බෙහෝම අවිවේකී මාසයක් මේක. ලැබුණු ඉඩ කඩකින් බ්ලොග් කියවන කොට දැක්ක
මාතලන්ගේ පෝස්ටුවක්. වාරියපොළ සෙල්වා කියල. ඕං ඒකට කොමෙන්ටුවක් දානකොට මට තේරුනා
කොමෙන්ටුව දිග වැඩි වේගන එනවා කියල. ඔන්න ඉතින් හති නොබලා මේ පෝස්ටුව අන්තර්ජාල ගත
කලා. කාලයක් තිස්සෙ මේ මාතෘකාව කතා කරන්න හිතේ තිබුණට අවස්ථාවක් වෙලාවක් ලැබුනෙ නෑ
නෙව.
විහිලු තහලු වලට තියෙන්නෙ ඉතා දීර්ග ඉතිහාසයක්. කොටින්ම කියතොත් කවට කම් වලට අපේ අතීතයේ රාජ්‍ය
අනුග්‍රහයත් ලැබිල තියෙනවා. ඒ විතරක්ද රජ වාසල කවටයා කියල බොහොම ගරු සරු තණතුරු
පවා තිබුන නෙව.
ඉතින් විහුලුව නැත්නම් කවට කම් එක්ක නිතැතින්ම බැඳිච්ච
දෙයක් තමා නාරි ලාලිත්‍යය කියන්නෙ. සුද්ද සිංහලෙන් කියනව නම්, අතීතයේ සිටම කවට කම්
එක්ක ගෑණු උදවියත් සම්බන්ධ වෙලා තිබුනනේ.
කට කැඩි කලයයි ගෙනෙන්නේ...
වැරහැලි රෙද්දයි අඳින්නේ....
කොයිබද උදයම දුවන්නෙ.....
රොඩීකෙල්ල වාගේ..
මෙහෙම කීවෙ රූකාන්ත නේ.
අන්දරේ කීවෙ මෙහෙම..
කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන
ලොට තන් දෙකක් ගෙරි සමකින් වසා ගෙන
තඹත් ලෝකඩත් දෙවගේ පැලඳගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන
එහෙමයි කියල ඉතින්
කාන්තාවන් කියන්නෙ විහුලුවට ලක්වන දෙයක් කියල වැරදි අර්ථ කතන දෙන්ට උවමනා නෑ.
ඉතින් මෙහෙම විහිලු තහලු කරද්දි දුක් වුණ කේන්ති ගිය ගෑණු
උදවිය ඒ කාලෙත් හිටිය නොවැ.
බොහොම හොඳට රන්කම් කළ
වැඩක් වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක් වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක් වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක් වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක් වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි
රජ බිසවට
මේහෙම කරවිල වැල කීව කියල බිසව හොඳටෝම ඇඬුවලු.
හැබැයි ඉතින් මේ කවිය කියපු අන්දරේට බිසවුන් දැ අත උස්සන්න ගියේ නෑ.
රජතුමාට කියල ආයෙ සැනසිලි කවියක් අන්දරේගෙ කටින් කියව ගත්තලු.
කොහොඹ හොඳ
දේට වෙදවරු ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති බණින්නා
මම්වද වරදකරු අහකින් සිටින්නා
කරවිල අම පලක් ලෙස ගෙන උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති බණින්නා
මම්වද වරදකරු අහකින් සිටින්නා
රාජ ඌශ්නෙ තියෙන බිසවුන්දැලටත් විහිලු තහලු කෙරුව නම්, අනේ
අපේ වාරියපොළ නංගිට මොන ඌශ්නෙද කියලත් කෙනෙකුට හිතෙන්ට පිලිවන්. රජ බිසවුන්ට
විතරක් යැ, අල වර්ගයක් උගුල්ලපු ගමේ ගොඩේ
ගැටිස්සියන්ටත් විහිලු කොලා නෙව.
පතුල ගසා
අල උගුලන කලට ලියේ
මකුල සේම
වත සුලඟට යාය ලියේ
මුකුලු
සිනා අප දැක කෝඩු කාරියේ
කැකුලු තන
තෙමෙයි නොබසින් ගැඹුරු දියේ
තමන්ගෙම
බිරින්දැටත් උන්දැ මෙහෙම කියල තියෙනව නෙව
ඉස දෙස
බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස
බැලීමි රන් කඳ වැන්න ආරනා
තන දෙස
බැලිමි රන් කුඹු වැන්න එල්ලෙනා
ලිය දෙස
බැලිමි සූරිය වැන්න පායනා
උන්දැට වස්
වැදෙයි හිතල ආයෙ මෙහෙමත් කීවලු
ඉස දෙස
බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස
බැලීමි හෙරළිය වැන්න මෝරනා
තන දෙස
බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි
වැඳිරිය වැන්න දලුකනා
අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
පැංචාවියක් දිය කෙලිනා සැටි දුටිමී
පිපුනු මලක් නම් තලලා මිස නොයමී
කැකුලු මල නිසා නොතලා යන්ට යමී
මේ විදියට විහිලු කරාපු
එකට කෙල්ල දුන්නු උත්තරේ මෙහෙමයිලු.
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරේ හිමි වුයෙ දුකමය අපට
පිපුනු මලක් නම් නොදෙනෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට
අද කාන්තා හිංසනය ගැන
ගොඩක් අය කතා කරනවා. අද කාලෙ බැඳපු ගෑනියෙකුටවත් පාරෙ බැහැල යන්න බැහැලු. ඇයි අද
විතරද මේ එදා..
අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිමද නගෝ
සැමියා නැති ගමන් තනි මග කිමද නගෝ
අම්බලමේ ටිකක් නැවතී යමුද නගෝ
කෙල්ලත් ඇරියෙ නෑ
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
වසා ගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා
අපේ තොටගමුවේ ශ්‍රී රාහුල
හාමුදුරුවොත් ගැහැණු අඟ පසඟ වැණුව නෙව. (වැණුව කීවෙ වර්ණනා කොලා කියන එකට ඈ.)
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටින
නිසි පුළුලු කුල රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන
මෙව්ව කටපාඩම් කොරාගෙන
විභාග වලත් ලියනව. කෝ බොල එකෙක් වත් රාහුල හාමුදුරුවන්ට බැන්නද? අද මේ කවිය
බස්ටෑන්ඩ් එකක කොලුකුරුට්ටෙක් හයියෙන් පාඩම් කරමින් හිටියොත් මොකක් වෙයිද?
(වාරියපොළ සිටෑන්ඩ් එක නෙමෙයි ඕං ඈ.)
