Monday, April 23, 2018

අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු




කොහා හඬන රබන් ගහන අවුරුද්දත් ඇවිත් ගියා
නෑ හිත මිතුරොත් ඇවිදින් බීල කාල විසිර ගියා
ගෙවල් මිදුල් අස්කරලම කොන්දේ ඇට ඇදවි ගියා
වේලසනින් අදවත් නෑ මේ මිනිහා කොහේ ගියා

ඔහේ ගෙ අයියට අක්කට ඉස්තරමින් තෑගි ඇරං
අවුරුද්දේ කෑම මේසේ කඩවල් වල ජාති පුරොං
ඒ මදිවට දොර ජනේල රෙදි අලුතින් හැඩට ඇරං
ණය කාරයෝ මග රැකලා මා එනතුරු ගෙදර බලං

මගෙ නෑයන් හට විතරද අලුතින් අපි රෙදි ගත්තේ
ඔහේගෙ රට ගිය මල්ලී මොනවාද මෙහි ගෙන ආවේ
කෑම මේසේ ජාති වලට කටින් ද ඔය කුල කීවේ
ලෝක බැංකුවෙන්ද ඕයි සැර බීමට ණය දුන්නේ

කෑමක් දෙනවා නම් අද කෑමට පෙර හොඳ සිරිතකි
ඔහෙගෙ අයිය මට ගෙනාපු කමිසෙ පොඩි එකාටත් මදි
ණය ගෙවන්න සත්මසක්ම ඕටී කෙරුවත් තව මදි
මහන්සි වී ගෙදර ඇවිත් නිදහසේ ඉන්නට බැරි හැටි

අපේ මහත්තයෝ තේක බීල ඉන්න හා පුවාලු
ලබන මාසේ සිරි මාමගෙ යසිරු මල්ලී බඳිනවාලු
රට ගිය මල්ලිගෙ නෝනත් එදාට එහි වඩිනවාලු
අලුත් සාරියක් මට නැත්තං ඔයාට ලැජ්ජ වේලු

ගහෙන් වැටුනු මිනිහාටත් ගොනා ඇන්න කියනවාලු
අතමාරුවක් ගන්නට මිතුරෙකු මං හොයනවාලු
හෙට හවහට පොට් එකේදි අපි කෝමත් සෙට් වෙනවලු
අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු....