මාතර ගම් පලාතෙ සිට -
කැම්පස් ආවත් මල්ලී
තිබුනේ සිත නතරවෙලා - ලඟ
මාතර සඳ කොමළී
ලස්සන කෙල්ලන් සිටියත් -
කෙතරම් ඔබ මොබ සිත්සේ
කැහැටු ලමිස්සියන්ටමයි -
සිත ඇදුනේ පරඬැලසේ
ලැජ්ජාවක් ආදරයක් සතුටක්
- දැනුනොත් මල්ලී
රතු වෙනවා මුලු මූනම - වගේ
ඉදුණු තක්කාලී
රතු මල්ලි කැමති කෙට්ටු කෑලි වලට. එක උගේ චොයිස් එක
මුට රතු
මල්ලි කියන්නේ.. මු හිනා වෙනකොට. ඇස්,
පොඩි වෙලා.
රතු වෙනවා....
හරියට මෙන්න
මේ වගේ....
ගමේ බැන්ද ආදරයත් - හද
පතුලේ තද කොරාන
අපේ බෝඩිමට ආවා -
විලසින් අප සැම පතාන
මොකෑ උනත් රතු මල්ලී -
අප කාගෙත් හිත හොඳා
අවුලක් ලෙස තිබුනේ ඌ -
අඬනා එක හොටු පෙරා
රතු මල්ලිගෙ ලියුම් යනව
- කොමලිගෙ යෙහෙලිය දිහාට
සඳ කොමලිගෙ ලියුම් එන්නෙ
- අපේ බඩිය ලෑ දිහාට
රතු මල්ලි SLIIT එන්න කලින් තමා යාලු උනේ මේ නංගිත් එක්ක, ගමේ ඉන්න කාලේ
ඌ ඒකාලේ
හිටියේ, "ඇගේ සිනාව තහනම්, ගෙදරින් මට තහනම්" තත්වෙක.
ගැනු ළමයා
ලියුම් එවන්නේ, අපේ බඩි මහත්තයලගේ ගෙදරට.
කොල්ලා
ලියුම් යවන්නේ, කෙල්ලගේ යාළුවගේ ගෙදරට.
මේ අතරේ ගෑනු ලමය - උසස්
පෙළට වෙහෙසුනාය
දුර ඇමතුම් ගලා ආවෙ -
කුකුලත් නිදියන උදේය
කෝල් එකට රතු මල්ලී -
ඇහැරෙනවා දනි පනි ගා
එහෙට මෙහෙට ඇඹරෙනවා -
කුකුලාගෙත් ගෙල මිරිකා
මේ වෙලාවේ මල්ලිගේ - ඇස්
චීනා ගේ වගේ
කම්මුල් කන් පෙති උගේ -
රතට රතේ දිලිසෙතේ
අපේ බෝඩිමට තිබුනේ -
ගෙදරක උඩ තට්ටුවක්ය
ඒකෙ තිබුන සඳලුතලේ -
තාප්ප කණ්ඩිය අගේය
සඳලුතලේ ලඟ මිදුලේ - අඹ
මල් සෙවනට වැටේය
රතු මල්ලී කණ්ඩිය උඩ -
පෙම් ඟගුලක කිමිදුනේය
ඒකාලේ ගැනු
ළමයා AL කරනවා. රැට පාඩම් කරනවා. ඉතින් කෝල් එක
එන්නේ පාන්දර 4.0 4.30 අතර තමා.
කෝල් එක ආවම, කොල්ලගේ මුණ තමා බලන්න ඕනේ. චිනගේ වගේ
ඇස්දෙක පොඩි වෙනවා
උන් හිටි
තැන් අමතක වෙනවා. එහෙටදුවල මෙහෙට දුවලා,
බෝඩිමේ
කන්ඩිය උඩ ඉඳගන තමා කතා කරන්නේ.
හරියට මෙන්නේ
මේ වගේ.
අපිට බයේ බෑ, මූ වැටේවි කියලා.
ඉතින් අපි
කව්රුත් ලව් කරන කලේ,
පාවිචි කරන
වචන සෙට් එක, මුත් පාවිච්චි කලා.
