං එළාර කාශ්‍යප යුද්ධෙකුත් ඇති වෙන්න ඉඩ තිබුනා.. සාධාරණ කොටා කියල එකෙක් හිටියේ සුරපප්පා කාටුන් එකෙත්.. ජය

    ReplyDelete
    Replies
    1. මැක්කාMay 5, 2014 at 3:28 PM

      අපේ සාදාරණ කොටත්, සුරපප්පා එකේ එකා වගේතාම. ඌ සියල්ල සාදාරණව කරනවා. උ කොට නිසා අපි උට කියන්නේ සාධාරණ කොට කියලා.

      Delete
    2. ඇයි බන් උඹට මතක නැද්ද ඔය කොටා තමයි අපිට මැත්ස් කුප්පි දැම්මෙ. මැත්ස් වල තියෙන සම්භාවිතාව උගන්න කොට මූට හැම තිස්සෙම සාධාරණ දාදු කැටයි සාධාරණ කාසියි ඕනවුනා නෙව. ඉතින් එදා ඉඳල මූ සාධාරණ කොටා.

      Delete
    3. @ දේශක
      බියර් වලින් පටන් ගත්තට මොකද අපේ ලංගම මනෝජ් අයිය එක්ක මාතලේ ගිහින් පටන් ගත්තු බීම පුරා වසර 5ක් තිස්සෙ උපරිමයටම ලඟා වෙලා තමා ඕං නැවැත්තුවෙ.

      මම නං දැන් සුරා සූදුවෙන් තොරයි ආයිබෝං

      Delete
  3. Kota ta kota kiyanne epa hariya

    ReplyDelete
  4. අැඳ තමයි අැඳ

    ReplyDelete
  5. සාධාරණ කොටෙක් ඉන්න එකේ හොද කම තමයි ඉතින් ඔය.. ඕනම සෙට් එකක එකෙක් ඉන්නවමනේ..

    අදයි මේ පැත්තේ ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි දිනේෂ් ලෙතිදිය උගුරක් බෙන්න මේ පැත්තෙ ගොඩවුනාට. නැවතත් එන්න රස කෙලිදිය රස විඳින්න.

      Delete
  6. අදයි දැක්කේ මේ බ්ලොග් එක. රසවත් අත්දැකීම්. ඔහොම යන්!

    ReplyDelete
  7. මරු යුද්දෙ අප්පා... ලස්සනම වැඩේ කියන්නෙ පස්සෙන්දා වෙනකොට සීගිරි කාශ්‍යපට කලින්දා රෑ රජ වෙච්චි එකත් අමතක වුනු එක... :D

    අපේ ගෙදරත් තියෙනව ඔය වගේ බන්ක් බෙඩ් එකක්... ගෙදරට අමුත්තෙක් ආවම පොඩි එකා උඩට නග්ගලා එයාගෙ ඇඳ අමුත්තට දෙනව... රෑ වෙනකම් රණ්ඩු දෙන්නා, අනිත් එකා ඇඳ හොලවන නිසා නිදා ගන්න බෑයි කියල...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මියුරු තෙලිදිය රස බැලුවට. නැවත එන්න වාඩිය පැත්තේ.

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)