මහවැලිය කියන්නෙ අපේ රටේ දිගම ගංඟාව කියල ඔයාල දන්නව නෙව. ඒ
වගේම තමයි මහවැලි ව්‍යාපෘතිය කියන්නෙ අපේ
රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. මහවැලි ව්‍යාපෘතිය අපේ රටතුල කොයි තරම් වෙනසක්
සිදු කලාද කියල අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. මේසා අගනා ඉතිහාස කතාවක් අපේ
රටට දයාද කල මහවැලි ව්‍යාපෘතියේ ආරම්භක මෙන්ම ප්‍රධාන මෙහෙයක් ඉටු කරීමේ වගකීම කරට
අරන් එය නිසියාකාරව ඉටු කළ පිරිසේ ඉදිරියෙන්ම සිටිනා කෙනෙකු ලෙස මගේ පියතුමාගේ නමද
තිබෙන බව ඉතාම හැඟීම්බරව, නිහතමානී ආඩම්භරයකින් යුක්තව මේ මොහොතේ මතක් කරනු
කැමැත්තෙමි. මේ වන විට රෝගීව සිටින රටක් වටින එතුමාට නිදුක් නීරෝගී සුවය කඳුලුපිරි
දෙනෙතින් යුතුව ප්‍රාර්ථනා කරමි. මගේ ආයුෂත් අරගෙන ඔහු තව බොහෝ කාලයක් ජීවත්වේවා.
ඉතින් මම දැන් කියන්න යන මේ කතාව ඔහු මහවැලියෙ මේන් චැනල්
එකේ (ප්‍රධාන කොටසේ) වැඩ ඇරඹි කාලයේ සිද්ද වෙච්චි එකක්. දඹානේ සිට හෙනානිගලට
මැනුම් කටයුතු භාරව ඉඳල තියෙන්නෙ ඔහු තමා. ඒකාලේ මේව ඝන වනාන්තර නොවැ. වනන්තරේ ජීප් ට්‍රැක් එක (ජීප් එකක් යාමට තරම්
පලල පාරක්) කපාගෙනම තමයි ඉදිරියට යන්න ඕන. ජීප් ට්‍රැක් කීවට මහ වනන්තරේ විල්ලු,
වගුරු, ගල්කුලු, ආරු මැදින් තමා පාර හදාගන්න සිද්ද වෙලා තියෙන්නෙ. මේ ආකාරයට දඹානේ
සිට පාර කපාගෙන හෙනානිගලට එන කොට තව පිරිසක් මහ ට්‍රැක්ටරයකින් ඊට දවසකට දෙකකට
කලින් යැවුවලු හෙනානිගලයි දඹානයි අතරමැද තියෙන දොලගල්වල කියන ඉසවුවට, එකාලෙ තිබුන
වටපාරෙන්. ඒ අයගෙ රාජකාරිය වෙලා තියෙන්නෙ පිරිසට නවාතැන් ගන්න ලොකු කූඩාරමක් සකසලා
දොලගල්වල සිට දඹාන පැත්තට පාර හදාගෙන එන්න. මේ කූඩාරමට කාමර දෙකකුයි, තරමක විශාල කොටසකුයි
අයිතියි. සති දෙක තුනක් හෝ මාසයක් විතර එක දිගට ඉන්න වෙන නිසා බිමට සිමෙන්තිත් දාල
සිමෙන්තියෙන් වැසිකිලියකුත් හදනවලු. ඒ කාලේ ස’ර්’වය’ර්’ සුපිරින්ටන්ඩන් නොහොත් මිනින්දෝරු
අධ්‍යක්ෂකට ඉතින් මේව සුපිරිසිදුවට පහසුවට තියෙන්න ඕනැ. උන්දැ සුද්දෙක් නොවැ.
දැනටත් ඉතින් අපි ඔය කතාවට කියනවනේ “මගේ වැඩත් සුද්ද වගේ ක්ලීන්
කියල”.