බබෝ, පැටියෝ, අම්මියෝ, ඔයා කැවද?, අම්මා බැන්නද? ඔයා හොදින්ද,ඔයා අඩන්නේ.......
වැඩේ කියන්නේ, මූ ලව් කරනකොට රතු වෙනවා.ඇඹරෙනවා,. අපි උඩ තාට්ටුවේ හිටියා නිසා. මූ නිකන්
මල් නෙමෙයි. අඹ මල් තමා කඩන්නේ.
ඔන්න ඉතින්, බාලේ(දුටුගැමුණු), බඩි ලොක්කා, කොටා, හම්ටියා නොහොත් මී ගමු ඇතා ,වැල් ඔටුවා, තෙලිජ්ජා, බමුණා, ගින්දර, රොබින්හුඩ් ඔකොමල්ලා
බෝඩිමේ ඉන්න
දවසක තමා මේක උනේ.
මෙන්න මේ වගේ
ඇදන් තුනක තමා නිදන් හිටියේ..
එකමත් එක දවසක්දා -
පාන්දරින් වගෙ වෙනදා
රතු මල්ලිගෙ හද ගිනි ලා
- දුරකතනය නාද වුනා
අපෙ මල්ලී දනි පනි ගා -
කැරකී වට පිට බැලුවා
කාටත් නොදැනෙන විලසින් -
සඳලුතලේ වෙත ඇදුනා
මෙය දුටු මී ගමු ඇතා -
අප සේරම පිබිදුවා
රොත්තම මී රැලක් වගේ -
දොරමුල්ලෙ ඇනතියා
සාමාන්‍යයෙන්
රතු මල්ලි, ඇරෙන්න, අනිත් උන්
පාඩම් කරන්නේ රෑට. අනිත් උන් නිදන කොට,
රතූ
නැගිටිනවා.
එදත් ඕක උනා.
ඔන්න ගෑනු ළමයාගෙන් කෝල් එක අවා. කට්ටියම හිටියේ මර නින්දේ. ෆෝන් එකේ සද්දෙට හම්ටියා නොහොත් මී ගමු ඇතා ඇහැරුනා.
රතූ එලියට
යන්න ගිහිල්ලා, කටියම නිදි වගේ නිසා.ලයිට් එකත් නිමලා.
මුලු ලෝකෙම තව නිදී - පරිසරයම නිහඬ වී
ආදර පෙම් රස පැණී - හිමිදිරියෙම උතුරතී
පාන්දරින් අවදි වී - කවදාවත් පිරි නැතී
වැල් ඔටුවත් ගුලි වෙවී - දොරමුල්ලේ කන් දෙතී
හෙන ගැහුවත් දෙපතුලේ - බමුණ නොවේ ඇහැරුනේ
එහෙව් එකා ඇයි බොලේ - පාන්දරම දොර මුලේ
මාරා ගන්නෙ නැතිව ඩෝ - තොපිට ඉන්ට බැරිවදෝ
සාධාරණ කොටාණෝ - හීන් හඬින් කොඳුරනෝ
ඔය අතරෙ අපේ යාලුවො හැංගිලා බලන් ඉන්නවා.