වෙසඟන තුඟු තන යුග රොන් කොකුමගර
පිස එන මද පවන් හැද විල් ලිහිණි සර
ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැග සිටු උදාහිර
වෙසඟනන් නොහොත් වෛශ්‍යාවන්
ගැනත් කියල තියෙන්නෙ ඔය. දැන් උදේ පාන්දරක පාරෙ කෙල්ලෙක් යන වෙලාවක කොල්ලෙක් මේ
කවිය පාඩම් කර කර හිටියොත්??
සපුමල් යොහොඹු ලා බැඳ වරල
මනහර
පැහැදුල් දොඹ කැකුලළු හර
කර ලා තනග
රොනවුල් නා කුසුම් කනලා
කඩොල් රඟ
දහවල් උයන් කෙළි කෙලැ
සළෙලුන් සමග
ඉතින් මේ වගේ කාන්තා අඟ
පසඟ විහිලුවට වගේම වර්ණනාවට ලක්කළ අවස්ථා එමටයි. ඒ කාලේ කාන්තාවන් වෙන මොක නැතත්
ලෝක ස්වභාවය දැනගෙන උන්න. උන් පිරිමි හදන්න වත් පිරිමි එක්ක පැටලෙන්නවත් ගියේ නෑ
මෙව්වට. (මෙතන පිරිමි කීවෙ සමස්ත පිරිමි සමාජයයි.)
හැබැයි එදාට වඩා අද මේ
විහිලුවල වෙනසක් තියෙනවා. ඒවගේම අද ගෑණුන්ගේ ඇඳුමෙ පැලඳුමෙත් විශාල වෙනසක්
තියෙනවා. අද ගෑණු අඳින්නෙ රාගය රතිය ඇවිස්සෙන විලාසිතා. එහෙමයි කියල එහෙන් මෙහෙන්
අතපතගාන විහිලු තහලු අනුමත කරන්න බෑ. ඒත් ඉතින් රට වටකර වැට බැන්දත් කට වටකර බඳින්ට පුලුවනෑ වැට?
ගෙදර වත්තෙ තියෙන ගස් කැපුවම ලිඳත්
හිඳිල පෑවිල්ලට රස්නෙ ඉන්න බෑ කියල අහසට බැනල වැඩක් තියෙනවයැ. ආන් ඒවගේ ලෝකෙ
තියෙනවා ස්වභාවයක්. ඒක අපට නීති දාල වලක්වන්න බැ. නාරි දේහ ලාලිත්‍යයට පිරිමින්ගෙ
රාගය ඇවිස්සෙන එක ලෝක ස්වභාවය. (ඒකෙ අනිත් පැත්තත් එහෙම්මමයි.) ඒ බව දැනගෙන
තමුන්ගෙ වහගන්න ඕන මොනවද කියල තමුන්ලම තීරණය කරනව හොඳයි. ඔය සමහර ඇඳුම් නිර්මාණ
ශිලිපියො වගෙම සමහර ගෑණු උදවියත් විලාසිතා කියල හිතන් ඉන්නෙ තමුන්නෙ ඇඟේ හැඩය
පෙන්නන එකනේ. ඉතින් ඔය නාරි දේහයේ වක් වෙච්ච, උල් වෙච්ච, ඉලිප්පිච්ච, නැමිච්ච හැඩ
තල බලල රාගය අවුස්ස ගන්නෙ නැතිව අනිත්‍යය මෙනෙහි කරන්න කියලද පිරිමින්ට කියන්නෙ.
භාහිර බලපෑම් වලින් සිදුවන කාන්තා
හිංසනය පිටු දකින්න නම් කාන්තාවො මුල් වෙලා පලමුවෙන්ම මේ ගැන තමතමුන්ට තේරුම්
බේරුම් කරගන්න ඕන. මොකද මේ කාන්තා හිංසන වලට උත්ප්‍රේරක සපයන්නෙ කාන්තාවොම නිසා. (මේක
කියවන දකින අන්තවාදියෙකුට මැදුම් පිලිවෙත හොයා ගන්න බැරිව, “ඕකනේ අපි කියන්නෙ ගෑණු
උදවිය මූන වැහෙන බුර්කාවෙන් සහ දෙපතුල දක්වා වැහෙන ඇඳුමෙන් වහල තියන්න ඕන කියල”, කෑ ගහන්න පුලුවන්. ඒ උන්දැලට කියන්න තියෙන්නෙ ගැහැණු කියන්නෙ හිසේ
ඉඳන් දෙපතුල දක්වා පෙරවල තම්බ තම්බ තියන්න ඕන දෙයක් නෙවි, ස්වභාව සෞන්දර්යය විඳින
ගමන් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන දෙයක් කියලයි.)
බුදු හාමුදුරුවොත් මෙහෙණි සස්න
පිහිටුවෙ මෙහෙණින් වහන්සේලාට කොච්චර පොරොන්දු නීති රීති දාලද. අද බලන්න ඔය කාන්තා
හිංසනය ගැන දොඩවන ගැහැණු උදවිය පන්සලට යන්නෙ කොහොමද කියල. ඔව් ගොඩක් අය අද පන්සල්
යන්නෙ සුදු පාටින් දෙදණ වැහෙන්න දෙඋර වැහෙන්න ඇඳල. හප්පේ පිං පාට. ඒත් ඒ උදවියම
පාරෙ යද්දි යන්නෙ කොහොමද? කොටට හිරට පලල, ඇඟේ තියෙන හැඩතල විතරක් නෙමේ, සමහර අඟ
පසඟත් පෙන්නගෙන. ඉතින් මේ අය විශ්වාස කරනවද පන්සලේ ඉන්න බණ භාවනා කෙසේ වෙතත් හිත
යම් තරමකට සන්සුන් කර ගත්ත හාමුදුරුවන්ට වඩා පාරෙ තොටේ බස් ස්ටෑන්ඩ් වල ඉන්න
කොල්ලො හිත දමනය කරගත්තු රහතුන් කියල. (සෝවාන් උත්තමයන්ටත් කාම රාගී සිතුවිලි,
බැඳිම් තියෙනවලු.)
2012 මව්බිමට
ලිපියක් ලියන වාසනා සුරංගිකා විතානගේ මෙහෙම කියනව..
