Friday, August 28, 2015

වැරදුණු කුරුමානම

අද මං කියන්න යන්නේත් 1960 ගණන් වල සිද්ධ වුනු සිදුවීමක්. මේකත් ඉතින් අපේ පියතුමාගේ රසවත් අත්දැකීමක් තමා.

ඔයාල දන්නවනේ තණමල්විල. ඔව් ඒකාලෙ ඉඳලම මල් වලට තමා ප්‍රසිද්ධ. එත් මේ තණමල්විල මල් ගැන නම් නෙමේ. එහේ තිබිල තියෙනවා තල්ගහ දිගන වැව කියල වැවක්. ඒක තියෙන්නෙ තණමල්විල ටවුන් එකේ (ටවුන් කීවට ඉතින් ඒකාලෙ පොඩි කඩමණ්ඩියක් තමා)  ඉදන් හැතැක්ම 7,8 ක් දුරින්. හැතැක්ම දෙකක් විතර වාහනයකින් ගිහින් කිරිඳි ඔයෙන් එගොඩවෙලා ඉතිරි දුර පයින්ම තමා යන්න ඕන.

මෑත කාලයේ තණමල්විල කඩමණ්ඩිය.

අපේ මිනින්දෝරු පාටිය කිරිඳි ඔය තරණය කරල, ඒ කිට්ටුවම කෑම්ප් එකත් සවි කළාලු. ඒ දවස්වල එහෙම තමා. ඔයක් දිය පාරක් ලඟ තමා කූඩාරම් ගහන්නෙ. කොයි දේටත් පහසුයි නේ. ඔය කිරිඳි ඔය හිටපු ගමන් වතුර වැඩිවෙලා දෙගොඩතලා යනවලු. එහෙම වුණාම ඉතින් ගමනා ගමනය අති දුෂ්කරයි. ඉතින් අපේ පිරිස ගඟේ එගොඩ මෙගොඩ යා කරල හොඳ හයිය කඹයක් ඉවුරු දෙකේ ගස් දෙකක ගැට ගහනවලු.  අමුත්තෙක් එහෙම කෑම්ප් එකට එනවනම් ඇඳි පුටුවකට හයිය ලී දෙකක් ගැටගහල පොඩි දෝලාවක් වගේ එකක් හදාගෙන මිනිස්සු හතර දෙනෙක් දාල ඒකෙන් තමා එගොඩ කරන්නෙ. වතුර වැඩි වුනාම කඹය අල්ලන් තමා එගොඩ මෙගොඩ යන්නෙ. වතුර පාර සැර වැඩි වුණාම කඹේ එල්ලිලා හරහට තමා යන්නෙ. කකුල් ඔය පතුලෙ වදින්නෙ නෑ.

කිරිඳි ඔය

මිනින්දෝරු කූඩාරමක් සහ එහි නිදන කුටිය

ඔන්න ඉතින් කට්ටිය පහුවදා උදෙන්ම වැව මනින්න යන්න අඩුම කුඩුමත් ලෑස්ති කොරාන කෑම්ප් එකෙන් පිටත් වුණාලු. ඔය අපේ පාටියට තුවක්කු රාළ කෙනෙකුත් ඉන්නව නෙව. එයා තමා පාර පෙන්නන්නත් එක්කල ඉස්සර වෙන්නෙ. මේ කැලෑවෙ ඒ දවස්වල අඩිපාරවල් විතරයි තිබිල තියෙන්නෙ. වන සතෙක් මිසක් අතර මගදි මිනිස් පුලුටක් හමුවන්නෙ බොහොම කලාතුරකින්. මග දිගට හමුවෙන තරමක ගස් වලට කැත්තෙන් කොටලා පොත්තක් ගහන්න වෙනම කෙනෙකුත් උන්නලු. 

මේ යාලුවොත් අතර මග නැතිවා නෙමේ ඈ. මෙයාල තමයි කැලේ අඩිපාරවල් රෙජිස්ටර් කරන උදවිය.



කැලේ අඩිපාරක්.


උදේ පාන්දර වන අසිරිය.

