රමදාන් යනු
මුස්ලිම්වරුන්ගේ උපවාස කාලයයි. නොරට සිටින
මට රාමදාන් මාසයක මුසල්මානුවන්ගේ චර්යා රටාව ඉතා ලගින්ම අධ්‍යයනය කරන්නට අවස්ථාවක්
ලැබුණි. එය ඇරඹී දින කිහිපයක් ගතවූ පසුමුත් මෙම ලිපිය ලිවීමට අවශ්‍ය යයි මට
සිතුණි.
සෑම අවුරුද්දකම වගේ ජූනි
මස අග, නැගෙන කලාවේ පලමු සඳ දැකීමෙන් රාමදාන් උපවාසය ඇරඹේ. පුරා මාසයක් ඔවුන්
උපවාසය පවත්වාගෙන යයි. සමහරු පවසන පරිදි මෙම උපවාසයේ අරමුණ දුප්පතාගේ කුසගින්න
අනිත් අයටත් දැනෙන්නට සැලැස්වීමයි. මේ කාලය තුල ඔවුන් ඔවුනගේ දුප්පත් අයට මුදලින්
ආහාර පාන වලින් ආධාර උපකාර කරයි. තවත් අය පවසන පරිදි, යහපත් දේවල් කිරීමේ පුරුද්ද අති කිරීමට හා අයහපත්
දේවල් වලින් වැලකී සිටීම සඳහාත් උපවාසයේ යෙදීමට නියම කර ඇත්තේලු.
මෙම උපවාස කාලය තුල සෑම දිනකම උදෑසන 3.30ට උපවාසය අරඹන අතර සවස
6.30 තෙක් වතුර පොදක් වත් බීමට තහනම්. ඔවුනගේද වචන වලින් කියතොත් කෙල ගිලින්නටවත්
අවසර නැතිලු. මේ රටේ මේ කාලය තුල අපූරු නීතියක්ද ක්‍රියාත්මකවනවා. එනම් කිසිම
පුද්ගලයකුට පාරකවත් වෙලඳැසලකවත් වතුර බීමට තහනම්.
කවුරු හරි කෙනෙක් වතුර බීල අහුවුනොත් රාමසාන් අවසන් වනතෙක් ඔහුට හෝ ඇයට,
පොලිස් අත්අඩංගුවේ ඉන්නට පුලුවන්. අවශ්‍ය අයට ආහාරපාන ගෙදර ගෙනගොස් කාටවත් නොපෙනෙන
ලෙස ගැනීමට සිද්දවෙනවා. සවස 6.00 පමන වන විට ගොඩක්දෙනා ආපනශාලා වලට යන්න පටන්
ගන්නවා. සෑම ආපනශාලාවකම වගේ මුස්ලිමුන් සඳහාම විශේෂිත ආහාර බන්දේසි සුදානම් වෙනවා.
ඒ කෑම බන්දේසිය නම් වෙනදාට වඩා බොහොම සරුවට පලතුරුත් සමග සකස් කර තිබෙනවා.
කෙසේවෙතත් මුස්ලිම් නොවන අයට ආපනශාලා වලින් කෑම ලැබෙන්නේ, මුස්ලිම් අය ආහාර ගන්න
පටන් ගත්තාට පසුවයි.
ඊට පසු නැවතත් රාත්‍රී 10.00ට පමණ සුපිරි කෑම වේලක් ගන්නවා.
මේ කෑම වේලට වටලප්පම්, පලතුරු ජාති, මස් මාංශ ඇතුලු කැවිලි පෙවිලි ජාතිද නොඅඩුව
ලෑස්ති වෙනවා. අනතුරුව පාන්දර 3.00ටද තුන්වන ආහාර වේල සප්පායම් වෙනවා.
මෙම කාලය තුල වඩාත්ම අපහසුවට ලක්වන්නේ වෙනත් රටවලින් රැකියා සඳහා මෙරටට
පැමිණි මුස්ලිම් නොවන අයයි. ඒ අයට උදේටවත් දවල්ටවත් ආහාර ගැනීමට කිසිම ආපනශාලවක්
විවෘත කිරීමට අවසර නෑ. කලාතුරකින් ඉඳ හිට පාර්සල් විකුණන තැනක් තිබුනත්, ඒවයේ
සාමාන්‍ය මිල ගණන් වගේ දෙගුණයක් අය කරනවා. මොනව කරන්නද මේක මුස්ලිම් රටක්නේ. කවුරුවත්
ඉතින් අයිතිවාසිකම්, මූලික අවශ්‍යතා ඉල්ලල උද්ගෝෂණය කරන්න කෑගහන්න යන්නෙ නෑ. අපි
හැමෝම ඔවුන්ගේ රටේ, ඔවුන්ට ඕනෑ ආකාරයට, සහජීවනෙන් ජීවත් වෙනවා. අන්තිමේදි මට
දැණුනු දෙයක් තමයි, මුස්ලිම් අයට වඩා මුස්ලිම් නොවන හුඟ දෙනෙක් ඇත්තටම මේ මාසය
පුරාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දිනකට වේලක් හෝ දෙවේලක් උපවාස කරන්නට සිදුවීමයි.
.jpg)