“අපි දැනගන්න ඕන මල අපේ නම්, අපිට වටිනවා නම් පරිස්සම් කරගන්න. කොයි ලෝකෙන් හරි පියඹගෙන
ඇවිල්ලා රෝස මලේ පැණි ටික උරාගෙන ගිහින් වද බැඳගන්න මී මැස්සට සල්ලාලයා, වනචරයා කියලා බනින එක වැරැදියි. සුවඳ
හැමුවේ නැතුව පාඩුවේ කඩදාසි මලක් වගේ හිටියා නම් බඹරුන්ට සල්ලාලයෝ නොවී ඉන්න
තිබුණා. ස්ත්‍රියක් හරියට මලක් වගේ. ඕනවට වඩා සුවඳ හමන්න ගත්තොත් බඹරු එන්න ඉඩ
තියෙනවා.
සමහරුන්ට කාන්තාව කියන්නේ වීදුරු බඩුවක්, තවත් සමහරුන්ට සෙල්ලම් බඩුවක්, ගොඩක් වෙලාවට මායාකාර විලාසිතා විජ්ජාව නිසා කාන්තාව රති බඩුවක් බවටත් පත්වෙලා.... මෙහෙම කියනකොටම අපිව පහු කරගෙන ගියේ යාන්තමට, වැහෙන්න ඕනම ටික විතරක් වහගෙන කකුල් දෙකේ හැම රෝම කූපයකටම අවට සිරි නරඹන්න නිදහස දුන්න උසම උස යුවතියක්. මොකට කියනවාද අපේ එහාපැත්තේ අසුන්ගෙන හිටපු වයසක සීයා ගේ අඩවන් දෑසුත් විදුලි කෙටුවා වගේ වේගයෙන් මහත් වෙනවා අපි දැක්කා.
ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලානේ ගොඩේ සිංහලෙන්. ඒ කෙල්ල විලාසිතා විජ්ජාවෙන් අහිංසක කොල්ලෝ රංචුවක්ම පිටිපස්සෙන් ගෙන්නව ගත්තා. අඳුන ගන්නවත් බැරි තරම් ලස්සනට හදලා තියෙන කිරිඟරුඩ ප්‍රතිමාවක් අතගාලා බලන්න හිතෙන එකට වඩා ප්‍රශ්නේ එහෙම නොහිතුණොත්නේ. එහෙම අතගාලා බලන්න හිතෙන තරමටම ශරීර අවයවත් ඉස්මතු කරන විලාසිතා විජ්ජාකාරයෝ අන්තිමට සේරම චෝදනා කරලා පිරිමි පාර්ශ්වයටම දමලා ගහන එක අන්තිම අසාධාරණයි. ඒක හරියට සීනි බෝතලේ ඇරලා තියලා ඒකට වැටෙන කූඹින්ට බනිනවා වගේ වැඩක්.”
සමහරුන්ට කාන්තාව කියන්නේ වීදුරු බඩුවක්, තවත් සමහරුන්ට සෙල්ලම් බඩුවක්, ගොඩක් වෙලාවට මායාකාර විලාසිතා විජ්ජාව නිසා කාන්තාව රති බඩුවක් බවටත් පත්වෙලා.... මෙහෙම කියනකොටම අපිව පහු කරගෙන ගියේ යාන්තමට, වැහෙන්න ඕනම ටික විතරක් වහගෙන කකුල් දෙකේ හැම රෝම කූපයකටම අවට සිරි නරඹන්න නිදහස දුන්න උසම උස යුවතියක්. මොකට කියනවාද අපේ එහාපැත්තේ අසුන්ගෙන හිටපු වයසක සීයා ගේ අඩවන් දෑසුත් විදුලි කෙටුවා වගේ වේගයෙන් මහත් වෙනවා අපි දැක්කා.
ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලානේ ගොඩේ සිංහලෙන්. ඒ කෙල්ල විලාසිතා විජ්ජාවෙන් අහිංසක කොල්ලෝ රංචුවක්ම පිටිපස්සෙන් ගෙන්නව ගත්තා. අඳුන ගන්නවත් බැරි තරම් ලස්සනට හදලා තියෙන කිරිඟරුඩ ප්‍රතිමාවක් අතගාලා බලන්න හිතෙන එකට වඩා ප්‍රශ්නේ එහෙම නොහිතුණොත්නේ. එහෙම අතගාලා බලන්න හිතෙන තරමටම ශරීර අවයවත් ඉස්මතු කරන විලාසිතා විජ්ජාකාරයෝ අන්තිමට සේරම චෝදනා කරලා පිරිමි පාර්ශ්වයටම දමලා ගහන එක අන්තිම අසාධාරණයි. ඒක හරියට සීනි බෝතලේ ඇරලා තියලා ඒකට වැටෙන කූඹින්ට බනිනවා වගේ වැඩක්.”
මේ ලෝකෙ කැරකෙනකම් පාරවල් වල
බස්ටෑන්ඩ් වල රහතුන් විතරක් ඉඳීවි කියල විශ්වාස කරන්න එපා. අන්ධයා අනිත් අයට තමාව
පේන්න ලාම්පුව අල්ලන් යනව වගේ, නංගිලා අක්කලා නැන්දලා, ඔයාලත් මනු සිත් වල තියෙන
රාගය නොඇවිස්සෙන සුලු වස්ත්‍රයක් ඇඳන් යන්න. ගැහැණු සමාජයක් හැටියට පූර්වා දර්ශයක්
ඔයාලගෙන්ම පටන් ගන්න. ලෝකස්වභාව තේරුම් ගත්ත නම් අනිත් යෙහෙලියන්වත් දැනුම්වත්
කරන්න. ඊට පස්සෙ අපිට පුලුවන් ඔයාලගෙ එහෙන් මෙහෙන් අල්ලන අඩම් තේට්ටම් කරන මානසික
රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර කරන්න. (මානසික රෝගීන්ට ලෙඩේ සනීප වෙන්න නම් ඒකට ගැලපෙන
හොඳ පරිසරයක් තියෙන්න ඕන.)
මොක වුනත් මේවෙලාවේ අපේ ඩෙස්මන් ද සිල්වා
උන්නැහේ හිටයනම් මං යනව තෙලිජ්ජ කැටේකුත් ඇරන් උන්දැලාගෙ ගෙදර බයිල කියන්න. ඕං
එහෙනම් අහගන්නකො ඈ...
කන්ද වගේ කොණ්ඩෙ උඩට බඳිනවා...
අර හට්ටි මුට්ටි කලගෙඩි වගෙ පේනවා..
සාරිය බාගෙට ඇඟ පත පේනවා.
කොට උඩ යනකොට මට දුක හිතෙනවා...
රාජකීය ගමන අතේ නෑ සතේ..
කෙල්ලො යන්නේ දැන් කාලෙ හිතුමතේ..
ආදරයයි කරුණාවයි නෑ හිතේ..
අවසානෙදි එල්ලෙන්නෙ ලණු පොටේ.
