Saturday, October 10, 2015

පියාණනි! ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!...



දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
හතරමහ නිධානේ ලෙස සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල නමදිමි වැඳලා

කිසි කනෙකුට කිසි අඩුවක් නොකෙරූව
සැම විට කිරි පැණියෙන් ගෙය ඉතිරූව
රජෙකු වගේ ගරු සැලකුම් නිති ලැබූව
පිය රජතුමනි තුඩ තුඩ නම රැන්ඳූව

ලොව්තුරු අමා බුදු ගුණ තම සිත රන්ඳා
අවසන් සුසුම් හෙළු වත මගෙ හද බැන්ඳා
අජරාමර නිවනින් සැනසෙන හින්ඳා
දොහොත් මුදුන් දී ඔබෙ පා යුග වැන්ඳා.
                                                    

පියාණනි! ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!...

22 comments :

  1. ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!

    ReplyDelete
  2. පියකුගේ මතක අප සිතින් කිසිදාක නොමැකේවි! ඔබේ පියාට නිවන් සුව පතමි!

    ReplyDelete
  3. ඔබේගේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!..

    ReplyDelete
  4. ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!!!!!

    ReplyDelete
  5. දිවි ගමනේ ඔබේ අත්වැල වූ පෙම්බර පියා
    නිසිමග යොමුකර ගුනදම් කියා දුන්න පියා
    පෙම්බර පිය සෙනෙහස මැද ඔබ රැකි ඔබේ පියා
    පතමි සිතින් ඔහු නිවනේ සැනසේවා කියා

    ReplyDelete
  6. ඔබේ පියාණන්ට නිවන් සුව පතමි..........!

    ReplyDelete
  7. පියාණන් ට නිවන් සුව ලැබේවා....!!!

    ReplyDelete
  8. ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!...

    ReplyDelete
  9. ඔබේ පියානන්ට නිවන් සුව අත් වේවා.

    ReplyDelete
  10. පියාණන්ට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  11. ඔබේ පියාණන්ට නිවන් සුව පතමි !

    ReplyDelete
  12. පිය තුමාට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!!

    ReplyDelete
  13. අැසට කදුලක් නැගුවා තෙලී.................

    අපිත් නිවන් සුව පතනවා....

    ReplyDelete
  14. එන්න පරක්කු උනා තෙලී
    තාත්තාට නිවන් සුව පතමී තෙලී

    ReplyDelete
  15. ප්‍රමාද වුණාට සමාවෙයං. මේ වගේ පදවැලක් ලියවෙන්න උඹේ හිතේ ඒ උතුම් මනුෂ්‍යයා ගැන තියෙන තැන කොහොම ඇත්ද? කොහේ හරි ඉඳං උඹලා දිහා බලා ඉන්නවා ඇති බං. ඒ මනුස්සයාට සතුටු වෙන්න වැඩ කරපල්ලා ඉස්සරහටත්.

    ReplyDelete
  16. ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!

    ReplyDelete
  17. තෙලිදිය කොමෙන්ට් වලින් දැකල තිබුනට බ්ලොග් එකට පර හොයා ගත්තේ මදුමාධවී ගෙන්.. එනකොට ශෝකලපයක්.. මගේ කණගාටුව පිළිගන්න. පියාට සුභ ගමන්!

    ReplyDelete
  18. මා පියතුමාට නිවන් පතා කමෙන්ට් කළ සහ කමෙන්ට් නොකළ හදවතින් නිවන් ප්‍රාර්ථනා කළ සැමට ස්තූතියි.
    මාධවී, ඔයා කීව වගේ මගේ හිතේ තිබුණු දේ මෙතන කවි වලින් ලියන්න අපහසු වුණා.

    ReplyDelete
  19. තෙලිදිය කොමෙන්ට් වලින් දැකල තිබුනට බ්ලොග් එකට පර හොයා ගත්තේ මදුමාධවී ගෙන්.. එනකොට ශෝකලපයක්.. මගේ කණගාටුව පිළිගන්න. පියාට සුභ ගමන්!

    ReplyDelete
  20. ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!

    ReplyDelete
  21. මං දැක්කෙ දැන්. සොරි
    ඔබේ පියානන්ට නිවන් සුව අත් වේවා

    ReplyDelete
  22. පියාණන්ට නිවන් සුව ලැබේවා... අපිටත් කවදාහරි ඔය ටික තමයි..

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)