Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Monday, April 4, 2022

මගේ පැටවු හට මේ මවුබිම ඕනේ....

 


රටේම මහ කලබලයක්
ගෑස් විදුලි අර්බුදයක්
තෙල් සිමෙන්ති ඇත හිඟයක්
නැවතත් පෝලිම් යුගයක්

හාල් සීනි තුන් ගුණයක්
පරිප්පු නෑ ගේ ඇටයක්
අල ලූනුත් කෑ දවසක්
අහන්න නෑ මයිනෙක් වත්

ජහ මනයගෙ බඩ වියතක්
පුරව ගන්න නෑ විදියක්
පෝලිම් වල මැරි වැටුනත්
නෑ ලොක්කට වගේ වගක්

ඩොලර් හිඟලු ණයත් වැඩිලු
ගෙවා ගන්න කලුත් මදිලු
මම නම් ණය ගත්තෙ නැතිලු
ගත්තු ඒකෙක් දන්නෙ නැතිලු

පෝර නැවලු සුදුසු නැතිලු චීනෙ ඉඳන් ගෙනාවාලු
නැවත බලමු සුදුසු නැතිලු ආයෙ පිරික්සා බලමුළු
බලල බලල ගොඩ බෑවලු කාබනිකලු සුපිරි බඩුලු
දාපු කුඹුරු පුසුඹෙ බැරිලු බල්ලො බළල්ලුත් කෑවලු

තවත් නැවක් මග ආවලු
ආපිට හරවා යැව්වලු
බාපු දෙයක් ඇත්තෙ නැතිලු
ඩොලර් ගෝනියක් ගෙව්වලු

ජෙට් ඒකක්ලු පුද්ගලිකලු
උගන්ඩාවෙ සිට ආවලු
මයි ජෙට් මයි ‌ඩොලර් යාලු
කියලා.. පවුලම ගියාලු

දවසින් දවස අමාරුකම් වැඩිවෙනවා
දුගී මගී සැමදෙන හාමත් වෙනවා
මහ පුටු තවමත් පිස්සුම කෙලවනවා
හැටනම ලක්සේ කාටත් සිහිවෙනවා

තවත් බැරිය ඉවසාගෙන හිඳින්නට
ඒකා දෙන්නා මිරිහානට රැස්වෙන්ට
ගමම ආවෙ මේ ගැන පිළිසඳරකට
සර් ඕක ළමයෙකු හට දී යන්ට

මිරිහානෙදි බස් රථයක් ගිනි ගත්තා
ගිනි තියනා හැටි මාධ්‍ය වල තිබ්බා‍
කිහිපදෙනෙක් බිල්ලට අල්ලා ගත්තා
නීතිවේදියොත් ගේමට එලි බැස්සා
 

පනස් හතරදෙන නිදහස් වී එන්නා
නීතිය බෑලූ හැමදෙන රෙස්පෙක්ට් වෙන්නා
පෝය නැතත් ලොක්කට තද වී එන්නා
පසුදා ඇඳිරි නීතිය රටටම දැම්මා

චිත්‍රා කුමරි තැබුවත් උස එක් ටැම්ගේ
මතකද ඇය ගැබ්ගත්තා ඉතිහාසේ
ඒහෙව් යක්කු ඉන්නා රට මේ අයිසේ
කී දවසක් වහගෙන ඉන්නද නන්දේ

රටපුරාම උද්ගෝෂණ රැලි මාලා
සියලු දෙනා එක කැටියට එක් වීලා
පාලක හොරු රැල බලයෙන් පන්නාලා
මිස අයෙත් බලන්නෙ නෑ අපි හැරිලා

අවුරුදු තුනකට කලියෙන් දවසක්දා
ලේ වැගිරුණු මිනී මතින් කළු ඉරිදා
හැටනම ලක්සයක් ගෙන ආ මේ නිරිඳා
උන්ගේ මූණෙත් කළු දැළි ඉරි ඇන්ඳා

මහජනයගේ විරෝදෙ පාවලා දෙන්න
රෑට අස්වෙලා උදේට පත්වෙන්න
අමු කැවිලද අන්ද කයිප්පුද මෙන්න
ලෝක සිතියමෙනුත් මකන්නද ඕන

හොරා කාපු සතයක් සතයක් ගානේ
ආපහු මුන්ගෙන් අය වෙන්නට ඕනේ
හැත්තෑ හතරක් රැවටුන දැන් ඇතිනේ
මගේ පැටවු හට මේ මවුබිම ඕනේ....

Friday, March 20, 2020

දමා ගිය අය අහසෙ කොතැනේ අප දිහා නෙත් යොමා ඇත්තේ...