ප.ලි. - ඔෆිස් එකේදි මේකට පිංතූර හොයන්න ගිහින්, තව පොඩ්ඩෙන් ෂරියා නීතිය මටත් ක්‍රියාත්මක වෙනවා. ඔය පිංතූර ටික මදෑ.
අනේ මේවට මොනා කියන්නද මන්ද..
ReplyDeleteමම නං මේ ඇත්තටම කියන්නෙ... දවසම වැඩ කරල බස් එහෙකට නඟින්න පාරට බහින්නෙ ඉක්මණට ගෙදරට යා ගන්න.. සමහර වෙලාවට ඔලුව පුපුරන්න කැක්කුමයි ... මොන ඇඳුම ඇඳගෙන ගියත් බස් එකේදි ඇඟට එන මිනිස්සු ඕනෙ තරං ඉන්නව... අන්න එවුන්ට නං බස් එකෙන් බිමට වැටෙන්න ගහන්න හිතෙන වෙලාවල් අනන්තයි... ඒත් ටිකක් ඉවසල ... මේ තමුසෙ තමුසෙගෙ අත පය තමුසෙ ගාව තියා ගන්නවද ... නැත්තං හොම්බ කට සමතලා වෙන්න ගුටි කනවද ... කියල ඇහුවම අත පය අකුලගෙන යන නිසා උන් ගුටි කනව අඩුයි...
මමනම් හිතන්නේ ඔය බස් වල සිද්ද වෙන හුටපට ඔක්කොටම යම් විදිහකට බලපාන්නේ ඕනවට වඩා තියෙන සෙනග තදබදේ. අපගේ පොදු ප්‍රවාහන සේවය මීට වඩා හොඳ විදිමත් පිළිවෙලකට ගෙනයනවනම් පෞද්ගලික බස් පවා මුදල් හම්බ කිරීම විතරක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක නොවී තම සේවයේ ගුණාත්මක බව ගැන හිතනවනම් මේ වගේ සිද්ධි අඩුකරගන්න පුළුවන් කියන එක. බස් වල සෙනග පැටවිල්ලට ප්‍රමිතියක් ඇතිකරගන්නේ නැතුව කාන්තාවන් යක්ෂාවේස වෙන්න ගියොත් පොඩි දේටත් කාන්තාවන්ටම වෙන්නේ ඔය ඇඟට ගොඩවෙනවයි කියන මිනිස්සුන්ගෙන් වෙන හානියටත් වැඩිය බරපතල හානිකර දෙයක්.
Deleteසෙනඟ පැටවිල්ලෙ කතාව ඇත්ත... ඒත් ඔය මං කිව්ව දේ විඳින්න ලැබුනොත් තේරෙයි කොච්චර අපහසුතාවයක්ද කියල... අනිත් එක සෙනඟ තදබදේ නැති බස් වලත් ඔය දේවල් වෙනව... සීට් එකක ඉඳගත්තම වෙන දේවල් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.. මෙන්න මේ පෝස්ට් එක කියෝලා බලන්නකො කමෙන්ට් ටිකත් එක්ක...
Deleteසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry .....
අජිත් කුමාරත් කියන්නෙ ඇත්ත. හිරු කියන්නෙත් සහතික ඇත්ත. ඒත් අපි ජීවත් වෙන්නෙ විෂම සමාජයක. මේ විෂම සමාජය අධම කර ගත්තෙ අපිම නෙවේද? මේව නැති කරන්න කාන්තාවො මුල් වෙන්න ඕන තමා. හැබැයි හේකුව නැතිකරන්නත් කටයුතු කරන්න ඕන. කාන්තා නිරුවත, සිරුර අද කොයි තරම් ලාභ විදියට මාධ්‍ය වල විකිණෙනවද? මුලින්ම අන්න ඒක නැති කරන්න ඕන. එහෙම නැතිව කාන්තා හිංසනය නවතනු කියල බෝඩ් ලෑලි එල්ලන් කෑ ගැහුවට වත් නීති රීති ගෙනාවටවත් වැඩක් නෑ. නීති ගෙනාවත් මේ දේවල් අප්රසිද්ධියේ සුලභව වෙන්න පුලුවන්.
Deleteහිරූ.. "මොන ඇඳුම ඇඳගෙන ගියත් බස් එකේදි ඇඟට එන මිනිස්සු ඕනෙ තරං ඉන්නව... අන්න එවුන්ට නං බස් එකෙන් බිමට වැටෙන්න ගහන්න හිතෙන වෙලාවල් අනන්තයි"
Deleteමෙතෙනදි තනි තනිව හිතන්න එපා. ඔයා කොච්චර හොඳට ඇඳගෙන ගියත්, හැම කාන්තාවක්ම එහෙම නෑ නේ. සමහර විට ඔයාට කලින් ගිය ගෑණුකෙනා නිසා, එහෙමත් නැතිනම් පහුගිය ටිකේ රූපවාහිනි වල දැකපු කියපුව නිසා හිත පාලනය කර ගන්න බැරි මිනිහෙක් ඒ සෙරම ඔයා පිටින් යැව්ව වෙන්න පුලුවන්. මේක මේ අද ඊයෙ, මේ මොහොතෙ උන් හිටි ගමන් ඇතිවුන දෙයක් නෙමේ.
ගමේ ඉඳල නගරෙට ඇවිත් බස්වල රූපවාහිනි වල නානා ප්‍රකාර සරාගී දර්ශන දැකල ආයෙ ගමට යන හිත පාලනය කර ගන්න බැරි කෙනෙකුට ගමේ ලඳක් කොච්චර හොඳට ඇඳ පැලඳ ගෙන ඉස්සරහට ආවත්, ලද අවස්ථාවෙන් නරුම සිතිවිලි පහල වෙලා ක්‍රියාත්මක වෙන්න පුලුවන්. මේ ප්‍රශ්නෙට සමාජයක් හැටියට පිලියම් හොයනව මිසක් තනි තනිව පිලියම් හොයල වැඩක් නෑ
හිරු කියන කතාවත් ඇත්ත.අජිත් කුමාර කියන කතාවත් ඇත්ත.මේ සිද්ධිය ටිකක් වෙනස්ලු නේද?ඒ කොල්ල කලේ අහිංසක විහිලුවක්ලු.ඒක කියන්නෙ කෙල්ලමයි.
Deleteකෙල්ල ඒක ඇගට අරන් පැය බාගයක් ගහපු එකයි මෙතන සිද්ධිය.
