රට ජාතිය ආගම මැන මොරදීලා
පිරිසක් ඇත ඡන්දය ඉල්ලා හඬලා
ගැනලා බැලුවම කඩදහි දිග ඇරලා
ඇත ජාතිය ආගම ගැන කලකිරිලා
කොටියා මහ දරුණු එකා නැගිටිනවා
අලියා ගොන් මැටි මෝලා රට කනවා
අපිනම් කතිරේ අප්පොච්චිට දෙනවා
උන්දැගෙ කරපිට හෙලුවෙන් මොරදෙනවා
කොටසක් හදවත ගෙනැවිත් දික්කරලා
විමසන්නලු සාක්ශියක් කන් දීලා
ප්‍රතිඵල බැලුවම පහුවදා එලිවීලා
සේරම හදවත් ඇත බයි පාස් කරලා
තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස
දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන
පිරිසක් ඇත ඡන්දය ඉල්ලා හඬලා
ගැනලා බැලුවම කඩදහි දිග ඇරලා
ඇත ජාතිය ආගම ගැන කලකිරිලා
කොටියා මහ දරුණු එකා නැගිටිනවා
අලියා ගොන් මැටි මෝලා රට කනවා
අපිනම් කතිරේ අප්පොච්චිට දෙනවා
උන්දැගෙ කරපිට හෙලුවෙන් මොරදෙනවා
කොටසක් හදවත ගෙනැවිත් දික්කරලා
විමසන්නලු සාක්ශියක් කන් දීලා
ප්‍රතිඵල බැලුවම පහුවදා එලිවීලා
සේරම හදවත් ඇත බයි පාස් කරලා
තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස
දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන
දන් පත් වෙලා ඉවරයි. එයින් එහා වෙන දේ ජනතා සුව පිණිසද යන්න ගැන විමසිල්ලෙන් සිටිමු.
ReplyDeleteහහ් හහ් හා...
ReplyDeleteබලමු බලමු වෙන මක් කරන්නද නේද?
සහතික ඇත්ත... රටකරවන ඇත්තන්ගේ නාඩගම් බලනවා හැර කරන්න දෙයක් නෑ.
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නෙ.
Deleteස්තූතියි තුෂානිටත්
දැන් ළූණු ටික තෝරලා ඉවරයිනෙ.කාලම බලමු වෙන මොනා කරන්නද.
ReplyDeleteඒක හැබැයි! අකමැත්තෙන් හරි කන්න එපැයි.
ReplyDeleteනියම ලියැවිල්ල මචං....
ReplyDeleteස්තූතියි කුරුටු ගී..
Deleteහැම වතාවකම වගේ අන්තිමේ ඉතුරු වෙන්නේ ඔය පසුතැවිල්ල නේ..
ReplyDeleteමේ පාරත් එහෙම වෙයිද?
Delete//එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
ReplyDeleteසතොසේ ලූණු තෝරනවා වගෙ සවස//
සතොසෙ ළූණු තව හොඳයි......
හැක් හැක්.. අපේ සතොසෙ නම් හවසට ළූණු ගන්න දෙයක් නෑ.
Deleteතැන්කුයි වේවා යෂන්ත.
ඔන්න මමත් මේ නමටම ගැලපෙන පෝස්ට් දෙකක් දැම්මා. වෙරි වෙන්න පුළුවන් වෙයි.
Deletesathosa lunu thawa hondayi. me mala jarawata wada
ReplyDeleteතැම්බිච්ච පැත්ත කපල අනික් පැත්ත හරි ගත්තෑකි නේද. ස්තූතියි ඉවාන්.
Deleteතේරිච්ච ළූණු ආයිත් රවුම් පාරෙන් ගබඩාවට එන එකනෙ අප්සැට් එක.
ReplyDeleteම්...ටිකක් පරණ පොරක්නෙ. ඔන්න අපිත් ආවලු ඈ...
//පොරක්//
Deleteහහ් හහ් හා... අපි නම් ඕං ලොකු පොරවල් නෙමේ ඈ...
තැන්කුයි වේවා!
ඔන්න මාත් ආවා
ReplyDeleteගනින් ඔය පොල් කට්ට මෙහාට
හහ් හහ් හා.. ඕං ඔය හත් අට පොලකින් ඈඳි ගත්ත නම්..
Deleteආයෙත් එමුකෝ ඈ...
ඔයාගේ බ්ලොග් එක මෙච්චර කල් මිස් වුනානේ.. තැන්ක්ස් ලින්ක් එක දුන්නට . පින්තුරේ නම් හරිම සංවේදී.
ReplyDeleteඔයා දක්ෂ කවි කාරෙයෙක්නේ,,
" කට්ට දෙකක් ගහලා වෙන් ටෑ මේවා ලියන්නේ
හහ් හහ් හා ස්තූතියි අපූර්වී.
Deleteකවි ලියන්ට නම් ආසා තමා. ඒත ඒතරම් දක්ෂ නම් නෑ.
ඔය අපේ හාමිනේ නොවැ මං කවිකාරයෙක් කළේ.
//කට්ට දෙකක් ගහලා වෙන් ටෑ මේවා ලියන්නේ//
මෙව්ව ඉතින් ගමේ ෂුවර් බඩු නේ..
හැබැයි ඉතින් හිතට වදින්න ඕන. නැතින්ම කවි ලියවෙන්නෙ නෑ.
ආයෙත් එන්න කෝ එහෙනම්.
කාසියේ දෙපැත්තෙම
ReplyDeleteනෝනමයි පොල්ලමයි
උඩ දමා හොයන්නේ
තුන් වැනි විකල්පෙමයි
බිමට වැටිලා තියෙන්නේ
නෝනමයි පොල්ලමයි
හැබෑ නෙවෙන්නම් සොමී. ස්තූතියි මේ පැත්තෙ පැමිණියාට.
ReplyDelete