කෙනෙකුගේ අගයක් දැනෙන්නේ
තනිකමක් පාලුවක් දැනුනේ
හිටියනම් ලඟ කියා තැවුනේ
වියෝවෙන් පසුවයි ඔවුන්ගේ

ඒ තමයි අප සැමගේ හැටිනේ
නමුත් අපි හිත හදා ගන්නේ
දමා ගිය අය අහසෙ කොතැනේ
අප දිහා නෙත් යොමා ඇත්තේ

අන්ධවීලා සසර ගමනේ
අතරමං වී අප හිඳින්නේ
කොරෝනා ඇවිදින් ලොවට මේ
අපව එකතැන් කරල ඇත්තේ

දුවන දිවුමට වෙනද පිම්මේ
කතා කෙරුවත් කලබලයිනේ
නැවතුනත් අප දුවන හැල්මේ
දෙකොනකයි අප නතර කෙරුනේ

මේ තමයි අප ගෙනා උරුමේ
නැති උනත් ඔබ දමා ආවේ
අහසෙ ඉඳගෙන බලා ඉන්නේ
මගේ දරු පවුලම ගැනයිනේ

Friday, March 13, 2020

කොරෝනා ඇවිදින් මතු කල මිනිස්කම


හැරගියේ නැත කිසිදා අපි මවු රට
ගියේ කරන්නට දෙයකුත් නැති විට
ගමට රටට බරක් වී බැ ඉන්නට
ගතින් නැතත් හදින් සැමදා මවු රට

අපි කලේ නෑ බොරු උද්ගෝෂණ
අකුල් හෙලා නෑ රට පෙර ගමනට
පැතුවේ අනාගත දැයේ අභිවෘද්ධිය
ආවේ තියාලයි ජීවිත උගසට

පිටරටවල කොල උපයල එවුවම
විනිමය වෙනවලු අද එය රටටම
ඒකෙන් හොඳහැටි ආතල් අරගෙන
අපිටම ඇනපං කොරවෙලා යන්නට

හරකෙක් වස්සෙක් කෙරුවම මරි වැඩ
රට විරු සැමටම ගැරහුම නරි වැඩ
ආතල් දුන්නම පොදුවේ ඕසෙට
උඹලගෙ ඉන රෙද්දක්වත් තියෙවිද

රජයෙන් ගිය විට හදන්න නිරෝධන
මධ්‍යස්තානයක් වත්තල හැඳල
උඹල එකතුවෙල දුන්නු සපෝට් එක
බැලුවේ තුටු කඳුලින් ඒ දෙස අප

අවදානම මැද රට ගැන හිත හිත
බහුතරයක් බං තවමත් නොරට වැඩ
හැකිකම තියෙද්දිත් අපිටත් එන්නට
හිතනව තාමත් අපි ගම රට ගැන

කට්ට කාපු අපට ඕව කජු මදද
හිතේ හයිය නිසයි ආවෙ දන්නවද
කොරෝනා ගිල්ලත් ඇවිදින් අපව අද
එන්නෑ උඹලට දෙන්නට තවත් වද 

Friday, June 7, 2019

හෙළයන් ඉවසා වදාරනවලූ සංහිඳියාවට කෙළවෙයි කියලා



සකල සිරින් පිරි සිරි ලංකාවේ ජාතිය ආගම කුල බේදේ
වෙනදාටත් වැඩියෙන් දැන් රැව්දෙයි ඔද වැඩිලා ඇත අභිමානේ....
පාස්කු ඉරිදා ම්ලේඡ්ච ලෙස ඒ ත්‍රස්තවාදී පිරිසකගේ
පුපුරා ගැනීම තවමත් ඇත වී ප්‍රතම පුවත නාලිකා ගානේ....


තවත් බලාගෙන ඉන්නට හිත නෑ සද්ද නැතුව මෙතුවක් වාගේ

අසීරුවෙන් මම අකුරු කලා  මේ කවි පද වාවා ගෙන වේගේ...


ඉස්ලාම් අන්තවාදී කල්ලි රට තුල බෝ වෙනවා දැන් බෝසේ

කීවත් කනකට ගත්ත එකෙක් නෑ පෙර සිට මේ දිය වන්නාවේ
අතීතයට දෙස් දෙවොල් තියාගෙන කෑ මොර දී පලකුත් නෑනේ
වරුතමානයේ ඉන්නා පඹ රැල කොරනා දේකුත් නෑ වාගේ


උනුත් දන්නෙ නෑ මුනුත් දන්නෙ නෑ බැලුවම අහලා සිදුවුන දේ

උන්ටත් කියලා මුන්ටත් කියලා ලියුනුත් යවලලු නිලයන්ගේ
එසේ තිබෙද්දිත් සේරම ගව රැළ අදටත් මේ දිය වන්නාවේ
උන්ගෙන් මුන්ටත් මුන්ගෙන් උන්ටත් පාස් කරවා ඇට බෝලේ...