කෙල්ල මැරයොත් එක්ක ඇවිත් චන්ඩිපාට් දාල.මේ වාරියපොල මට මොකුත් කියන්න කෙනෙක් නෑ.කොල්ලො මා එක්ක තරහයි ඒත් උන් බයයි.
බලන්න මේ වාක්‍ය දිහා.මේවා සාමාන්‍ය කෙල්ලෙක් කියන ඒවද
මම හිතන්නෙ ඔතනින් සෙල්වටත් ගෑනු ලමයටත් වඩා ලොකු ගානක් මීඩියා කාරයො හොයාගත්තා..එයාලගේ නිවුස් එකක ඇඩ් එකක් ලක්ෂ ගානක් වෙනවා..ඉතිං ඒ නිවුස් හොද තැනකට ගන්න මේ නිවුස් එකේ සුලමුලු හේතු වුනා..
ReplyDeleteමේ දෙන්නටම සිද්දියෙන් පස්සෙ ප්‍රකාශ නිකුත් නොකර නිකං ඉන්න තිබුනා නම් ඒක මාර ගති.. මේ වගේ කුනු හොයාගෙන යන මාධ්‍යකාරයින්ට ප්‍රකාශ නොදී ඉන්න ජනතාව බුද්ධිමත් වෙනවා නම් හොදයි..පොඩි සිද්දියක් මහා විසාල කරන්නෙ මාද්‍ය කාරයො..
ස්තූතියි චතුරංග ඇවිත් ගියාට. හැබෑටම වෙන මොකවත්ම නැද්ද මේ ගැන කියන්න. මං කියන්නෙ ඔය වාරියපොළ කෙහෙල්මල ගැන නෙවෙයි, "විහිලුව සහ කාන්තා හිංසනය ගැන"
Deleteඑතනදී අහම්බෙන් හරී ඕක වීඩියෝ නොවුනනම් මේ සිද්දීයත් තවත් එක සිද්දීයක් විතරක්ම තමයි.. අන්තර්ජාලේ හන්දා මේක සෑහෙන්න දුර ගියා..
ReplyDeleteස්තූතියි දිනේෂ්, වාරියපොළ සිද්ධිය පැත්තකින් තියමු. "විහිලුව සහ කාන්තා හිංසනය ගැන" මොනවද හිතෙන්නෙ
Deleteකවි ටිකම මදෑ...
ReplyDeleteස්තූතියි දේශක. හැබෑටම වෙන මොකවත්ම නැද්ද මේ ගැන කියන්න. මං කියන්නෙ ඔය වාරියපොළ කෙහෙල්මල ගැන නෙවෙයි, "විහිලුව සහ කාන්තා හිංසනය ගැන"
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකැමරා ජoගම දුරකතන මානගෙන
ReplyDeleteවටේට ඉදන් හොදහැටි බලාගෙන
මුහුණු පොතට දාලා දුන්න
ප්‍රසිද්ධියට තුති පුදනවා ඔන්න
ස්තූතියි කුමාරසිරිටත් වාඩියට ගොඩවුනාට.
Deleteමාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස ඉස්මතු කරපු කාරණයක් පමණයි , අනික කාන්තාව දෙස සාහිත්‍යමය ඇසකින් බැලීම සහ සල්ලාල ඇසකින් බැලීම කියන්නේ කාරණා දෙකක් නේ
ReplyDeleteමාධ්‍ය අනවශ්‍ය ලෙස ඉස්මතු කරපු බව හැබෑව ඉවාන්. ඒත් අයි මේ තරම් සල්ලාලයො අද වැඩි වෙලා තියෙන්නෙ. අද සල්ලාල කම නිකම් කොලු කමක් කියල ඉවතදාන තරමට ඒක සාමාන්‍යකරණය වෙලා. මේ කාරණය සිද්ධියක් දෙකක් අරං විස්තර කරල අමතක කරලදාන එක අපේ බොහෝ අයගෙ සිරිත වෙලා.
Deleteඔබ ඔය කියන සාහිත්‍යයට හෙටඳයි කියන වචන අමුණන්නෙත් රාගය කාමය හැඟෙන දැනෙන මිනිසුන්මයි. ඒ ඔවුන්ට ඒ විදියට හිතල කියල ඉවසන්න පුලුවන් නිසා. ඒත් අද කොලු කුරුට්ටන්ට ඔය සාහිත්‍ය කවිටකම ඉවසන්න බැරි වෙනස් හැඟීමකින්, අරුතකින් දැනෙනවා. ඇයි මේ?
විහිලුව කිසිම අවුලක් නෑ මචං මට..ඒත් ඒක හිංසනයක් වෙන මායිමෙන් එහාට යනවනම් එතන විහිලුවක් නෑ බොසා... අනික අපි දන් නෑනෙ අනිත් පුද්ගලයා මොන මානසික තත්වයෙ ඉන්නවද කියලා
ReplyDeleteමචං මේ හිංසනය ඇයි අද වැඩි වෙලා තියෙන්නෙ. මොනවද ඒකට තියෙන පිලියම්.
Deleteකෙල්ලො කොල්ලො උනාම විහිළුවක් නොකරනවන්.. උන් කෙල්ලො කොල්ලො නෙමෙයිනේ.. කොටින්ම මිනිස්සු නෙමෙයි..
ReplyDeleteමාතලන්ට Reply එකකුත් එක්කම මගේ අදහස දාන්නම්.කොල්ලො-කෙල්ලො,කොල්ලො-කොල්ලො,කෙල්ලො -කෙල්ලො වුනාම විහිලු කරනව තමයි.ඒත් මෙතනදි පුරස්නේ වෙන්නෙ නොදන්නා කෙනෙකුට විහිලු කරන්න ගියාමයි. විශේෂෙන්ම කොල්ලන්ට ලැබිලා තියන විහිලු ලයිසන් එකෙන් ප්‍රයෝජන අරන් කෙල්ලන්ට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ අසැබි වදන්. ඒවාට කැමති කෙල්ලොත් ඇති.නමුත් ගොඩක් අය අකමැතියි.මේක ආත්ම ගෞරවය ගැන පුරස්නයක් අප්පා.
Deleteඊළඟට ඇඳුම් කතාව.ඕගොල්ල දැකල තියනවාද නිරුවත් ගෝත්‍රිකයො.උන් දකින දකින ගෑනුන්ව දූෂණය කර කර ඉන්නව ඇති නේද.ඒ අතින් බලපුවාම අපි තමයි ගෝත්‍රිකයො.මට නම් පේන්නෙ කාන්තා හින්සනයට රුකුලක් වෙන්නෙ ඇඳුමට වඩා මේ ආකල්පය.
