Friday, September 4, 2015

GCC බැචලර්

          මගේ පළමු සාර්ථක කෑම වට්ටෝරුව උයන්න ආස අයට මෙසේ පිළිගන්වමි. උයන්න දන්නෙ නැති අයටද මා මෙන් කිසිත් බියක් සැකක් රහිතව මෙය අත්හදා බැලිය හැකියි.


පහට එලාම් එක සෙට් කරලා
හීනත් දෙක තුනකුත් බලලා
ඇහැරෙන විට පහමාරවෙලා

හා …..  ඈනුමක්  හෙම යවලා...

කොට කලිසමකට මාරු වෙලා
සරමත් ඔලුවෙන් ගලවාලා
තව බඩ පිනුමක් හෙම  ගහලා
කිචන් එකට ගොස් දොර ඇරලා

ආ නෑ නෑ ටොයිලට් එකට ගිහින් කිචන් එකට යන්නෙ

ජෝගුව  වතුරෙන් පුරවාලා
කරන්ට් එකට ප්ලග් එක ගහලා

දැන් හොයපල්ලකො මග් එක...

නීඩෝ පිටි ටිකකුත් දාලා
සීනිත් තේ හැන්දක් දාලා
මදි නම් තව හැන්දක් දාලා
තේ කොල ටිකකුත් කලතාලා

නෑ නෑ එහෙම කරන්නෙ කේරලේ අය.
මම දානව ටී බෑග් එකක්. තේ වතුර වෙනම හදන්නයි පෙර පෙර ඉන්නයි ඕන්නෑ නෙ එතකොට.


දැන් පටන් ගමු උයන්න ඈ....

හාල් ටිකක් කෝප්පෙන් මැනලා
භාජනයක් ගෙන සෝදාලා

ඇයි කුකර් එකේ භාජනේ තියෙන්නේ
හ්ම් එහෙනම් ඒක ගමු

ආයෙත් පාරක් හෝදාලා
නැවතත් වතුරෙන් හෝදාලා
ආයෙත් වතුරෙන් හෝදාලා

නෑ නෑ තුන්පාරයි හෝදන්නෙ
ඊට පස්සෙ රයිස් කුකර් එකට තියල කුක් කරනවා.


තව භාජනයක් රාක්කයෙන්
අරගෙන සෝදා ඇල්වතුරෙන්
පරිප්පු දානව තේ හැන්දෙන්

නෑ.. මේස හැන්දෙන්... දාන්නෙ...

පරිප්පු ටික දෙපාරක් හොඳින් හෝදලා බේරල ගන්න ඕන.

පරිප්පු ටික අයිනට කරලා
අන්ක් පැත්ත පහලට කරලා
තෙල් ටිකකුත් යහමින් දාලා
කෑලි මිරිස් සහ සුදුලූණුත්
කරපිචත් හෝදල දාලා

අර පරිප්පු භාජනේම පහලට කරපු පැත්තෙන් තෙම්පරාදු කරගන්නවා.

කලුවෙන්නට පෙර මිරිස් ටික
දමන්ට ඕනෑ වතුර ටික

චූස් බූස් සද්දෙත් දාලා
කරි පවුඩර් ටිකකුත් දාලා
කහ ඩිංගක් හෙම හැඳිගාලා
භාජනයත් ලිප උඩ තියලා



දැන් තේක බොන්නෙ නැද්ද? ආ... ඒක ඔය අතරින් පතර බොනවලු.

රට ළූනුත් සුදු ළූනුත් හා
සුද්ද කරල කපලා තියලා
බොංචි කැරට් ටිකකුත් සෝදා
තේ ජුන්ඩක් බී හති නිවලා

පොල් කිරි ගන්නව කෝප්පෙට
දියකර ගන්නව මිටි කිරට
අහවර කරලා ඉන්නකොට

පරිප්පු එකේ වතුරත් හිඳිලලු

කිරි ටික හනිකට වක්කරලා
පරිප්පු හොඳ හැටි හැඳිගාලා

තව තේ ටිකක් බොමුනේ….


තව භාජනයක් ගෙනැවිල්ලා
සෝදල තෙල් ඩිංගක් දාලා
කපා ගත්තු ළූනුත් දාලා
හැඳිගාමින් ටෙම්පර් කරලා

ආ.. කෑලි මිරිස් ටිකකුයි කරපිංචා කොල දෙකකුයිත් දාගන්න ඕන ඈ....

බොංචි කැරට් කපලා ගත්තු
ඒ භාජනයට දමාගමු
වතුරත් පොඩ්ඩක් දමාගමු

එතකොට කරි පවුඩර්…..

අවශ්‍ය කියලා හිතෙනවනම් 
කරි පවුඩර් ටිකක් දාන්නත් පුලුවන්
ටිකක් ඉමුකො වහලා පියනෙන්

ටිකක් තැම්බෙන්න අරිමු නේද..