උදේම කුරුලු කොබෙයි ගීත නාදයෙන් මුසපත්වෙලා මෙහෙම ටික දුරක් යනකොට එක පාරටම තුවක්කු රාළ පිරිසට අතින් සංඥාවක් කරල හුන් තැනම පහත් වුනාලු. කාණ්ඩෙ මෙහෙම විනාඩි 10ක් 15ක් බලා ඉන්නවලු. තුවක්කු රාළත් කිසිම හැල හොල්මනක් නැතිව ඉදිරිය බලා ගත්තු ගමන්ම. අපේ තාත්තත් හිමීට පොලවට නොදැනෙන්න තුවක්කු රාලට කිට්ටු කරල බැලින්නම් තඩි කොටි හපුයියෙක් ගස් දෙබලක් උඩ. ඒක උන්නෙ අපේ පිරිසට පිටුපාල. ගහ යට පොඩි දියකඩිත්තකුත් කියෙනවලු. කොටි හපුවත් හැලහොල්මනක් නැතිව ඉදිරිය බලාගත්තු ගමන්. සාමාන්‍යයෙන් මේ විදියට ඉන්නෙ උගෙ ඉදිරියෙ ගොදුරක් තියෙනවනම් තමයි. ඒත් දිය කඩිත්තෙවත් ඒ ඉවුරෙවත් කිසිම සතෙක් නෑ. සමහර විට මේකට අපිට නොපෙනෙන යමක් කෑලෑවෙන් දිය කඩිත්ත දෙසට මතු වෙනකම් ඉන්නව වෙන්නත් පුලුවන්.


මෙහෙම ටික වෙලාවක් හිටපු තුවක්කු රාළ, ගිනි කඳෙත් සූජානම් කරගෙන ටිකෙන් ටික ගස් දෙබලට කිටටු කළාලු.  අතින් සංඥාවක් කරල අපේ පියතුමාවත් ලඟට ගෙන්න ගත්ත. තව ටිකක් හොඳට බලාගෙන ඉන්න කොට පේනවලු, මැස්සො වගේ කුඩා සත්තු ජාතියක් කොටි හපුයියගෙ ඔලුව වටේ කැරකෙනව. ඉතින් තුවක්කු රාළ එකපාරටම නැගිටල ගිහින් කොටියගෙ පස්සා පැත්තට තුවක්කු බටෙන් ඇන්නෙ නැතෑ. හපොයි දෙවියනේ කට්ටියම හිතුවෙ එක්කො හපුයියා බයටම ගැසිසිලා දුවයි නැත්නමි ආපහු හැරිල තුවක්කු රාළත් එක්කල ද්වන්ද සටනක් දෙයි කියල. සමහරු ඇස්දෙකත් පියාගෙනලු. තවත් අය හිතින් තුවක්කුරාළට බනිනවලු උණ්ඩ තියෙද්දි මොන එහෙකට බටෙන් ඇන්නද කියල.




වැරදුණු කුරුමානම


ඒත් බොලේ මේක ගස් දෙබලෙන් බිමට පතබෑ වෙච්චි ගෙම්බ පොලේ ගැහුව ගාණට.
හතර ගාතෙ හතර අතේ.

බැලින්නම් මේක පරලොව ගිය කොටියෙක් නෙවැ.

එකත් එකටම මූ දිය කඩිත්තට පැනල තියෙනවා මුවෙකුට හරි මී මින්නෙකුට හරි. උගේ කුරුමානම තිබිල තියෙන්නෙ ගස් දෙබල මැද්දෙන්. මේක ගස් දෙබලෙ හිරවෙලා.
මදැයි. එහෙ හැරෙන්නත් බෑ මෙහෙ හැරෙන්නත් බෑ.
ඒක එතනම පරලෝ සැපත්වෙලා.

ප.ලි...
ඒ කාලෙ කොටි හමක් කීවම ඉතින් අති දුර්ලභයි නේ. අපේ පියතුමාටත් දැන් උගේ හම ගෙනියන්න ආසාවත් ඇතිවෙලා. පස්සෙන් පහු එනගමන් මේකව කුදලගෙන යන්න හිතාන එදා වැඩට ගිහින්. 

හැබැයි ආපහු එනකොට නරි රංචුවක් කොටි හපුවගෙන් වාඩුව අරන්ලු. පස්සෙ ඉතින් උගෙ දත් ටිකකුයි නිය නිකකුයි අරන් ඇවිල්ලා. 

ඒ කොටි දත් ටික නම් තාමත් අපේ ගෙදර තියෙනවලු ඈ. මං පොඩි කාලෙනම් පුලුන් පුරොපු රාජාලියො, උකුස්සො, පොරෝ කෑදැත්තො, බකමූනො වගේ කුරුල්ලො ජාතිත් හිටිය. 