ගැහැනුන්ට නිරුවතින් යාම කරනවානම් එය නිවැරදියි මෙයින් අදහස් නොකෙරේ.පරෙ බැහැල ගැහැනු බැලුවම් ඔය කියන විදිහට නිරුවත පෙන්නගෙන යන්නෙ අල්පයයි.ඒකත් සමහර නාගරීක ප්‍රදේශවල පමණයි වැඩි පිරිසක්.නමුත් හින්සනය ඇඳුමට සමපාත වෙනව කියල හිතනවනම් ඒක දන්නේ උඩ ඉන්න දෙයියො ආ.. වැරදුනා ගෑනුම තමා.
තවත් මනුස්සයෙකුගෙ නිදහසට ආත්ම ගෞරවයට තමන් හානි කරනවාද නැද්ද තීරනය වන්නෙ තමන් හිතන විදියට.නමුත් පන්සිල්වත් රැකගන්න පුලුවන් විදියට මිනිස්සුන්ගේ මනස හදන්න බැරි වුන පූජක පක්ෂයේ පටන් සමහර අය බලන්නේ හිත හදන්න නෙවේ රෙද්ද හදන්න.
ස්තූතියි චූටි වාඩියට ආවට.
Delete"ඕගොල්ල දැකල තියනවාද නිරුවත් ගෝත්‍රිකයො.උන් දකින දකින ගෑනුන්ව දූෂණය කර කර ඉන්නව ඇති නේද." - ඇයි ඔයා අහල නැද්ද අපෙත් ඉස්සර උඩුකය නිරුවත් ගැහැණු හිටපු කාලයක් තිබුන. ඒකාලෙත් ඔයවගේ හැම තැනම ගෑනු අතවර වලට ලක්වුනේනෑ නේ.
"හින්සනයට රුකුලක් වෙන්නෙ ඇඳුමට වඩා මේ ආකල්පය" - ඉතින් ඔය කියන ආකල්ප කාලෙන් කාලෙට සාපේකෂයි නේද. දෙවුර දෙදණ වැහෙන්න ඇඳුම් ශිෂ්ඨයි කියල සම්මතයක් හැදුනට පස්සෙ ඒකට සාපේක්ෂව තමයි අශිෂ්ඨ කමයි වල්කමයි අර්ථ නිරූපනය වන්නෙ. ඉතින් ඔයා ඔය කියන අඩ නිරුවත හෝ සම්පූර්න නිරුවත හොඳයි ශිෂඨයි කියල සම්මතය හැදුනු දාට ඔක සාමාන්‍යකරණය වෙයි.
"නිරුවත පෙන්නගෙන යන්නෙ අල්පයයි.ඒකත් සමහර නාගරීක ප්‍රදේශවල පමණයි වැඩි පිරිසක්" - ඔයා දැකල තියෙන්නෙ නාගරික ප්‍රෙද්ශ වල විතරද. ඒක කොහොම වෙතත් අද ඉලෙක්ට්‍රොනික මාධ්‍යයත් එක්ක මේව නගරබදයි ගම්බදයි වෙන වෙනම පැතිරෙන්නෙ නෑ. රූපවාහිනී වෙළඳ දැන්වීම්, නාට්‍ය10ක් බැලුවම කීයක නම් ඕව එමට තියෙනවද.
"සමහර අය බලන්නේ හිත හදන්න නෙවේ රෙද්ද හදන්න" - පන්සලට දෙවුර දෙදණ වැහෙන ඇඳුම් අඳින්නෙ ඇයි. එතන ඉන්න අයගෙ හිත නොසන්සුන් වෙන හින්දා. සිල් බිඳෙන හන්දා. හිත සම්පූර්ණයෙන් මෙල්ල කරපු රහතුන් විතරක් සමාජයේ ඉන්නවනම් බැරියැ. ඔය හාමුදුරු ගොල්ල තම තමන්ගෙ හිත පරිස්සම් කර ගන්න කියල ගෑණු ටික අඩ නිරුවතින් නැතිනම් සම්පූර්ණ නිරුවතින් පන්සල් ගොහින් බුදුන් වැඳල හිත නිවාගෙන එන්නකෝ බලන්න.
කොහොමද නිකන් වෙසක් දාට හරි පෙසොන් දාට හරි අඩ නිරුවත් එහෙම නැත්නම් නාරි දේහයේ හැඩතල පෙන්නන විලාසිතා වලින් සැරසිලා සුදු මල් පුජා වට්ටි අරං සාදු සාදු සා..දු කිය කියා පෙරහැරේ ගියාම. ඇයි ඉතින් තමන් කැමති ඇඳුමක් අඳින්න නිදහස තියෙනවනේ. බලා ඉන්න එවුන් තම තමන්ගේ හිත් පරිස්සම් කොර ගනී.
ඔයාගේ අදහස් පල කිරීමේ අන්තිම චේද දෙකේ මන් කිව්ව එක පටලවගෙන අයියා.මන් කිව්වෙ ; "නමුත් පන්සිල්වත් රැකගන්න පුලුවන් විදියට මිනිස්සුන්ගේ මනස හදන්න බැරි වුන පූජක පක්ෂයේ පටන් සමහර අය බලන්නේ හිත හදන්න නෙවේ රෙද්ද හදන්න"කියලා.අයියෝ ඒකෙන් අදහස් කරන්නේ පන්සල් යාමක් ගැන නොවෙයි.
Deleteමිනිස්සුන්ගේ හිත නැත්නම් ආධ්‍යාත්මය ගොඩාක් හදන කෙනෙක්නේ පූජක පිරිස.ඉතින් බෞද්ධනම් පන්සිල්,වෙනත් ආගමක් නම් ඒ සම්භන්ධ ආධ්‍යාත්මික හරයන් හුරුකරවන එක නෙගටිව් වෙලා කියලයි මන් කිව්වේ.ඒක පොසිටිව් කරගන්න උත්සාහ කළොත් කාලෙන් කාලෙට ඇඳුමත් එක්ක සාපේක්ෂ වෙන චින්තනයකට වඩා එහාගිය නිරපේක්ෂව අන් අයටත් ගරු කරන ආකල්පයක් හදන්න පුලුවන් වේවි.නමුත් ඒක නෙවී කරන්නෙ රෙද්දක එල්ලිලා ඉන්න එකයි කරන්නෙ කියලායි මන් කිව්වේ.ඊට වැඩිය නම් මට කියන්න තේරෙන්නෙ නැහැ.
