අපමන ගව් දුර මග ගෙවලා...
ලෝ දම් සසරේ හැටි කියලා...
නොපිපිම කැකුළක් පරවීලා...
නුඹ නාවත් අද අතට අපේ...
සෙනෙහෙ සිතින් අපි හිටියෙ ලයේ...
මේක තමයි ලොව උරුම අපේ...
පතමු මිනිස් බව නුඹට අයේ...
බුදුන් දෙසූ දම් කඳට සිතේ...
සෝක තැවුල් සිත් පහව යතේ...
කරන කරන දම් පිනක් අතේ...
නුඹවත් සිහිකර කරමු පුතේ...
අනන්ත සසරෙදි හමු වීලා...
ආයෙත් ඇත අප වෙන් වීලා...
ගියත් දුවේ නුඹ පර වීලා...
පතමු නිවෙන්නට සැනසීලා...