Monday, July 20, 2015

නොපිපිම කැකුළක් පරවීලා...

දහසක් පැතුමන් පොදි බැඳලා...
අපමන ගව් දුර මග ගෙවලා...
ලෝ දම් සසරේ හැටි කියලා...
නොපිපිම කැකුළක් පරවීලා...


නුඹ  නාවත් අද අතට අපේ...
සෙනෙහෙ සිතින් අපි හිටියෙ ලයේ...
මේක තමයි ලොව උරුම අපේ...
පතමු මිනිස් බව නුඹට අයේ...


බුදුන් දෙසූ දම් කඳට සිතේ...
සෝක තැවුල් සිත් පහව යතේ...
කරන කරන දම් පිනක් අතේ...
නුඹවත් සිහිකර කරමු පුතේ...



අනන්ත සසරෙදි හමු වීලා...
ආයෙත් ඇත අප වෙන් වීලා...
ගියත් දුවේ නුඹ පර වීලා...
පතමු නිවෙන්නට සැනසීලා...



4 comments :

  1. අත්දැකීමක් නොවේවායි පතමි..

    ReplyDelete
  2. ඔහ්
    පහුගිය දාස් වල නිස්සද්දව හිටියෙ මේ හින්දද නැත්තං මේ සිතුවිල්ලක් විතරද
    ඇත්තටම මටත් කියන්න තියෙන්නෙ මේක සිතුවිල්ලක් විතරක් නං හොදයි කියල

    ReplyDelete
  3. දේශක, මහේෂ්, ඇත්තටම මෙහෙම විපත් කිසි කෙනෙකුට නොවේවායි පතමි.

    ReplyDelete
  4. මගේත් පැතුම මෙවන් විපතක් කිසිම කෙනෙකුට නොවේවා කියලා..

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)