පස්සෙ අපේ අම්ම මැරිච්ච සත්තු මොකටද ගෙවල් ඇතුලට කියල කොටසක් භූමදානය කරල කොටසක් තාත්ත නැතිවෙලේ ආදාහනය කරල දාල.





(ගෙනාපු  මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමා යන්න අමතක කරන්න එපා...)

19 comments :

  1. අර කෑඳත්තා ගේ ෆොටෝව නම් මරු. මාමත් එකපාරක් යාලේදී ඔයවගේ එකෙක් දැක්කා . මොනාවුනත් මනිල්ල කෙසේවෙතත් අර කුඩාරමට වෙලා දවසම නිදාගන්නනම් පුළුවනි හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මිනින්දෝරුවො කීවම ඉතින්, කැලේ කොලේ සතා සීපාව එක්ක නෙවැ රාජකාරිය කොලේ.
      ඔය කතරගම ගන්ඟාරාමය ලඟ ඉඳන් කිරිවෙහෙරට යන පාරෙත් පොරෝ කෑදැත්තන් ඉන්නවා මෙරු කන්න ඇවිත්. හරිම ලස්සන කුරුල්ලෙක් තමා.

      Delete
  2. තණමල්විල පැත්තේ වැඩකරද්දි අපිට දවසක් අලි ඇට සැකිල්ලක් මුලිච්චි උනා, වලස් මොටෙකුත් මුලිච්චි උනා..
    පෝස්ට් එකක් දාන්න හිතක් පහල උනා.. ඒ ගැන..
    රසබර මතකයක්..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දාමු දාමු ලිපියක් මමත් හරිම ආසයි කැලේ කොලේ කතා කියවන්න.

      Delete
    2. අනේ විදානේ අර සමපෝෂ ගුලිය ගැන ලියලා හිටහං.... නැත්තං ඔය වලස් මොටා ගැන ලියන්න ගිහිල්ලා අායෙමත් ඒක අමතක කරයි....

      අා මචං.... ඔය කකුල් හතරෙන් අැවිදින කලුපාට හැම සතෙක් ම වලහෙක් නෙමෙයි බං... සමහර විට ලොකු පූසෙක් වෙන්ටෑ.... ෂුවර්ද වලහෙක් කියලා........ අායෙම මතක් කරලා බලහං..

      Delete
  3. lassanai.digatama liyanda.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ. දිගටම එන්න.

      Delete
  4. කොච්චර සත්තුන්ගේ ෆොටෝ තිබ්බත්, මගේ ඇසුත් ගියේ අර ලස්සණ ඇඳට. :)

    ReplyDelete
    Replies
    1. හ්හ හ්හ හා... පොඩි කුමාරිහාමි මේ පැත්තට ආවමයි ම්යෙ හිතේ. සාදරයෙන් පිලිගන්නවා ඕන් ඈ.
      නිදි කුම්බරියක් වගේ, හැක හැක.

      Delete
  5. පොස්ට් එක නම් නියමයි තෙලිජ්ජෝ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වර්ණේ.
      ආයෙත් එන්නෝ

      Delete
  6. ලස්සනයි තෙලිදිය වාඩිය

    කෙටි කරල කියන්ට පුළුවන් නමක් දාන්ට එපැයි හප්පා නැත්නම් ඕං මං නමක් දානව

    ReplyDelete
    Replies
    1. හ්හ හා.
      බොහෝම ස්තූතියි මිත්‍ර වර්ණේ.
      සමහරු තෙවා කියනව, තව සමහරු තෙලී කියනවා
      ඔන්න ඔහේ ඕනෑ එකක්.

      Delete
  7. ලියැවිල්ලත් නියමයි... රූපත් නියමයි

    ReplyDelete
  8. ඒ වෙලාවෙනෙ ඉන්න තිබුනෙ. මේ කතාව කියවනවට වඩා හොඳ අත්දැකීමක් වෙයි.
    ලස්සනයි.

    මමත් වාඩියට ආවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අහසෙන් එන්නාවත්.
      ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ අයි ඩෝන්ට් නෝ වයි.
      හැක් හැක්

      Delete
  9. අප්පා මිනින්දෝරු වාඩිය දැක්කම නිදිමතක් එනවා................ මේම.... මේම

    ReplyDelete
  10. හා.... දැන් එතකොට පෝස්ට් බැලිල්ල තියල දොයියන්න වගේ ලෑස්ති.
    අායෙත් එමුකො එහෙනං..

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)