මේ කාලේ වැවිලි සමාගම් එහෙම පාලනය වෙලා තියෙන්නෙත් බොහෝ
දුරට සුදු ජාතිකයන් අතින් තමා. ඒ වගේ වැවිලි සමාගමක් භාරව හිටපු සුදු මහත්තයෙකුත්
මේ වැඩේ ආරංචිවෙලා මගදි අපේ පිරිසත් එක්ක එකතුවෙලා තියෙනවා. උන්දැට ඕනැ වෙලා
තියෙන්නෙ විනෝද චාරිකාවක් වගේ කැලේ මැදින් හෙනානිගලට ගිහින් අපේ ආදිවාසී ජනතාව බලා
කියාගෙන එන්න. කැලේ දෙවියන්ට භාර වෙලා අමු කොල අත්තක් කඩලා අතුදෙබලක එල්ලල හෙම
තමයි අපේ පිරිස ගමන ආරම්භ කරන්නෙ. ඔය එන අතෙරෙදි වගුරු වගේ එරෙන තැන් හමුවුනාම, කැලේ
වැල් කඩාගෙන ඇවිත් කැලෙන්ම සොයා ගත් ලී කොට, අතු ඉති එකට තියල බැඳල රෝද වලට තියල තමයි
එගොඩ වෙන්නෙ. සමහර වෙලාවට කැලේ මැදින් ගලන
දොල පාරවල් දෙකට බෙදිල කැලේ මැද කුඩා දූපත් හෙම හැදිල තියෙනවලු. මේවගේ තැන් දැක්කම
කාටද ආස හිතෙන්නෙ නැත්තෙ. ඉතින් කස්ටිය එහෙම තැන් වල ටිකක් නැවතිල නාල කාල හෙම
තමයිලු පිටත් වෙන්නෙ.
මේ විදියට හැතැක්ම තිස්තුනක් පාර හදාගෙන යන්න තිබුනලු. අත්දුෂ්කර එහෙත්
ආශ්වාද ජනක ගමනේ දවල් හරිය වන විට අපේ පිරිස වේර පොකුණ කියන කැලේ මැද ගම්මානෙකට
ලඟාවෙලා. එදා උදේ උයාගෙන ආපු බත් සමග ආඳා මාලුයි, පරිප්පුයි, කොල සම්බලයකිනුයි
තමයි දවල්ට සප්පායම් වෙලා තියෙන්නෙ. අපේ තාත්තට නම් ආඳා මාලු එච්චර ඇල්ලුවේ නෑලු.
ටික වේලාවක් ගිමන් නිවල ආයෙත් කට්ටිය අයියනායක දෙවියන් සිහිකරන් තව කොළ අත්තක් හෙම
එල්ලල ගමන් ආරම්භ කරල. ඔහොම තව හැතැක්ම දෙකක් විතර ඉස්සරහට යනකොට අපේ පිරිස ගමන්
ගත්ත ජීප් එක වගුරක එරිල. රියදුරුතුමා දන්න සෙල්ලං ඔක්කොම දාල රෝද හතරම මඩේ එරිලලු.
ඒ ගිය ජීප් එකේ ෆෝවීල් විතරයි අර වින්ක් එක කියන උපාංගය තිබිල නෑ. දැන් මේ ගමනට අර
මන් මුලින් කීව සුදු මහත්තයත් අපේ පිරිස සමග උන්දැගේ ලෑන්ඩ්රෝවර් වර්ගයේ
ජීප්පුවෙන් මගදි එක්කාසුවෙලා තිබුන නෙව. අපේ කස්ටිය සුද්දට කෑ ගහල කියල වගුරට
දාන්න එපා එරෙනව කියල. සුද්ද බැලුවලු දැන් තමයි මගේ වැඩ පෙන්නන්න හොඳම වෙලාව කියල,
ඉංගිරිස් වලින් “Don’t you know? This
is a Land Rover. I am an expert of four wheel drive in London.” කියල පුරාජේරුවකුත් කීවලු. මෙහෙම කියල උන්දැගෙ ජීප්පුවෙත් සැර දාල හෙම
දැම්මෙ නැතෑ මඩ ගොහොරුවට. අපේ එරිච්චි මිට්සුබිෂී ජීප් රථය පහුකරනවත් එක්කම උන්දැගේ
ජීප්පුවත් ඉදිරිපස රෝද නොපෙනෙන තෙක්ම එරිල ගිහින්. මෑන්ස්ගේ සෙල්ලන්නුත් දැන්
අහවරයි. සුද්ද තමන්ගේ වාහනයටත් බැනගෙනම දොර ඇරල මඩට බහැල. දැන් ඉතින් මිනිහගෙ සුදුපාට,
කටයි නලලෙ කුඩා කොටසකුයි විතරයි.