බෝම්බ හැදුවලු ෆැක්ටරි තිබුනලු ඒවට යහමින් තඹ යවලා

ලගම ඥාති කෙනෙකු ගේ නිවසකුත් ත්‍රස්තයිනට  කුලියට දීලා
අල්ලාගත් සැකකරුවන් පිළිබඳ හමුදාවට බලපෑමුත් කරලා
ඔප්පු කරන්නලු චෝදනා ඇත්නම් ඇමති පුටුවලම ටැක්ගැහිලා...


හමුදාවෙන් ගොස් බැලුවම මුස්ලිම් පල්ලිය ගැන සෝදිසි කරලා

දෙවියන් යදිනා සමහර පල්ලි මුවහත් කඩු වලිනුත් පිරිලා
යුද්දෙට ඕනා මන්නා කඩු පිහි මොකටද පල්ලියෙ ගොඩ ගහලා
එකෙක් කියනවා කැලේ කපන්නලු අළුත් ආරෙක හැඩදාලා


සෝදිසි මෙහෙයුම් වලදි ගෙවල්වල තිබුනලු තව කඩු ගොඩ ගහලා

උන්ගේ ගෑනුන් පරිස්සං කොරන්න කඩු ඕනලු මුවහත් කොරලා
මෙව්වා අහගෙන ඉවසන් ඉන්නට සිහලුන් හට ඇත සිදුවීලා
නායකයන් ඇත පඹයන් විලසින් බල තන්හාවෙන් කෙල හලලා


තවත් එවුන් ඇත අන්තවාදීන් පෙර සිට රැක පෝෂණ කරලා

උන්ගේ කෙරුවාවල් එලිවෙනවා එකින් එක අද පෙලගැහිලා
චෝදනා ඇතිවුන් ඉල්ලා අස්වෙල තම තනතුරු දරමින් ඉන්නා
කියලා ඉල්ලන්නට කොන්දක් නෑ රටේ නායක දරු දෙන්නා


සිංහල අම්මාවරු බර ගණනක් මේ වන විට ඇත වඳ කරලා

කියලා පුවතක් පලවිය මුලු රට මර නින්දෙන් පුබුදුවා ලලා
ඒ සැකකරු දොස්තර කුරුණෑගලදී අත් අඩංගුවට පත් වීලා
නිදහස් කෙරුමට ප්‍රසිද්ධියේම ඇත චූදිත නිලයන් බල කරලා


රටේම කැලඹීමක් ඇති කරමින් රතන සාදු උපවාසෙට උන්නා

ගලේ පහරපු බලලට වැඩියෙන් නායකයන් අසරණ වෙන්නා
අන්තිමේදි මේ චූදිතයන් ගේ සහයට සේරම නව දෙන්නා
ඉල්ලා අස් විය උන්ගේ ජාතිය උන්ට කොයි වෙලෙත් එක වෙන්නා


රටේම මහ වියසනයක් කරමින් පුපුරා ගිය ඒ කළු ඉරිදා

වගකියනා උදවිය ඇත අද අඳ ගොළු බිහිරන් ලෙස රඟලා
චූදිතයින් වූවත් උන් අපේම ජාතියෙ උන් ලෙස සිත් දරලා
සිටියත් අපේ එවුන් නෑ තවමත් එකමුතු වෙන්නට අත් බැඳලා


තවමත් රට කරනා වුන් එක එක මත වල ඉන්නව ටැක් ගැහිලා

පිළියම් යොදන්න උත්සුක වෙන බව පෙනෙන්ට නෑ තව වල්වැදිලා
එකම නීතියක් සැමට සහනයක් ඇති හෙල බොදු රට ගැන හිතලා
හෙළයන් ඉවසා වදාරනවලූ සංහිඳියාවට කෙළවෙයි කියලා




ප.ලි.

          සිංහ කොඩියවත් දන්න බෑ නොවැ මේකෙ, මාධ්‍ය මගින් කඩු පෙන්නීම තහනම් නිසා.

