Thursday, February 4, 2016

රුවන් නිදන හෙල බිමයි



නිදහස අපේ සමරණ මේ  අද දවස
ආඩම්බරයි සිරිලක පුරවැසි අපට
ජාතික ධජය ලෙලමින් හුල‍ඟේ දසත
සමරනවාලු ජයටම නිදහස් පුවත

අප ලබනා නිදහස් දින නිවාඩුව
පිට්ටනියේ පෙළපාලියෙ දිගාකර
සිටියත් කෑමොර දීගනෙ උදේසිට
වැඩ කරනා පිරිසක් ඇත නොරට ඉඳ

නිදහස ලැබුව සිරි ලංකා දීපයට
හැට අට වසරක් ගෙවුමුත් එදා සිට
පිල් බෙදිලා ගුටි ඇන ගත්තා මිසක
නිවහල් සිත් ගොඩනැගුවේ කවුරුන්ද

ජාතික ධජය ගැන ඇත ගැටලුවක් පැන
ඉතිහාසයේ වරදක් වත් සිදුවීද
ඒ වෙනුවෙන් පිරිසක් ඉදිරියට පැන
තවත් කල්ලියක් මෙහි සැදුවා වත්ද

නිදහස ලැබූ සිරිලක් මිණි මහ පොලවේ
උරුමක්කාර කම් තවමත් පටලැවිලේ
එක ධජයක් එකම රටක් ප්‍රතිරාවේ
කරුම්මක්කාර කම් නම් තව තව බිහිවේ...

8 comments :

  1. අම්මේ තෙලක් බෙදපු කල්..

    එක ධජයක් එකම රටක් කියල ප්රෝපයිල් පික් දාල.. *රි තම්බිය පර දෙමල කියල අනිත් තැන්වල කොමෙන්ට් දානවා.. හැක හැක හැක.

    අපිට සුභ නිදහස් දවසක් වේවා.. අර නොරටට වෙලා අදත් මහන්සිවෙලා වැඩ කරන උන්ට උපහාර වේවා!

    ReplyDelete
  2. මම මොනොත් කියන්නෑ
    මං යනව ඔව් මං යනව

    ReplyDelete
  3. කවි පද ටික නං පට්ට.............

    ReplyDelete
  4. ඔන්න අදමයි මේ පැත්තට ආවේ.. නිදහස් දා කියවන්න තිබ්බනම් මරු..

    ReplyDelete
  5. @කල්‍යාණ ඔව් බං සෑහෙන්න කාලෙකින් තමා බ්ලොගට ආවෙ. සතූතියි!

    @මහේෂ් ඔය කීව ටිකම මදෑ..

    @කුරුටු ඔබටත් බොහෝම ස්තූතියි.

    @සිංහ සාදරයෙන් පිලිගන්නවා ඔබව නැවත් එන්න.

    ReplyDelete
  6. ඔය බෙදලා තියෙන්නේ වටිනා කියන තෙලක්...

    ඉස්තරම්....

    ReplyDelete
  7. නිදහස් කවියක්
    ලස්සනයි
    ජයවේවා!

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)