කොරේ පිටට මරේ කියල අපේ පියතුමාට දවල් දෙසාබාපු ආඳා මාලුත් උඩ පැන පැන වැඩ
කරන්න පටන් අරං ඔක්කාරෙලු. දැං ඉතින් මොකද කරන්නෙ, අනිත් පැත්තෙ ඉඳල මේ පැත්තට පාර
කපන් එන ටැට්ටරේ සමහරවිට හෙට උදේ වෙද්දි එන්න ඉඩතියෙන නිසා ඒක එනකම්, වගුර
කිට්ටුවම කැලේ වාඩිගහන්නයි කස්ටියගෙ කල්පනාව. මොකද අද වගේ අතේ ගෙනියන ටැලිපෝන්
නෑනෙ. අපේ සුදු මහත්තයත් ඉන්නවලු රූස්ස මුලක් උඩ ඇන තියාගෙන, හරියට පෙරහැරේ ආපු
ගරා යකා වගේ. ඔහොම පැයක් දෙකක් ඉන්නකොට ඈතින් ඇහෙනවලු සද්දයක්. සද්දෙ ටික ටික අපේ
කස්ටිය උන්නු දිසාවට ලංවෙන හඬ ඇහෙන්න ගත්තලු. බැලින්නං මේ කලින්දා උදේ දොලගල්වලට
යවපු අපේ මහ ටැට්ටරේ නොවැ. අපේ පිරිස සන්තෝසෙට උඩ පැනල කෑ ගහල එක සෙල්ලමයිලු. එදා
කොහොමට තියෙන්න ඇත්ද ඒ පිරිසගෙ සන්තෝසෙ. ඔන්න ඉතින් ටැට්ටරේ ඇවිත් ටේලරේ ගලවල හුක්
එක කියන කොටස ජීප් එකේ බෆර් එකට යටින් දාල, ලී කොටන් එහෙම දාල ඇදල ගොඩ ගත්තලු. අපේ
සුදු යාලුවගෙ ලෑන්ඩ් රෝවර් එකටත් ඉතින් ඒ ප්‍රතිකර්මයම තමා කොරල තියෙන්නෙ.
දැන් ඉතින් මඩෙන් ගොඩ වෙලා ටැට්ටරේටත් ආයිබෝං කියල අපේ පිරිස දොලගල්වල බලා
ආයිමත් පිටත්වෙලා. ඒ යන අතරත් පොඩි පහේ ආරුවක් නොහොත් දොල පාරකිනුත් එගොඩ වෙන්න
තිබිල තියෙනවා. ඔහොම තව ඉස්සරහට යනකොට ආයෙ තව දොලක් හමුවෙලා එගොඩ වෙන්න. ඒකෙ නම්
ටිකක් වතුර වැඩියිලු. ඉතින් ඔන්න වතුර පාර අඩු වෙනකම් ටිකක් වෙලා බලං ඉන්න කොට එකපාරටම
වතුර පාර ඉහලගිහින්. දැන් මොකද කරන්නෙ, කට්ටිය ආපසු හරවගෙන එන්න ගත්තලු වෙන
ඉසව්වකින් එගොඩ වෙන්න හිතාන. බොලේ කලින් එගොඩ උන දොලපාරෙත් දැන් ඉහ පොවන්නත් බැරි
ගානට වතුර ඉහල ගිහින්, උඩහට වැහැල. එදා ඉතින් පිරිස දොලවල් දෙකට මැද්දෙ රැය පහන්
කරල පහුවෙනිදා උදේ වතුර අඩු වුනාමලු දොලගල්වලට ගියේ.