Monday, April 23, 2018

අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු




කොහා හඬන රබන් ගහන අවුරුද්දත් ඇවිත් ගියා
නෑ හිත මිතුරොත් ඇවිදින් බීල කාල විසිර ගියා
ගෙවල් මිදුල් අස්කරලම කොන්දේ ඇට ඇදවි ගියා
වේලසනින් අදවත් නෑ මේ මිනිහා කොහේ ගියා

ඔහේ ගෙ අයියට අක්කට ඉස්තරමින් තෑගි ඇරං
අවුරුද්දේ කෑම මේසේ කඩවල් වල ජාති පුරොං
ඒ මදිවට දොර ජනේල රෙදි අලුතින් හැඩට ඇරං
ණය කාරයෝ මග රැකලා මා එනතුරු ගෙදර බලං

මගෙ නෑයන් හට විතරද අලුතින් අපි රෙදි ගත්තේ
ඔහේගෙ රට ගිය මල්ලී මොනවාද මෙහි ගෙන ආවේ
කෑම මේසේ ජාති වලට කටින් ද ඔය කුල කීවේ
ලෝක බැංකුවෙන්ද ඕයි සැර බීමට ණය දුන්නේ

කෑමක් දෙනවා නම් අද කෑමට පෙර හොඳ සිරිතකි
ඔහෙගෙ අයිය මට ගෙනාපු කමිසෙ පොඩි එකාටත් මදි
ණය ගෙවන්න සත්මසක්ම ඕටී කෙරුවත් තව මදි
මහන්සි වී ගෙදර ඇවිත් නිදහසේ ඉන්නට බැරි හැටි

අපේ මහත්තයෝ තේක බීල ඉන්න හා පුවාලු
ලබන මාසේ සිරි මාමගෙ යසිරු මල්ලී බඳිනවාලු
රට ගිය මල්ලිගෙ නෝනත් එදාට එහි වඩිනවාලු
අලුත් සාරියක් මට නැත්තං ඔයාට ලැජ්ජ වේලු

ගහෙන් වැටුනු මිනිහාටත් ගොනා ඇන්න කියනවාලු
අතමාරුවක් ගන්නට මිතුරෙකු මං හොයනවාලු
හෙට හවහට පොට් එකේදි අපි කෝමත් සෙට් වෙනවලු
අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු....




Thursday, February 4, 2016

රුවන් නිදන හෙල බිමයි



නිදහස අපේ සමරණ මේ  අද දවස
ආඩම්බරයි සිරිලක පුරවැසි අපට
ජාතික ධජය ලෙලමින් හුල‍ඟේ දසත
සමරනවාලු ජයටම නිදහස් පුවත

අප ලබනා නිදහස් දින නිවාඩුව
පිට්ටනියේ පෙළපාලියෙ දිගාකර
සිටියත් කෑමොර දීගනෙ උදේසිට
වැඩ කරනා පිරිසක් ඇත නොරට ඉඳ

නිදහස ලැබුව සිරි ලංකා දීපයට
හැට අට වසරක් ගෙවුමුත් එදා සිට
පිල් බෙදිලා ගුටි ඇන ගත්තා මිසක
නිවහල් සිත් ගොඩනැගුවේ කවුරුන්ද

ජාතික ධජය ගැන ඇත ගැටලුවක් පැන
ඉතිහාසයේ වරදක් වත් සිදුවීද
ඒ වෙනුවෙන් පිරිසක් ඉදිරියට පැන
තවත් කල්ලියක් මෙහි සැදුවා වත්ද

නිදහස ලැබූ සිරිලක් මිණි මහ පොලවේ
උරුමක්කාර කම් තවමත් පටලැවිලේ
එක ධජයක් එකම රටක් ප්‍රතිරාවේ
කරුම්මක්කාර කම් නම් තව තව බිහිවේ...

Thursday, August 20, 2015

දිළින්ඳෝ






රට ජාතිය ආගම මැන මොරදීලා
පිරිසක් ඇත ඡන්දය ඉල්ලා හඬලා
ගැනලා බැලුවම කඩදහි දිග ඇරලා
ඇත ජාතිය ආගම ගැන කලකිරිලා

කොටියා මහ දරුණු එකා නැගිටිනවා
අලියා ගොන් මැටි මෝලා රට කනවා
අපිනම් කතිරේ අප්පොච්චිට දෙනවා
උන්දැගෙ කරපිට හෙලුවෙන් මොරදෙනවා

කොටසක් හදවත ගෙනැවිත් දික්කරලා
විමසන්නලු සාක්ශියක් කන් දීලා
ප්‍රතිඵල බැලුවම පහුවදා එලිවීලා
සේරම හදවත් ඇත බයි පාස් කරලා

තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන

Monday, July 20, 2015

නොපිපිම කැකුළක් පරවීලා...

දහසක් පැතුමන් පොදි බැඳලා...
අපමන ගව් දුර මග ගෙවලා...
ලෝ දම් සසරේ හැටි කියලා...
නොපිපිම කැකුළක් පරවීලා...