ඔයා තාමත් එක කෝණයකින් පමණයි බලන්නෙ කියලයි මට හිතෙන්නෙ. මං ඉදිරිපත් කලේ තර්කයක්. දෙවුර දෙදණ වැහෙන්න ඇඳල පන්සල් යනව නම් හාමුදුරුවන්ගෙ හරි සැදැහැවතුන්ගෙ හරි සිල් බිඳෙයි කියල හිතල, පාරෙ තොටේ බස්ටෑන්ඩ් වල ඉන්න අයගෙ සීලය නැතිනම් හිත මෙල්ලකරගනීවි කියල හිතලද අඩනිරුවත් නැතිනම් ශරීර හැඩතල උලුප්පන් පාරෙ යන්නෙ. ඕකෙම අනිත් පැත්ත, පාරෙ ඉන්න කොල්ලො කුරුට්ටො එව්ව දැකල වචනයක්වත් විහිලුවක් වත් කියන්නෙ නැතුව බිම බලාගෙන යනව නම්, පන්සලටත් අඩනිරුවත් විලාසිතා ඇන්දට මක් වෙනවයි.
Deleteඅනික ආකල්ප කියන එක කටපාඩම් කරන්න දීලවත් නීතිරිති දාලවත් හදන්න පුලුවන් දෙයක් නෙමේ චූටි. ඒක හදන්න සාමාජයම කැප වෙන්න ඕන. හොඳයි ශිශ්ඨයි කියන දේවල් මොනවද කියල පුලුල් මතයක් ඇති කරන්න ඕන. ආන්න ඒ මතයට සාපේක්ෂව තමයි සාමාජමය ආකල්ප මෙහෙය වන්න හසුරුවන් ඕන.
ඔයාගෙ වචන වලින් රෙද්දත් මගේ වචන වලින් වස්තරයත් කියන්නෙ මේ ආකල්ප හොඳට හෝ නරකට වර්ධනය වෙන පරිසරයේ ප්‍රධාන සාධකයක් කියලයි මං හිතන්නෙ. ඔය වස්තරෙට එක එක නිර්මාණාත්මක දේවල් කරල තමයි විලාසිතා මවන්නෙ. ඒ නිර්මාණ සාමාජයේ හොඳට වගේම නරකටත් යෙදෙන්න පුලුවන්. හරියට පරමාණුක බෝම්බය වගේ. හොඳයි කියන දේට හොඳයි කියන ආකල්පෙට විතරක් ඕක යොදා ගත්තනම් කිසි කෙනෙක් ඕකෙන් මැරෙන්නෙ නෑනේද?
නිකං ඉන්න වෙලාවක මේකට විරුද්ධවයි එකඟවයි තර්ක කරල බලන්නකෝ. නැවතත් සුතූතියි ඔයාගෙ අදහස් අවංකව කීවට.
ඔයා හරි වෙන්නත් මම වැරදි වෙන්නත් පුලුවන්. ඒකෙ අනික් පැත්ත වෙන්නත් පුලුවන්. ඒත් සංවාදයකින් පුලුල් කතිකාවකකින් මේව තේරුම් බේරුම් කරල අර කියපු සමාජමය මතවාදය ගොඩ නගන්න ඕන.
විහිලුවට කියල කරන දේවල් දැන් දරුණු හිංසනය දක්වා දුරදිග ගිහිං.මෙව්වා සාමාන්‍ය කොලුකම ඉක්මවා ගිය දේවල් බව ඉතා පැහැදිලියි.වාරියපොළ සිද්ධියෙත් එළියට නොපෙනෙන පැත්තක් තියෙනව අපි දකින්නෙ මාධ්‍ය වලින් කියන දේ විතරයි.මාධ්‍ය කියන්නෙ ඒ අයට අවශ්‍ය දේ මිසක සම්පූර්ණ සිද්ධිය නොවෙයි.
ReplyDeleteකොහොම උනත් අර කවි ටික නං අපුරුයි හොඳට රස වින්දා.
ස්තූතියි හැලපයියේ. මාධ්‍යය තමයි ගම කන්නෙ.
Deleteමධ්‍යස්ත විදියට ප්‍රශ්නෙ බැලුවොත් ඒ කොල්ල නරක දෙයක් කියල නෑ.හුඟක් දෙනෙක් කියන්නෙ මෙච්චර ගහපු එක වැරදියි කියල.ලක්බිම මවුවරු හා දියණියෝ කියන අන්තවාදී ස්ත්‍රීවාදී එන්ජීඕ එක මේ පහරදීම සාධාරණීකරනය කළා.ස්ත්‍රීවාදී එන්ජීඕ වල ඉන්නෙ වෛරී සහගත අය බව මෙයින් පේනව.
ReplyDeleteමම මීට පෙර කාන්තා ප්‍රශ්න ගැන කාන්තාවන්ගෙ දෘෂ්ටියෙන් බලල කොමෙන්ට් කරපු කෙනෙක්.මේ සිද්ධිය දිහා වෙනස් ව බලමු.මොකද මේ කොල්ල කළායැයි කෙල්ල කියන විහිලුව නරක එකක් නොවන නිසා.ඒකට එච්චර ගහන්න බෑ.
විහිලුව "නංගි හැමතැනම හිල් නේද කියන එක".
ඒ විහිලුව කරපු එකත් වැරදියි.ඌට ඒක අදාල නෑනෙ.අනික කෙල්ලෙකුට විහිලුකරන්න ඕන සමාජ තත්වය බලල.සැප වාහනේක ආපු කෙල්ලෙකුට මොනවහරි කීව නම් කොල්ලව මෙලහකට මරල.
මෙතන අතවරයක් නෑ.කෙල්ලන්ට විහිළුකරන්නෙ නැතිව නාකි ගෑනුන්ට විහිලු කරන්නද.හැබැයි ස්ත්‍රීවාදීන් වාර්ගික මාදිලියේ වෛරය වැපිරීමක් කරනවනම් ඒකත් අපට කමක් නෑ.ඒකෙ ප්‍රතිපල සමාජය භුක්ති විදීවි.
ස්තූතියි ඇනෝ වාඩියට ගොඩ වුනාට. මං වාරියපොළ සිද්ධිය ගැන නොම් කතා කලේ. මේ වගේ සිද්දි දාමයටම අදාල සමස්ත හේතුව මොකද්ද කියල හොයන්නයි උතසාහ කලේ.
Deleteහිකිස්... දැන් කාලේ ඉතින් විහිලු වලටත් ඇස් රතු වෙනවනේ..
ReplyDeleteබොහොම ස්තූතියි සිහින, වාඩියට ගොඩ වුනාට, ආයෙත් එන්නකෝ.
