Thursday, August 20, 2015

දිළින්ඳෝ






රට ජාතිය ආගම මැන මොරදීලා
පිරිසක් ඇත ඡන්දය ඉල්ලා හඬලා
ගැනලා බැලුවම කඩදහි දිග ඇරලා
ඇත ජාතිය ආගම ගැන කලකිරිලා

කොටියා මහ දරුණු එකා නැගිටිනවා
අලියා ගොන් මැටි මෝලා රට කනවා
අපිනම් කතිරේ අප්පොච්චිට දෙනවා
උන්දැගෙ කරපිට හෙලුවෙන් මොරදෙනවා

කොටසක් හදවත ගෙනැවිත් දික්කරලා
විමසන්නලු සාක්ශියක් කන් දීලා
ප්‍රතිඵල බැලුවම පහුවදා එලිවීලා
සේරම හදවත් ඇත බයි පාස් කරලා

තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන

23 comments :

  1. දන් පත් වෙලා ඉවරයි. එයින් එහා වෙන දේ ජනතා සුව පිණිසද යන්න ගැන විමසිල්ලෙන් සිටිමු.

    ReplyDelete
  2. හහ් හහ් හා...
    බලමු බලමු වෙන මක් කරන්නද නේද?

    ReplyDelete
  3. සහතික ඇත්ත... රටකරවන ඇත්තන්ගේ නාඩගම් බලනවා හැර කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නෙ.
      ස්තූතියි තුෂානිටත්

      Delete
  4. දැන් ළූණු ටික තෝරලා ඉවරයිනෙ.කාලම බලමු වෙන මොනා කරන්නද.

    ReplyDelete
  5. ඒක හැබැයි! අකමැත්තෙන් හරි කන්න එපැයි.

    ReplyDelete
  6. නියම ලියැවිල්ල මචං....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගී..

      Delete
  7. හැම වතාවකම වගේ අන්තිමේ ඉතුරු වෙන්නේ ඔය පසුතැවිල්ල නේ..

    ReplyDelete
    Replies
    1. මේ පාරත් එහෙම වෙයිද?

      Delete
  8. //එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
    සතොසේ ලූණු තෝරනවා වගෙ සවස//
    සතොසෙ ළූණු තව හොඳයි......

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපේ සතොසෙ නම් හවසට ළූණු ගන්න දෙයක් නෑ.
      තැන්කුයි වේවා යෂන්ත.

      Delete
    2. ඔන්න මමත් මේ නමටම ගැලපෙන පෝස්ට් දෙකක් දැම්මා. වෙරි වෙන්න පුළුවන් වෙයි.

      Delete
  9. Replies
    1. තැම්බිච්ච පැත්ත කපල අනික් පැත්ත හරි ගත්තෑකි නේද. ස්තූතියි ඉවාන්.

      Delete
  10. තේරිච්ච ළූණු ආයිත් රවුම් පාරෙන් ගබඩාවට එන එකනෙ අප්සැට් එක.

    ම්...ටිකක් පරණ පොරක්නෙ. ඔන්න අපිත් ආවලු ඈ...

    ReplyDelete
    Replies
    1. //පොරක්//
      හහ් හහ් හා... අපි නම් ඕං ලොකු පොරවල් නෙමේ ඈ...
      තැන්කුයි වේවා!

      Delete
  11. ඔන්න මාත් ආවා
    ගනින් ඔය පොල් කට්ට මෙහාට

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. ඕං ඔය හත් අට පොලකින් ඈඳි ගත්ත නම්..
      ආයෙත් එමුකෝ ඈ...

      Delete
  12. ඔයාගේ බ්ලොග් එක මෙච්චර කල් මිස් වුනානේ.. තැන්ක්ස් ලින්ක් එක දුන්නට . පින්තුරේ නම් හරිම සංවේදී.
    ඔයා දක්ෂ කවි කාරෙයෙක්නේ,,

    " කට්ට දෙකක් ගහලා වෙන් ටෑ මේවා ලියන්නේ

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා ස්තූතියි අපූර්වී.
      කවි ලියන්ට නම් ආසා තමා. ඒත ඒතරම් දක්ෂ නම් නෑ.
      ඔය අපේ හාමිනේ නොවැ මං කවිකාරයෙක් කළේ.

      //කට්ට දෙකක් ගහලා වෙන් ටෑ මේවා ලියන්නේ//
      මෙව්ව ඉතින් ගමේ ෂුවර් බඩු නේ..
      හැබැයි ඉතින් හිතට වදින්න ඕන. නැතින්ම කවි ලියවෙන්නෙ නෑ.
      ආයෙත් එන්න කෝ එහෙනම්.

      Delete
  13. කාසියේ දෙපැත්තෙම
    නෝනමයි පොල්ලමයි
    උඩ දමා හොයන්නේ
    තුන් වැනි විකල්පෙමයි
    බිමට වැටිලා තියෙන්නේ
    නෝනමයි පොල්ලමයි

    ReplyDelete
  14. හැබෑ නෙවෙන්නම් සොමී. ස්තූතියි මේ පැත්තෙ පැමිණියාට.

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)