නුඹ  නාවත් අද අතට අපේ...
සෙනෙහෙ සිතින් අපි හිටියෙ ලයේ...
මේක තමයි ලොව උරුම අපේ...
පතමු මිනිස් බව නුඹට අයේ...


බුදුන් දෙසූ දම් කඳට සිතේ...
සෝක තැවුල් සිත් පහව යතේ...
කරන කරන දම් පිනක් අතේ...
නුඹවත් සිහිකර කරමු පුතේ...



අනන්ත සසරෙදි හමු වීලා...
ආයෙත් ඇත අප වෙන් වීලා...
ගියත් දුවේ නුඹ පර වීලා...
පතමු නිවෙන්නට සැනසීලා...



Wednesday, August 27, 2014

විහිලුව සහ හිංසනය

බෙහෝම අවිවේකී මාසයක් මේක. ලැබුණු ඉඩ කඩකින් බ්ලොග් කියවන කොට දැක්ක මාතලන්ගේ පෝස්ටුවක්. වාරියපොළ සෙල්වා කියල. ඕං ඒකට කොමෙන්ටුවක් දානකොට මට තේරුනා කොමෙන්ටුව දිග වැඩි වේගන එනවා කියල. ඔන්න ඉතින් හති නොබලා මේ පෝස්ටුව අන්තර්ජාල ගත කලා. කාලයක් තිස්සෙ මේ මාතෘකාව කතා කරන්න හිතේ තිබුණට අවස්ථාවක් වෙලාවක් ලැබුනෙ නෑ නෙව.



විහිලු තහලු වලට තියෙන්නෙ ඉතා දීර්ග ඉතිහාසයක්.  කොටින්ම කියතොත් කවට කම් වලට අපේ අතීතයේ රාජ්‍ය අනුග්‍රහයත් ලැබිල තියෙනවා. ඒ විතරක්ද රජ වාසල කවටයා කියල බොහොම ගරු සරු තණතුරු පවා තිබුන නෙව.



            ඉතින් විහුලුව නැත්නම් කවට කම් එක්ක නිතැතින්ම බැඳිච්ච දෙයක් තමා නාරි ලාලිත්‍යය කියන්නෙ. සුද්ද සිංහලෙන් කියනව නම්, අතීතයේ සිටම කවට කම් එක්ක ගෑණු උදවියත් සම්බන්ධ වෙලා තිබුනනේ.

            කට කැඩි කලයයි ගෙනෙන්නේ...
            වැරහැලි රෙද්දයි අඳින්නේ....
            කොයිබද උදයම දුවන්නෙ.....
            රොඩීකෙල්ල වාගේ..

මෙහෙම කීවෙ රූකාන්ත නේ. අන්දරේ කීවෙ මෙහෙම..

            කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන
            ලොට තන් දෙකක් ගෙරි සමකින් වසා ගෙන
            තඹත් ලෝකඩත් දෙවගේ පැලඳගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන

එහෙමයි කියල ඉතින් කාන්තාවන් කියන්නෙ විහුලුවට ලක්වන දෙයක් කියල වැරදි අර්ථ කතන දෙන්ට උවමනා නෑ.

            ඉතින් මෙහෙම විහිලු තහලු කරද්දි දුක් වුණ කේන්ති ගිය ගෑණු උදවිය ඒ කාලෙත් හිටිය නොවැ.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

රජ බිසවට මේහෙම කරවිල වැල කීව කියල බිසව හොඳටෝම ඇඬුවලු.  හැබැයි ඉතින් මේ කවිය කියපු අන්දරේට බිසවුන් දැ අත උස්සන්න ගියේ නෑ. රජතුමාට කියල ආයෙ සැනසිලි කවියක් අන්දරේගෙ කටින් කියව ගත්තලු.

කොහොඹ හොඳ දේට වෙදවරු         ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන           උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති            බණින්නා
මම්වද වරදකරු අහකින්                 සිටින්නා

            රාජ ඌශ්නෙ තියෙන බිසවුන්දැලටත් විහිලු තහලු කෙරුව නම්, අනේ අපේ වාරියපොළ නංගිට මොන ඌශ්නෙද කියලත් කෙනෙකුට හිතෙන්ට පිලිවන්. රජ බිසවුන්ට විතරක් යැ,  අල වර්ගයක් උගුල්ලපු ගමේ ගොඩේ ගැටිස්සියන්ටත් විහිලු කොලා නෙව.