මුලු මූනම රතුවෙලා -
හිමිදිරියෙම දිලිසිලා
අනංග මල් හී සරා -
මල්ලිගෙ ඇස් පියවලා
නංගි බබා සුරතලී -
නිල්මිණි වගේ ඇස් දිලී
මට පේනව මැවී මැවී - බැලු
බැලු අත රැස් දිදී
අයිය මගේ කිරි හොඳා - මට
වටිනව ඔබ මනා
හදවත පතුලේ ඉතා - සෙනෙහස
ඇත සතපවා
ආදර මයෙ රන් කඳ - දරා
ගන්න බෑ සිත
ජීවත් වෙන්නට තව - එක
උම්මෙක් දෙනවද
මයෙ සූකිරි පැට්ටට -
දෙන්නැති උම්මා වෙද
අල්ල ගන්ට තද කර - උම්ම
උම්...මහ් හැති මට
අප්පට සිරි ගජ බොල -
පැණි බේරෙයි සැම තැන
අරං වරෙව් මුට්ටිය - දමා
ගන්ට පැණි ටික
බමුණගෙ කෙඳිරිල්ලට -
බාලේ කට තද කොට
හනිකට උගෙ කොට්ටය -
ගෙනත් දුන්න මේලෙස
ගල් බමුණෝ තොගෙ කට -
වහගෙන තව හිටපිය
ඉඳා ගනින් කොට්ටය - හපා
ගනින් තද කර
අම්මට අහු වුනෝතින් -
කපෝතියක් වෙයි නිතින්
ඊට කලින් සෝ සිතින් -
නවතින්නද පණ ඉතින්
අම්මි පැටිය මයෙ සුදා -
ඔයාගෙ හිත හරි හොඳා
වාව ගන්ට බෑ මෙදා -
කැකෑරෙනව හද දවා
රතු අයියා පණ මාගේ -
හදවත පෑරෙයි බෝසේ
නොලැබුනොතින් ඔබේ ආලේ -
සත්තයි පනිනව මූදේ
වස්තුව මයෙ පණ මුදු -
ඇයිදෝ මේ දුක් රළු
බුර බුර නැගෙමින් දළු - පිච්චෙනවා
හද මුලු
බලා ඉඳල බෑ තව - එකෙක්
මැරෙයි අද දින
ගින්න නිවන්නට බොල -
වතුර ගෙනෙව් හනිකට
මී ගමුවේ අලි බඩා - කට
ඇරියා වැරදිලා
රතු මල්ලී තවමත් නෑ පෙම්
සිහිනෙන් ඇහැරිලා
මෙන්න දැන්
කතාව යනවා නැගල.
රතු
මල්ලි:පැටියා මට ආදරේද?.
නංගි: මං
ගොඩක්...
රතු
මල්ලි:ආයේ කියන්න කෝ..
නංගි: මං
ගොඩක්...ආදරෙයි..
රතු
මල්ලි:පැටියෝ ඔයා නැතිව හරි පාලුයි...
නංගි: මටත්
පාලුයි අයියා....
දෙනාම දැන්
සුසුම් හෙලනවා...................
රතු මල්ලි:
පට්ටෝ මං එවාපු ලියුම ලැබුනද?
නංගි: දන්නේ
නැ අයියේ.. යාළුවා කතාකලේ නැ. අපේ අම්මා එයටත් බැනලා. මටත් බැන්නා.. මට දුකයි
අයියේ
ඔන්න නංගි
දැන් අඩනවා..... රතු මල්ලි සනසනවා....
රතු
මල්ලි:පැට්ටා අඩන්න එපා මගේ වස්තුව. මං ඉනවානේ ඔයාට..
නංගි: අම්මා
මට හොදටම බැන්නා... ඔයාලගේ අම්මටත් බනිනවා කිව්වා. මට ඔයා නැතිව ජීවත් වෙන්න බැ
අයියා...
රතු මල්ලි:
අඩන්න එපා මගේ පට්ටෝ...
ඔන්න
කොල්ලාගේත් කටහඩ දැන් ඇඬෙන්න ඔන්න මෙන්න. කෙල්ල හෝ ගාල අඩනවා. ඉකි සද්දෙත් ඇහෙනවා.
රතු මල්ලි:
අඩන්න එපා මගේ පට්ටෝ..... නංගිලා.. හරි අම්මලා හරි ඇහෙරේවි.... මගේ හොඳ පැටියා
අඩන්න එපා. මං ඉන්නවනේ...
රතු මල්ලි:
මේ එක නෙමයි ඔයා පාඩම් කලාද?..
දැන්
විභාගෙත් ලගයිනේ....
නංගි: ඉකි
ගසමින්. ඔව් අයියා. ඒ උනත් ඔලුවට යන්නේ නැ.....
රතු මල්ලි:
කොහොමහරි ඉගනගන ඔයා කැම්පස් යන්න. එක තමා අපිට තියෙන එකම විසදුම......
නංගි: මං
කොහොම හරි කරනවා අයියා. ඔයා මට නැතිවෙයි කියලා බය....