අනිත් ලිපේ ඇති පරිප්පුව
බාලා ලුණු ටික දානවද
කෝප්පෙ තව තේ තියෙනවද


තියෙනවනම් ඒකත් බීලා
මග් එක සෝදල නවා තියා


බෝංචි එකටත් ලුණු දාලා
ඒකෙ ලිපත් නිවලා දාලා
බිත්තරයක් බුල්සයි දාලා
උයා ගත්තු ටික පැක්කරලා
භාජන සෝදල අස් කරලා








දැන්නම් හොඳටම දාඩියයි. ගෙහුන් නාගන්න ඕන.

වෙලාව හතවෙද්දී ඔන්න
සේරම වැඩ ඉවරයි මෙන්න




ප.ලි.
වෑන් එක එන්නෙ අටට. ඉතින් හිතුනොත් තව පැය භාගයක් නිදාගන්නව.
GCC කියන්නෙ Gulf-Cooperation-Council (political and economic alliance of six Middle Eastern countries). මීට වඩා හොඳ අත්හදා බලපු රෙසිපි GCC වල තිබෙන්නට පිලිවන. මේ මාගේ අත්හදා බැලීමකි. උයපු මේ කෑම ටිකට, කෑම සෑදීමේ කලාවේ උපන් හපන් අපේ පොඩි අක්කාගෙන් සහ තවත් කීප දෙනෙකුගේ තත්ව සහතිකයක් ලැබී තිබේ.

වෙනත් මේවැනි කෑම වට්ටෝරු තිබේ නම් සහ මේ වට්ටෝරුව මොඩිෆයි කරීමට කැමති ඔබට මාගේ සුහද ඇරයුමයි මේ.

31 comments :

  1. මරු නරකම නෑ හැකියාව..... තෙලි.....
    මාත් දවසක උයන්ට ඕනි......

    ReplyDelete
  2. මාර කෑමක් සහ මාර සින්දුවක්

    ReplyDelete
    Replies
    1. සිංදුව නම් අනේ මන්ද හැබැයි කෑම නම් ඇක්කටම රහයි.

      Delete
  3. මෙයත් කෑම උයන්න අරන්... රහයි බං තමන්ම උයාගත්තාම. ඔව්වගේ රෙසපි කීපයක්ම මං මූණු පොතටනං දාල තියනවා. ඒත් දැන් ඒක වහලා දාලනේ.

    ReplyDelete
    Replies
    1. දේශකගේ අම්මා පෝස්ට් එකේ කමෙන්ටු කියෙවුවම තමා මට හිතුනෙ මෙහෙම එකක් ලියන්න ඕනෑ කියල.

      Delete
  4. මමත් GCC බචාලර් කෙනෙක්.මගෙ වැඩ සටහනත් බොහෝ දුරට තෙලිදියගේ ක්‍රමයට සමානයි.හැබැයි මම උයන්නෙ එක වැංජනයයි.මගෙත් එක්ක කෑමට එකතුවෙන නෝනලාගෙන් ඉතිරි හරිය ලැබෙන නිසා අඩුපාඩුවක් නෑ.
    තෙලිදිය නීඩෝ බිව්වට මම බොන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්.වෙනස එච්චරයි.ඔය GCC රටවල තියෙන බෝංචි ටිකක් තැම්බෙනව හොරයි නේද බං.

    ReplyDelete
    Replies
    1. හැලපයියට වගේ මට ලංකාවෙ බවලත්තු හමුවෙනවා අඩුයි. මට ඉතින් ගොඩක් දවස් එකම තැන වැඩ කරන්න හම්බවෙනව අඩුයි. මට වැඩිපුරම හමුවෙන්නෙ පිලිපීන බවලත්තු. එවුන්ගෙ කෑම අපිට අල්ලන්නෙ නෑ. ඒ මදිවට පුදුම ඟඳක්.

      අර බොංචි නම් තැම්බෙනව අඩු කියන්නෙ හැලපයියෙ, මෙහේ රස්නෙට බොංචි ඉක්මනට මෝරනවා. ලපටිව හම්බවෙනව අඩුයිනේ. මෙහේ ලංකා කඩේට බ්‍රහස්පතින්දාට එනව ෆ්‍රෙෂ් එළවලු. මං ගන්නෙ එතනින්.

      මෙහේ ඉතින් වතුරත් නටනවනේ විනාඩි 2 යන්න කලින්.

      Delete
    2. / මට වැඩිපුරම හමුවෙන්නෙ පිලිපීන බවලත්තු. එවුන්ගෙ කෑම අපිට අල්ලන්නෙ නෑ. ඒ මදිවට පුදුම ඟඳක්. /

      මොන පිස්සුද බන්? උන් ගාව කොහෙද ගඳක්?...සික් මාර සුවඳක්නෙ පිල්ලියො ගාව තියෙන්නෙ...අනිවා බොලාගෙ කොම්පැණිය උන්ට සැන් කුප්පියක්වත් ගන්ට තරමටවත් පඩි දෙන්නෙ නැතුව ඇති එහෙනම්...ආය අහන්ට දෙයක් නෑ...:)

      Delete
    3. අඩේ කවුද බන් පිල්ලියො ඟඳා කීවෙ. උන් උයන කෑම බං ඟද. මස් මාලු උයනවා විනාකිරි දාල ගන්දස්සාරෙ බෑ. උඹ පිල්ලියොන්ගෙ කෑම කාල තියේද, එහෙනං පූස් මස් හෙමත් කාලඇති.