Deleteමේ සේරම විහිළුවට ගන්න හදන්නේ පිරිමින්ගේ කාම පිස්සුව හරි කියල කියන්න නේද? ඔය ටික දැන්කාලේ බුද්ධිමත් කාන්තා පරපුර තේරුම්ගෙන ඉවරයි. තවත් ඔය විහිළු කතා වලට ඉඩ නෑ. සම්ප්‍රදායික මෝඩ ගෑනු තමයි මේ විහිළු වලට කැමති.
ReplyDelete"පිරිමින්ගේ කාම පිස්සුව හරි කියල කියන්න නේද?" - පිස්සුවක් නම් කොහොමද හරි වෙන්නෙ නේද? හැබැයි ඉතිං ඒක තමයි ලෝක ස්වභාව. ඒ පිස්සුව නැති වෙන්න නම් ලෝකෙ කැරකෙන එක නවතින්න ඕන. ඔය කියන කාම පිසසුව ගැහැණුන්ටත් හරි හරියට තියෙනවා. වෙනස ඉතින් පිරිමි ඕව හත්පොලේ ගාගන්න යන්නෙ නැති එක විතරයි. වනිතා හඬ අද පරපුරේ ගැහැණු ළමයින් ගැන දන්නෙ නෑ මයෙ හිතේ. ලංකාවෙම කොච්චර නම් උදාහරණ තියේද. විහිලුව ඉතින් හිංසනයක් වෙන තරමට යන එක නම් එකෙන්ම වැරදියි තමා.
ReplyDeleteඒක කොහොම වෙතත්, ඔය ඇස් රතුවෙන විහිලුවලට කාන්තා හිංසනය නවතාපියව් කියල බෝඩ් ලෑලි උස්සන් හිටියටවත් නඩු දැම්මටවත් නවත්තන්න බැරි වෙයි. තමුන්නේ හිතවත් දමනය කරගන්න බැරිව අපි කොහොමද අනුන්නේ හිත් පාලනය කරන්නෙ.
ලෝකෙ කැරකෙන්න පටන් ගත්ත කාලෙ ඉඳලම කාන්තාවකට අනන්‍ය කාන්තාවක් කියල කටපුරා වටිනාකමක් තියෙන හැසිරීම් රටාවක් ලෝකස්වභාවයේ තියෙනව නෙව. පුලුවන් නම් ආන් ඒ ලෝකස්වභාව වෙනස් කරල පෙන්නන්නකෝ. මෙව්වට ඉතින් විශාකා සිටු දියණියගේ වගේම මෙහෙණි සස්න පිහිටුවපු සිද්ධි දක්වා කරුණු නම් ඕන තරම් පෙන්නුවෑකි. තමුන්ලම හිතල තීරණය කරන්නකෝ ලෝකෙ මිනිස්සුන්ට හිතෙන, දැනෙන විදිය වෙනස් කරන්න පුලුවන්ද කියල.
අර මං කීවට කාන්තාවක් වෙච්චි වාසනා සුරංගිකාගෙ ලිපියත් කියවල හිටියනම්.
මේ ලෝකෙ හැමෝම අඩු වැඩි වශයෙන් පිස්සො තමයි වනිතා. අහන දකින දැනෙන, කොටින්ම කීවොත් පංචේන්ද්‍රියට පරිසරයෙන් දැනෙන විදිය අනුව එක එක අයගෙ පිස්සු අඩු වැඩි වෙන්න පුලුවන් මේ උන් හිටි ගමන්. කාම පිස්සුව වැඩි වෙන එකනම් අවිවාදයෙන්ම කොයි කාටත් හොඳ නෑ. බොහෝම ස්තූතියි වාඩියට ගොඩවෙලා අවංක අදහස් ප්‍රකාශ කලාට.
This comment has been removed by the author.
ReplyDeleteඅගේ ඇති ලිපියක් තෙලිදිය. මෙකේ කමෙන්ට් කරපු බොහේ දෙනක්ට ඔයා පිළිතුරැ කමෙන්ට් දාලා අහලා තියෙනවා විහිලුව සහ කාන්තා හිංසනය ගැන මොකද්ද කියන්නේ කියලා නේද? මම හිතන්නේ එතනම තියෙනවා ලොකු කතාවක්. කාන්තාවන්ට විහිලු කිරීම කියන්නේ ඒ කාන්තාව හිංසනයට ලක් කිරීම නෙවෙයි. කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලුවක් කරනවා කියන්නේ පිළිගන්න පුලුවන් දෙයක්. ඒකනේ ස්වභාවය. සමහර වෙලාවට කෙල්ලොම පවා තනියෙන් ඉන්න කොල්ලන්ව බයිට් කරන අවස්ථාවන් තියෙන්නේ. ඒත සීමාව ඉක්මවලා ගිහින් කාන්තාවකගේ හිරි ඔතප් බිඳින, ඒ කාන්තාවගේ අභිමානයට හානි කරන විහිලුවක් වෙනවානම් ඒක කාන්තා හිංසනය. ඒක මේ සමාජයෙ කාන්තා පිරිමි දෙපාර්ශවයම එකතුවෙලා පිටු දකින්න ඕන ව්‍යසනයක්.
ReplyDeleteබොහෝම ස්තූතියි දිලිනි. මේ විහිලුව සහ හිංසනය එක්ක කාලෙන් කාලෙට බැඳිච්ච ඉතා සියුම් එහෙත් තීරණාත්මක සාධක කීපයක් තියෙනවා කියල මට හිතෙනවා. අන්න ඒවා සොයල කතිකාවක් ඇතිකරල පිරිහිලා තියෙන සමාජ ආකල්ප යාවත් කාලීන කිරීමයි මගේ උත්සාහය වුනේ.
ReplyDeleteමටත් හිතෙන්නේ මාධ්‍ය ඇතැම් විට ලබා දෙන ප්‍රචාරනය යෝග්‍ය නෑ කියලා. කොහොම වුනත් ඇස් රතුවෙන විහිළු හොඳ නෑනේ..
ReplyDeleteමාධ්‍යය තමයි ගොඩක් වෙලාවට ගම කන්නෙ. ස්තූතියි තුෂානිට ඔයාගෙ 50 වෙනි පාටිය අතරතුරේ මේ පැත්තට ගොඩ වුනාට.
Deleteඔය කියල තියෙන්නේ යස අගේට කියන්න ඕන සේරම අඩු වැඩි නැතිව ලෙසටම...
ReplyDeleteස්තූතියි විභීෂණ, තෙලිදිය වාඩිය පැත්තට ගොඩ වුනාට. ඔය හතර පස් පොලකින් ඈඳගෙන මොනව හරි සප්පායම් වුනානම්.
Deleteකෙටියෙන් කියන්නම් 👈 ෆට්ට 👍
ReplyDelete