මේ සටහන මාගේ පියතුමන්ට උපහාරයක්ම වේවා!
දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
හතරමහ නිධානේ ලෙස සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල නමදිමි වැඳලා
පාලුව තනිය කිසිවිට සිත නොරැඳෙන්න
පින් සිතුවිලි තව තව සිහියට එන්න
දහසක් සවි දහසක් බල මට දුන්න
පිනෙන්ම මගෙ පියතුම සුව ලැබගන්න
බොහොම ස්තුතියි තෙවා මේ විස්තරේට.. ඔබගේ පියාට කොයි තරං අත් දැකීම් තියෙනවා ඇතිද??
ReplyDeleteස්තූතියි දේශක. මම ඊයෙ මුලු රැයම බොඳවු දෙනෙතින් යුතුව බොහොම අමාරුවෙන් තමයි මේ සටහන අකුරු කලේ.
Deleteඔබේ පියාට ඉක්මන් සුවය පතනවා, ඔහු කල සේවයට අපේ ප්‍රණාමය
ReplyDeleteස්තූතියි ඉවාන්. එවගේම ඔබට පිං මගේ පියතුමන්ට ඉක්මන් සුව පැතුවට.
Deleteරසබර අද්දෑකීම් සමුදායක්. . . .
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය පතනවා...
ස්තූතියි විදානේ. ඔබටත් පිං.
Deleteඉතාම රසවත් අත්දැකීම් ගොන්නක්,ඔබේ පියාට ඉක්මන් සුව පතමි.
ReplyDeleteස්තූතියි හැලප. නැවත එන්න.
Deleteඅපූරු අත්දැකීම් ටිකක් නේ.. තවත් මේ වගේ කතා ඇති කියලා හිතනවා..
ReplyDeleteපියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
අපොයි ඔව් තව තියෙනවා දිනේෂ්. ඉඩ ලැබෙන විදියට ලියන්නම් කෝ. ස්තූතියි ඔබට. නැවත එන්න වාඩිය පැත්තෙ.
Delete////දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
ReplyDeleteහතරමහ නිධානේ ලෙස සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල නමදිමි වැඳලා////////
ඉක්මන් සුවය පතමි.
ස්තූතියි ඔබට. නැවත එන්න.
Deleteතාත්තට ඉක්මන් සුව! මේවගෙේ කතා ලියන්න තාත්තගෙන් අහගෙන
ReplyDeleteස්තූතියි ඔබටක්. නැතුව ඉතින් වෙන කොහොමද අපේ තාත්ත අත්දැකීම් සාගරයක්.
Deleteඅපූරු අඩවියක්නේ... ඔන්න කකාගේ එකේ ලිංකුව නිසා මේ පැත්තට ආවා... එන්නං දිගටම..
ReplyDeleteඑන්න එන්න. ඔබවත් සාදරයෙන් පිලිගන්නවා තෙලිදිය වාඩියට.
Deleteතාත්තාට කළ හැකි හොඳම උපහාරය තමනුත් හොඳ තාත්තා කෙනෙක් වීමයි!
ReplyDeleteස්තූතියි කතන්දර. මමත් දැන් තාත්තා කෙනෙත්. මගේ බලාපොරොත්තුකත් ඒකම තමයි.
Deleteමේ කතාවෙ තව කොටස් ඈතියි කියල බලාපොරොත්තු වෙනව
ReplyDeleteහොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
වීර කාන්තා එන්ටය කීවට කෝ බ්ලොක් කරලනේ.
Deleteඔබෙ පියතුමාහට ඉක්මන් සුව වෙන්න
ReplyDeleteතෙලිදිය තොලේ තවරා පැතුවා මෙන්න
ස්තූතියි ඔබටත්. නැවත එන්න
DeleteGreat story, how is your father now?
ReplyDeleteNow partially Recovered
DeleteThank you Anonymous September 5, 2015 at 9:25 PM