පතුල ගසා අල උගුලන කලට ලියේ
මකුල සේම වත සුලඟට යාය ලියේ
මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

තමන්ගෙම බිරින්දැටත් උන්දැ මෙහෙම කියල තියෙනව නෙව

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලීමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

උන්දැට වස් වැදෙයි හිතල ආයෙ මෙහෙමත් කීවලු

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලීමි  හෙරළිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොළු  වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා


(උපුටා ගැනීම දිවයින - එච් ජිනදාස http://www.divaina.com/2014/03/05/badada03.html)

            අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
            පැංචාවියක් දිය කෙලිනා සැටි දුටිමී
            පිපුනු මලක් නම් තලලා මිස නොයමී
            කැකුලු මල නිසා නොතලා යන්ට යමී

මේ විදියට විහිලු කරාපු එකට කෙල්ල දුන්නු උත්තරේ මෙහෙමයිලු.
           
            වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
            නිරන්තරේ හිමි වුයෙ දුකමය අපට
            පිපුනු මලක් නම් නොදෙනෙමි තලන්නට
            කැකුලු මල නිසා තලපන් පිපෙන්නට

අද කාන්තා හිංසනය ගැන ගොඩක් අය කතා කරනවා. අද කාලෙ බැඳපු ගෑනියෙකුටවත් පාරෙ බැහැල යන්න බැහැලු. ඇයි අද විතරද මේ එදා..

            අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
            වසා ගෙන දෙතන අතකින් කිමද නගෝ
            සැමියා නැති ගමන් තනි මග කිමද නගෝ
            අම්බලමේ ටිකක් නැවතී යමුද නගෝ

කෙල්ලත් ඇරියෙ නෑ

            අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
            වසා ගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
            බාල මස්සිනා පස්සෙන් එන හන්දා
            යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා




අපේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් ගැහැණු අඟ පසඟ වැණුව නෙව. (වැණුව කීවෙ වර්ණනා කොලා කියන එකට ඈ.)

            සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටින
            නිසි පුළුලු කුල රිය සක යුරු තිසර තන
            දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
            ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

මෙව්ව කටපාඩම් කොරාගෙන විභාග වලත් ලියනව. කෝ බොල එකෙක් වත් රාහුල හාමුදුරුවන්ට බැන්නද? අද මේ කවිය බස්ටෑන්ඩ් එකක කොලුකුරුට්ටෙක් හයියෙන් පාඩම් කරමින් හිටියොත් මොකක් වෙයිද? (වාරියපොළ සිටෑන්ඩ් එක නෙමෙයි ඕං ඈ.)

            වෙසඟන තුඟු තන යුග රොන් කොකුමගර
            පිස එන මද පවන් හැද විල් ලිහිණි සර
            ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැග සිටු උදාහිර

වෙසඟනන් නොහොත් වෛශ්‍යාවන් ගැනත් කියල තියෙන්නෙ ඔය. දැන් උදේ පාන්දරක පාරෙ කෙල්ලෙක් යන වෙලාවක කොල්ලෙක් මේ කවිය පාඩම් කර කර හිටියොත්??

සපුමල් යොහොඹු ලා බැඳ වරල මනහර
පැහැදුල් දොඹ කැකුලළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කනලා කඩොල් රඟ
දහවල් උයන් කෙළි කෙලැ සළෙලුන් සමග

ඉතින් මේ වගේ කාන්තා අඟ පසඟ විහිලුවට වගේම වර්ණනාවට ලක්කළ අවස්ථා එමටයි. ඒ කාලේ කාන්තාවන් වෙන මොක නැතත් ලෝක ස්වභාවය දැනගෙන උන්න. උන් පිරිමි හදන්න වත් පිරිමි එක්ක පැටලෙන්නවත් ගියේ නෑ මෙව්වට. (මෙතන පිරිමි කීවෙ සමස්ත පිරිමි සමාජයයි.)

හැබැයි එදාට වඩා අද මේ විහිලුවල වෙනසක් තියෙනවා. ඒවගේම අද ගෑණුන්ගේ ඇඳුමෙ පැලඳුමෙත් විශාල වෙනසක් තියෙනවා. අද ගෑණු අඳින්නෙ රාගය රතිය ඇවිස්සෙන විලාසිතා. එහෙමයි කියල එහෙන් මෙහෙන් අතපතගාන විහිලු තහලු අනුමත කරන්න බෑ. ඒත් ඉතින් රට වටකර වැට බැන්දත් කට වටකර බඳින්ට පුලුවනෑ වැට?