      Delete
    4. මගෙ දෑහැට පෙන්නන්න බෑ ඔය හැතිකරේ . පං පං ගානවා විතරයි !!

      Delete
    5. @ පත්තර මලිලී
      හි හි පංපං.. චෝයි පියරු බබීල ටික නේ

      Delete
  5. අපිට නම් ඉතින් උදේ කෝම වෙතත් හවසට ගෙදර ආවම නම් ඔය සිද්දියම තමයි..

    කවියෙන් ඉවිල්ලත් මරූ ඈ..

    ReplyDelete
  6. හැමදාම උයන්න මටනම් වස කම්මැලියි. තනියම හිටපු කාලෙ මගෙ ඉවිල්ල සතියට දෙපාරයි. සිකුරාදා සහ අඟහරුවාදා. මස් හෝ මාලු එක්ක එළවළු දෙකක් හදාගත්තා. අර ප්ලාස්ටික් භාජනවල දාල හොඳට සීල් වෙන්ට වහල ෆ්‍රිජ් එකට දැම්මා. උදේට හාල් කෝප්ප බාගයක් උයාගත්ත. උයාගත්තු එව්වයින් ටික ටික දැම්ම අරන් ගියා. දොළහමාරට මයික්‍රෝවේව් දැම්ම. රත්කලා. කෑවා.

    හැලප සමඟ එකඟයි. මාත් දැන් ෆ්‍රෙෂ් මිල්ක් වලට පුරුදු වෙලා. ගෙදර ගියත් පිටිකිරි බොන්නෙ මරන්නා වගෙ. ෆ්‍රෙෂ් මිල්ක් අපේ පැත්තෙ හොයාගන්ට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං පැකට් තියෙන්නෙ කොත්මලේ,අඹේවෙල කියල හිටං.මම මේ සැරේ ගිය වෙලේ බිව්වෙත් ඒවා.හැබැයි හොඳම නෑ බොන්න පුළුවනි.

      Delete
    2. හැලප,

      නුවර කාගිල්ස් එකට විතරයිලු ඔය ෆ්‍රෙෂ් මිල්ක් එන්නෙ. කොහොම හරි මම ගියාම කිව්ව වැඩිය විකිණෙන්නෙ නැති හින්ද එයාලත් ගේන්නෙ නැති කතාවක්.

      Delete
    3. @රවි
      මට දවල්ට කන්න වෙන්නෙ එක එක දාට එක එක දිහානෙ. ඉතින් හැමදාම උදේට නැගිට ගත්තොත් උයනවා. බාගදා කඩෙන් කනවා.

      @හැලප
      මං ඔය ෆ්‍රෙෂ් මිල්ක් මගදි ඉඳ හිට බොනවා. උදේටත් පුරුදු වෙන්න ඕන බලන්න.

      Delete
  7. තෙලියා.................. අපේ ගෙදර නම් උදේ 7 ට නැගිටලා 7.30 වෙද්දී උයලත් ඉවර කරනවා... අපරාදේ කියන්න බැහැ රසත් නියමෙට ම ...... ඒ තරං හදිස්සියක් තියෙන්නේ උයන්න

    ReplyDelete
    Replies
    1. ආං මටත් කියහංකො ඒ ඉවිල්ල. තව විනාඩි 30,45ක වැඩිපුර නිදා ගත්තෑකි නෙව.

      Delete
    2. මැගි නූඩ්ල්ස් එකකට උණු වතුර දාල විනාඩි දෙකක් තියහං :D

      Delete
  8. නරක නෑ... හි..හි...

    මට නම් මේක කියද්දී අර සූර පප්පා එකේ කේක් හදන සින්දුව මතක් වුනේ...

    ReplyDelete
    Replies
    1. හහ් හා එ් තාලය හිතේ තියාන තමා මේක ලීවෙ.
      තැන්කුයි තුෂානි.

      Delete
  9. සුවඳ එන්න දානව වැනිලා
    නියමයි තෙලිජ්ජෝ
    ජයවේ තෙලී!

    ReplyDelete
    Replies
    1. අහ් වැනිලත් දානවද?
      ජයවේ ජයවේ.

      Delete
  10. ආයිබෝං කිව්වා ලොක්කා !!!

    ආයෙ එන්නං ඈ …

    ReplyDelete
    Replies
    1. ආයිබෝං ආයිබෝං. රවුමක් ගහල එන්නකෝ....

      Delete
  11. රටකජු සේරම පොතු ගහලා
    පොතු ටික දානව මද කාලා
    නයි බිත්තර තුනකුත් දාලා
    සුවඳ එන්න වැනිලත් දාලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්.... හොඳා හොඳා දාල බලහංකො නයි බිත්තර

      සාදරයෙන් පිලිගන්නව ඔබවත්

      Delete
  12. අපි යන්නේ කොයි පාරේ - නිකං බාස් ගිය පාරේ...!!!

    ReplyDelete
  13. බලාගෙන යන්නෙ නිකං බාස්ගෙ පාරෙ.

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)