රතු මල්ලි:කෝ
බලන්න දැන් චුටක් හිනා වෙන්න....
ඔන්න නංගි
හිනා වෙනවා, අඬන ගමන්.....
රතු මල්ලි:
අන්න හරි. මගේ හොඳ..... පැටියා....
අයියේ මං තියනවා -
අම්මත් දැන් ඇහැරෙනා
හෙට ආයෙත් මං එනකං උම්ම
උම්මා පව් ඔයා
නංගියෙ හෙට එලිවෙනා -
තෙක් ජීවත් වෙනු පතා
තව එකපාරක් ඔයා - අරක
කියන්නකො මෙයා
අම්මා එයි ඉක්මනින් -
මයෙ දෙයියෝ පණ ඉතින්
මයෙ දෙයියට මුලු හදින් -
මම ආදරෙ අහස මෙන්
නංගි: අයියේ
එහෙනම් මං තියන්නම්.. දැන් අම්මලා ඇහැරෙන වෙලාව.....
රතු
මල්ලි:තියන්න එපා පැට්ටෝ... තව ටිකක් ඔයා කටහඩ අහන්න අසයි....
නංගි:
හොරා... අම්මා ඇහැරුනොත් මේකත් නැ....
රතු මල්ලි:
එහෙනම් තවපාරක් අරක කියන්න.. මං එතකොට තියන්නම්....
නංගි: බැ...
ම්.... ආදරෙයි ගොඩාරියක් මගේ අයියට......
රතු මල්ලි:
උම්මා... මගේ පැට්ටාට ගොඩාරියක් ආදරෙයි... හෙටත් කෝල් එකක් දෙන්න...
නංගි:
එහෙනම් තියන්නම් අයියා... බුදු සරණයි!!!!
රතු මල්ලි: බුදු සරණයි නංගියෝ......
දොරමුල සිට ඇන තියාන -
අප සිටියේ කන් යොමාන
රතු මල්ලිය ඇස් පියාන -
ඇත කණ්ඩිය මත බදාන
කෝල් එකත් කට් වුනා -
යාලුවො ටික සෙට් වුනා
රතු මල්ලිය රත් වුනා -
පෙම් සිහිනෙන් පිබිදුනා
යාලුවො ටික වට වුනා -
බමුණා මැද්දට වුනා
උගේ කටේ තිබුණු කොට්ටෙ
පුලුන් දසත විසිරුනා
අම්මෝ මයෙ පණ එපා - ඉල
ඇට ටික ඇදවුනා
තවත් හිනාවුනොත් මගේ පණ
යනවා ඔව් පුතා
ඔන්න ෆොනේ එක
තිබ්බා කොල්ලා. එතකොට තමා රතු මල්ලිට අබ සරණ උනේ....
පුදුම වැඩේ
කියන්නේ. මේ මුළු කෝල් එකම,
හෙන ගැහැව්වත්
ඇහැරෙන් නැති අපේ සෙට් එක. ඇහැරිලා අහන් හිටය එකයි..
නිකමටවත් ඇහැරෙන්නැති
බමුණා, මුලින්ම කියපි පට්ට මලක් කැඩුවේ කියලා...
එපමණයි ඇසුනේ. හැමෝම ඉල ඇදෙනකම් හිනා උනා.
ජීවිතේට, නැගිටින් නැති, කදුළු පෙර පෙර නිදන ඔටුවා.. මුල ඉදලා..
කතාව අහන් හිටියා.
අපේ රතු
මල්ලි, තවත් රතු උනා.....
මේක අපේ නැණස
බෝඩිමේ වෙච්ච එක සිද්ධියක් විතරයි...... තව ගොඩක් තියෙනවා.
කතාවේ හොදම
හරිය නම්... අපේ රතු මල්ලිත්... නංගිත් දෙදෙනාම.. හොඳින් උසස් අධ්‍යාපන කටයුතු
නිමකර
උපාධියත් ලබාගෙන..සියලු
බාධක ජයගෙන දෙමව්පියන්ගේ ආශීර්වාදය මැද,
විවාහ
උනා......