            ගෙදර වත්තෙ තියෙන ගස් කැපුවම ලිඳත් හිඳිල පෑවිල්ලට රස්නෙ ඉන්න බෑ කියල අහසට බැනල වැඩක් තියෙනවයැ. ආන් ඒවගේ ලෝකෙ තියෙනවා ස්වභාවයක්. ඒක අපට නීති දාල වලක්වන්න බැ. නාරි දේහ ලාලිත්‍යයට පිරිමින්ගෙ රාගය ඇවිස්සෙන එක ලෝක ස්වභාවය. (ඒකෙ අනිත් පැත්තත් එහෙම්මමයි.) ඒ බව දැනගෙන තමුන්ගෙ වහගන්න ඕන මොනවද කියල තමුන්ලම තීරණය කරනව හොඳයි. ඔය සමහර ඇඳුම් නිර්මාණ ශිලිපියො වගෙම සමහර ගෑණු උදවියත් විලාසිතා කියල හිතන් ඉන්නෙ තමුන්නෙ ඇඟේ හැඩය පෙන්නන එකනේ. ඉතින් ඔය නාරි දේහයේ වක් වෙච්ච, උල් වෙච්ච, ඉලිප්පිච්ච, නැමිච්ච හැඩ තල බලල රාගය අවුස්ස ගන්නෙ නැතිව අනිත්‍යය මෙනෙහි කරන්න කියලද පිරිමින්ට කියන්නෙ.

            භාහිර බලපෑම් වලින් සිදුවන කාන්තා හිංසනය පිටු දකින්න නම් කාන්තාවො මුල් වෙලා පලමුවෙන්ම මේ ගැන තමතමුන්ට තේරුම් බේරුම් කරගන්න ඕන. මොකද මේ කාන්තා හිංසන වලට උත්ප්‍රේරක සපයන්නෙ කාන්තාවොම නිසා. (මේක කියවන දකින අන්තවාදියෙකුට මැදුම් පිලිවෙත හොයා ගන්න බැරිව, ඕකනේ අපි කියන්නෙ ගෑණු උදවිය මූන වැහෙන බුර්කාවෙන් සහ දෙපතුල දක්වා වැහෙන ඇඳුමෙන් වහල තියන්න ඕන කියල, කෑ ගහන්න පුලුවන්. ඒ උන්දැලට කියන්න තියෙන්නෙ ගැහැණු කියන්නෙ හිසේ ඉඳන් දෙපතුල දක්වා පෙරවල තම්බ තම්බ තියන්න ඕන දෙයක් නෙවි, ස්වභාව සෞන්දර්‍යය විඳින ගමන් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන දෙයක් කියලයි.)

            බුදු හාමුදුරුවොත් මෙහෙණි සස්න පිහිටුවෙ මෙහෙණින් වහන්සේලාට කොච්චර පොරොන්දු නීති රීති දාලද. අද බලන්න ඔය කාන්තා හිංසනය ගැන දොඩවන ගැහැණු උදවිය පන්සලට යන්නෙ කොහොමද කියල. ඔව් ගොඩක් අය අද පන්සල් යන්නෙ සුදු පාටින් දෙදණ වැහෙන්න දෙඋර වැහෙන්න ඇඳල. හප්පේ පිං පාට. ඒත් ඒ උදවියම පාරෙ යද්දි යන්නෙ කොහොමද? කොටට හිරට පලල, ඇඟේ තියෙන හැඩතල විතරක් නෙමේ, සමහර අඟ පසඟත් පෙන්නගෙන. ඉතින් මේ අය විශ්වාස කරනවද පන්සලේ ඉන්න බණ භාවනා කෙසේ වෙතත් හිත යම් තරමකට සන්සුන් කර ගත්ත හාමුදුරුවන්ට වඩා පාරෙ තොටේ බස් ස්ටෑන්ඩ් වල ඉන්න කොල්ලො හිත දමනය කරගත්තු රහතුන් කියල. (සෝවාන් උත්තමයන්ටත් කාම රාගී සිතුවිලි, බැඳිම් තියෙනවලු.)

            2012 මව්බිමට ලිපියක් ලියන වාසනා සුරංගිකා විතානගේ මෙහෙම කියනව..
අපි දැනගන්න ඕන මල අපේ නම්, අපිට වටිනවා නම් පරිස්සම් කරගන්න. කොයි ලෝකෙන් හරි පියඹගෙන ඇවිල්ලා රෝස මලේ පැණි ටික උරාගෙන ගිහින් වද බැඳගන්න මී මැස්සට සල්ලාලයා, වනචරයා කියලා බනින එක වැරැදියි. සුවඳ හැමුවේ නැතුව පාඩුවේ කඩදාසි මලක් වගේ හිටියා නම් බඹරුන්ට සල්ලාලයෝ නොවී ඉන්න තිබුණා. ස්ත්‍රියක් හරියට මලක් වගේ. ඕනවට වඩා සුවඳ හමන්න ගත්තොත් බඹරු එන්න ඉඩ තියෙනවා.
සමහරුන්ට කාන්තාව කියන්නේ වීදුරු බඩුවක්, තවත් සමහරුන්ට සෙල්ලම් බඩුවක්, ගොඩක් වෙලාවට මායාකාර විලාසිතා විජ්ජාව නිසා කාන්තාව රති බඩුවක් බවටත් පත්වෙලා.... මෙහෙම කියනකොටම අපිව පහු කරගෙන ගියේ යාන්තමට, වැහෙන්න ඕනම ටික විතරක් වහගෙන කකුල් දෙකේ හැම රෝම කූපයකටම අවට සිරි නරඹන්න නිදහස දුන්න උසම උස යුවතියක්. මොකට කියනවාද අපේ එහාපැත්තේ අසුන්ගෙන හිටපු වයසක සීයා ගේ අඩවන් දෑසුත් විදුලි කෙටුවා වගේ වේගයෙන් මහත් වෙනවා අපි දැක්කා.

ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලානේ ගොඩේ සිංහලෙන්. ඒ කෙල්ල විලාසිතා විජ්ජාවෙන් අහිංසක කොල්ලෝ රංචුවක්ම පිටිපස්සෙන් ගෙන්නව ගත්තා. අඳුන ගන්නවත් බැරි තරම් ලස්සනට හදලා තියෙන කිරිඟරුඩ ප්‍රතිමාවක් අතගාලා බලන්න හිතෙන එකට වඩා ප්‍රශ්නේ එහෙම නොහිතුණොත්නේ. එහෙම අතගාලා බලන්න හිතෙන තරමටම ශරීර අවයවත් ඉස්මතු කරන විලාසිතා විජ්ජාකාරයෝ අන්තිමට සේරම චෝදනා කරලා පිරිමි පාර්ශ්වයටම දමලා ගහන එක අන්තිම අසාධාරණයි. ඒක හරියට සීනි බෝතලේ ඇරලා තියලා ඒකට වැටෙන කූඹින්ට බනිනවා වගේ වැඩක්.

සම්පූර්ණ ලිපිය මෙතැනින්: http://www.mawbima.lk/56-5807-news-detail.html

            මේ ලෝකෙ කැරකෙනකම් පාරවල් වල බස්ටෑන්ඩ් වල රහතුන් විතරක් ඉඳීවි කියල විශ්වාස කරන්න එපා. අන්ධයා අනිත් අයට තමාව පේන්න ලාම්පුව අල්ලන් යනව වගේ, නංගිලා අක්කලා නැන්දලා, ඔයාලත් මනු සිත් වල තියෙන රාගය නොඇවිස්සෙන සුලු වස්ත්‍රයක් ඇඳන් යන්න. ගැහැණු සමාජයක් හැටියට පූර්වා දර්ශයක් ඔයාලගෙන්ම පටන් ගන්න. ලෝකස්වභාව තේරුම් ගත්ත නම් අනිත් යෙහෙලියන්වත් දැනුම්වත් කරන්න. ඊට පස්සෙ අපිට පුලුවන් ඔයාලගෙ එහෙන් මෙහෙන් අල්ලන අඩම් තේට්ටම් කරන මානසික රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර කරන්න. (මානසික රෝගීන්ට ලෙඩේ සනීප වෙන්න නම් ඒකට ගැලපෙන හොඳ පරිසරයක් තියෙන්න ඕන.)



            මොක වුනත් මේවෙලාවේ අපේ ඩෙස්මන් ද සිල්වා උන්නැහේ හිටයනම් මං යනව තෙලිජ්ජ කැටේකුත් ඇරන් උන්දැලාගෙ ගෙදර බයිල කියන්න. ඕං එහෙනම් අහගන්නකො ඈ...

            කන්ද වගේ කොණ්ඩෙ උඩට බඳිනවා...
            අර හට්ටි මුට්ටි කලගෙඩි වගෙ පේනවා..
            සාරිය බාගෙට ඇඟ පත පේනවා.
            කොට උඩ යනකොට මට දුක හිතෙනවා...

            රාජකීය ගමන අතේ නෑ සතේ..
            කෙල්ලො යන්නේ දැන් කාලෙ හිතුමතේ..
            ආදරයයි කරුණාවයි නෑ හිතේ..
            අවසානෙදි එල්ලෙන්නෙ ලණු පොටේ.

ප.ලි. - ඔෆිස් එකේදි මේකට පිංතූර හොයන්න ගිහින්, තව පොඩ්ඩෙන් ෂරියා නීතිය මටත් ක්‍රියාත්මක වෙනවා. ඔය පිංතූර ටික මදෑ.